Author: VNews

යුක්‍රේන අධෛර්යමත් කිරීමේ උත්සහයක් ලෙස රුසියාව ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් සැලසුම් කර ඇති බව යුක්‍රේන ජනාධිපතිවරයා පවසනවා. ඔහු පැවසු වේ ඉරානයේ නිෂ්පාදිත ශහේඩ් ඩ්‍රෝන යානා යොදා ගනිමින් මෙම ප්‍රහාරය දියත් කිරීමට සැලසුම් කරන බවට බුද්ධි තොරතුරු ලැබී ඇති බවයි. එමෙන්ම රුසියානු හමුදා සාමාජිකයින් විශාල පිරිසක් ඝාතනය කිරීමට පළිගැනීමක් වශයෙන් මෙම ප්‍රහාරය සැලසුම් කර ඇති බව සඳහන්. අදාළ ප්‍රහාරයේදී රුසියානු හමුදා භටයින් 63දෙනෙකු මියගොස් ඇති බව රුසියාව නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

තව කියවන්​න

විදුලි බිල වැඩිකිරීමට එරෙහිව අද දිනයේ පැවැත්වීමට නියමිතව තිබුණු විරෝධතා මාලාව කල් දැමීමට තීරණය කළ බව ලංකා විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානය පවසනවා. එහි කැදවුම්කරු රන්ජන් ජයලාල් පැවසුවේ යෝජිත විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සතියකින් කල් දැමීමට ඊයේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී තීරණය කිරීම හේතුවෙන් සිය වෘත්තීය සමිති සන්ධානය ද විරෝධතා මාලාව කල් දැමීමට තීරණය කළ බවයි. විදුලි බිල වැඩි කිරීමට එරෙහි විරෝධතා වැඩසටහනට සියලු පාර්ශව එක් කර ගැනීම සඳහා දැනටමත් සාකච්ඡා ආරම්භ කර ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

තව කියවන්​න

නව බදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් වෘත්තීයවේදීන් සහ මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා . එහිදී මේ හේතුවෙන් වෘත්තිකයින්ට මුහුණපෑමට සිදුව ඇති ගැටලු පිළිබඳව දීර්ඝ වශයෙන් අමාත්‍යවරයා දැනුවත් කිරීමට කටයුතු කළ බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා සඳහන් කළේ.

තව කියවන්​න

ඩිසල් මිල පහල දැමීමත් සමග බස් ගාස්තු අඩු කිරීම සම්බන්ධයෙන් වන තීරණය ඉදිරියේ දී ප්‍රකාශයට පත් කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසනවා. සියලු පාර්ශ්ව සමග සාකච්ඡා කර අදාළ තීරණය ප්‍රකාශයට පත් කිරීමට දින 02 ක් පමණ ගත වනු ඇති බවයි ඔහු කියා සිටියේ . මේ සම්බන්ධයෙන් ජාතික ගමනාගමන කොමිසමේ අධ්‍යක්ෂ ජනාරාල් නිලාන් මිරෙන්ඩෝ පැවසුවේ ගාස්තු සංශෝධනය කිරීමේ හකියව පිළිබද අධ්‍යයනය කරමින් පවතින බවයි.

තව කියවන්​න

ඉන්දීය මධ්‍යම රජය මඟින් රුපියල් 1000 සහ 500 යේ මුදල් නෝට්ටු භාවිතයෙන් ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා . අදාළ තීරණය එරට ශේෂ්ඨාධිකරණය විසින් ද අනුමත කර ඇති බවයි වාර්තා වන්නේ . 2016 වසරේදී මෙම තීරණය ගනු ලැබුවේ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් කළු සල්ලි භාවිතය වැළැක්වීමට සහ විද්‍යුත් මුදල් හුවමාරුව ප්‍රවර්ධනය කිරීම සඳහායි. කෙසේ වෙතත් ශේෂ්ඨාධිකරණය හමුවේ ඊට විරුද්ධව පෙත්සම් 58ක් ගොනුකෙරුණු අතර එහි තීන්දු ප්‍රකාශයට පත්කරමින් ඉන්දීය ශේෂ්ඨාධිකරණය අදාළ තීරණය අනුමත කර තිබෙනවා .

තව කියවන්​න

වැසි වාර කිහිපයක් අද දිනයේ  ඌව පළාතෙත් මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරනවා . දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් පවතින්නේ වැසි රහිත කාලගුණ තත්ත්වයක් . නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල් තුහින ඇතිවීමේ හැකියාවක් ද පවතන බව එම දෙපාර්තමේන්තුව දැනුම් දී තිබෙනවා . මිට අමතරව දිවයිනවටා වන මුහුදු ප්‍රදේශවල ද ප්‍රධාන වශයෙන් පවතින්නේ වැසි රහිත කාලගුණ තත්ත්වයක් . කෙසේ වෙතත් මන්නාරම සිට පුත්තලම හරහා කොළඹ දක්වාත් මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වාත් වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 45-ක් 50ක් පමණ වැඩිවිය හැකි වනවා .

තව කියවන්​න

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන පළමු විස්සයි විස්ස තරගය අද පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ ඉන්දියාවේ වන්කඩේ ක්‍රීඩාංගනයේදී . මෙම තරගය මෙරට වේලාවෙන් රාත්‍රී 7.00 ට ආරම්භ වනු ඇති . මෙහිදී ඉන්දීය කණ්ඩායමට හර්දික් පාන්ඩ්යා වසින් නායකත්වය ලබා දෙනු අතර ශ්‍රී ලංකා කණ්ඩායම දසුන් ශානක විසින් මෙහෙයවනු ලබනවා .

තව කියවන්​න

විශ්‍රාමිකයන්ගේ ජිවිත සහතික ලබා ගැනීම මේ වසර වෙනුවෙන් ලබන 31 වනදා දක්වා සිදු කෙරෙන බව විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව පවසනවා. වෙන් වෙන්ව ආකෘති පත්‍ර සම්පුර්ණ කිරීම වෙනුවට ග්‍රාම නිලධාරී මට්ටමින් සියලුදෙනාට එක් ආකෘති පත්‍රයක් ඔස්සේ ජිවිත සහතික තහවුරු කිරීමයි මෙවෙර සිදු වන්නේ. විශ්‍රාම වැටුප අඛණ්ඩව සහ නිවැරදිව ලබා දීම සදහා විශ්‍රාමිකයන්ගේ පදංචිය මෙන්ම ජීවත්ව සිටින බවට තහවුරු කර ගැනීම සදහා ජිවිත සහතික ලබා ගැනීම සෑම වසරකම සිදු කෙරෙනවා. ඒ සදහා තමන් අයත් ග්‍රාම නිලධාරී කාර්යාලයට පැමිණ හැදුනුම්පත ඉදිරිපත් කර ජිවිත සහතිකය තහවුරු කිරිමේ ලේඛනයට අත්සන් තැබිය යුතු වනවා. ඇගිලි සලකුණු ලියාපදිංචි කර ඇති විශ්‍රාමිකයන්ට ඒ ඔස්සේ සිය ජිවිත සහතික ලබාදිය හැකි…

තව කියවන්​න

වෙළෙඳ පොළේ විශාල ලෙස මිල වැඩි වී ඇති බිත්තර මිල පාලනය කිරීම සඳහා බිත්තර ආනයනය කිරීමට ඊයේ රැස්වු කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබෙනවා. බිත්තර සඳහා වෙළෙඳ පොළේ ඇති වී තිබෙන තත්ත්වය පහදා දී ඇති වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා බිත්තර මිල පාලනය කිරීම සඳහා බිත්තර ආනයනය කිරීමට අවසර ඉල්ලා ඇතැයි වාර්තා වනවා. මේ අනුව ඒ සඳහා කැබිනට් මණ්ඩලය අනුමැතිය ලැබී ඇති බව සඳහන්.

තව කියවන්​න

විදුලිබිල වැඩි කිරීමේ තීරණයට එරෙහිව අද දහවල් දොළහේ සිට පස්වරු දෙක දක්වා රට පුරා සියලු විදුලි ඉංජිනේරු කාර්යාල, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි කාර්යාල සහ විදුලි බලාගාර ඉදිරිපිට විරෝධතා මාලාවක් පැවැත්වීමට ලංකා විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තිය සමිති සංධානය තීරණය කර තිබෙනවා. එහි කැඳවුම්කරු රංජන් ජයලාල් මහතා පැවසුවේ ප්‍රධාන විරෝධතා උද්ඝෝෂණය කොළඹ – කොටුව ලංකා විදුලිබල මණ්ඩල මූලස්ථානය ඉදිරිපිට දී පැවැත්වෙන බවයි. මේ අතර විදුල බිල වැඩි කිරීම සඳහා කිසිදු අවසරයක් ලබා නොදෙන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක යළි අවධාරණය කරනවා. නව වසරේ රාජකාරී ආරම්භ කිරීමේ අවස්ථාවට මහජන උපයෝගිතා කොමිසමේදී එක් වෙමින් ඔහු මේ බව කියා සිටියා. ස්වාධීන ආයතනයක් වන මහජන උපයෝගිතා…

තව කියවන්​න