Author: VNews

වහාම ක්‍රියාත්මක වන පරිදි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු කිහිපදෙනෙකුට ස්ථානමාරු වීම් සහ උසස්වීම් ලබාදී තිබෙනවා. මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ දැනුම්දීම මත රාජකාරි අවශ්‍යතාව සලකා ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය පරිදි අදාළ තනතුරුවලට පත්කිරීම් සහ ස්ථාන මාරුකිරීම් සිදුකර ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ. පොලිස් මාධ්‍ය ඒකකය විසින් නිකුත් කරන ලද අදාළ නිවේදනය පහතින් දැක්වේ.

තව කියවන්​න

කෑගල්ල දිස්ත්‍රික්කයෙන් කොවිඩ් -19 ආසාදිතයින් තිදෙනෙකු හඳුනාගෙන තිබෙනවා. අදාළ කොවිඩ් ආසාදිතයින් කෑගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල සීමාවේන් සොගෙන ඇති බවයි වාර්තා වන්නේ. මේ අතර ඊයේ දිනයේ නව කොවිඩ් -19 ආසාදිතයින් 05දෙනෙකු ද හඳුනාගෙන ඇති අතර මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 671,903ක්. එමෙන්ම ඊයේ දිනයේ කිසිදු කොවිඩ් ආසාදිත මරණක් වාර්තා වී නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා. ඒ අනුව ගෝලීය කොවිඩ් අවදානම යළි ඉහළ යාම හමුවේ ශ්‍රී ලංකාව ද ඒ පිළිබඳ අවදානයෙන් පසුවීම වැදගත් බවයි සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ.

තව කියවන්​න

සීතාවක ඔඩිසි දුම්රිය ධාවනය කිරීමට අවශ්‍ය කටයුතු කඩිනමින් සූදානම් කරමින් පවතින බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරනවා . සංචාරක කර්මාන්තය දියුණු කිරීමේ අරමුණින් යුතුවයි දුම්රිය දෙපාර්තමේන්තුව මෙම කටයුතු ක්‍රියාත්මක කරන්නේ . මෙම දුම්රිය කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට වග දුම්රිය ස්ථානය දක්වා ධාවනය කිරීමට සැලසුම් කර ඇති අතර, ගමනාන්තය දක්වා ආකර්ශනීය ස්ථානවල නතර කරනු ඇති.

තව කියවන්​න

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ දෙමළ ජාතික සන්ධානය අතර හමුවක් හෙට සිදු වීමට නියමිතව තිබෙනවා . ඒ දෙමළ ජනතාවගේ ගැටළුවලට විසඳුමක්, 13 වන සංශෝධනය මෙන්ම දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම ඇතුළු කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටයි . දෙමළ ජාතික සන්ධානයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.සම්බන්ධන්ස මහතා සහ එහි මාධ්‍ය ප්‍රකාශක, පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් මහතා අදාළ සාකච්ඡාවට එක්වන බව සඳහන්. අමාත්‍යවරුන් වන ඩග්ලස් දේවානන්ද, විජේදාස රාජපක්ෂ සහ අලි සබ්රි යන මහත්වරුන්ද මෙම අවස්තාව සදහා එක් වන බවයි වාර්තා වන්නේ .

තව කියවන්​න

අනාගත ක්‍රීඩා දිවිය සම්බන්ධයෙන් තමන් නිවැරදි තීරණයක් ගත් බව සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ පවසනවා . සවුදි අල් නසාර් ක්‍රීඩා සමාජය සමග ගිවිසුම් ගත වීමෙන් පසුවයි ඔහු මේ බව සඳහන් කළේ . එම ක්‍රීඩා සමාජයට ඊයේ දිනයේදී රොනාල්ඩෝව නිල වශයෙන් හඳුන්වා දෙනු ලැබුවා . මෙහිදී අදහස් දැක්වූ ඔහු කියා සිටියේ වර්තමානය වන විට පාපන්දු ක්‍රීඩාවේ ආධිපත්‍යය රඳවාගෙන සිටි රටවල් බොහොමයකින් එම ආධිපත්‍යයය ගිලිහී යමින් පවතින බවයි .

තව කියවන්​න

ගල් අඟුරු මෙට්‍රික් ටොන් 60,000ක් රැගත් වසරේ පළමු ගල් අඟුරු නෞකාව හෙට පුත්තලමට ළඟා වන බව ලංකා ගල් අඟුරු සමාගමේ සභාපති ෂෙහාන් සුමනසේකර මහතා ප්‍රකාශ කරනවා . සභාපතිවරයා කියා සිටියේ තවත් ගල් අඟුරු නෞකාවක් 7 වනදා හෝ 8 වනදා දිවයිනට ළඟාවීමට නියමිත ව ඇති බවයි. ඒ අනුව දිවයිනට ගල් අඟුරු නෞකා 06ක් ජනවාරි මාසයේ දී ආනයනය කිරීමට සැලසුම් කර තිබෙනවා . මේ අතර, පසුගිය දෙසැම්බර් 22 වනදා රාත්‍රියේ සිට අක්‍රීය කෙරුණු නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රය නඩත්තුවෙන් පසු එළැඹෙන 09 වනදා යළිත් ජාතික පද්ධතියට එක් කිරීමට නියමිත යි.

තව කියවන්​න

ඉරාන රාජ්‍ය විරෝධි උද්ඝෝෂණවලට සහභාගි වු තවත් පුද්ගලයින් දෙදෙනෙකුට මරණ දන්ඩනය ලබා දී ඇති බව වාර්තා වනවා. ඉරානය පුරා රාජ්‍ය විරෝධි උද්ඝෝෂණ ආරම්භ වුයේ පොලිස් අත්අඩංගුවේ සිටියදි කාන්තාවක් ජිවිතක්ෂයට පත්වීම හේතුවෙන් . විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ උද්ඝෝෂණ අතරතුරදි පොලිසිය සමග හටගත් ගැටුම්වලින් සිය ගණනක පිරිසක් ජිවිතක්ෂයට පත්ව ඇති බවයි . මේ අතර රාජ්‍ය විරෝධි උද්ඝෝෂණවලට සහභාගීවිමට වරදකරු වු පුද්ගලයින් පස් දෙනෙකුට ඉරාන බලධාරීන් මරණ දඩුවම ලබාදී තිබෙනවා.

තව කියවන්​න

බිත්තර ආනයනය කිරීමට රජය පියවර ගතහොත් එම ආනයනික බිත්තරවලට වඩා අඩුවෙන් බිත්තර අලෙවි කරන බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා. සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ භාණ්ඩාගාරික විජය අල්විස් මහතා සඳහන් කළේ ලබන පෙබරවාරි මාසය වන විට බිත්තරයක මිළ රුපියල් 50 ක් දක්වා අඩු කරන බවයි. මේ අතර සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයින්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර මහතාද මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් පල කළා. කෙසේ වෙතත් බිත්තර මිල අඛණ්ඩව ඉහළයාමත් සමඟ ඇතිවූ තත්ත්වය සම්බන්ධයෙන් වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පසුගියදා කැබිනට් මණ්ඩලයට කරුණු ඉදිරිපත් කළ අතර එහිදී බිත්තර ආනයනය කිරීම සඳහා කැබිනට් මණ්ඩලය එකගතාව පළ කර තිබුණා.

තව කියවන්​න

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි මත්පැන්, වයින්, බියර් ආදී සියලු වර්ගවල නිෂ්පාදන බද්ද සියයට විස්සකින් ඉහළ දමා තිබෙනවා. මේ අනුව විශේෂ අරක්කු බෝතලයක් සඳහා පැවති බද්ද රුපියල් 206 කින් ඉහළ නංවා ඇති අතර ඉන් අය කෙරෙන නව බද්ද රුපියල් 1,256 ක්. එමෙන්ම පොල්, තල් සහ පදම් කළ අරක්කු බෝතලයක් සඳහාද පනවා තිබු බද්ද රුපියල් 224 කින් ඉහළ දමා තිබෙනවා. දේශීයව නිෂ්පාදනය කරන විදේශීය අරක්කු බෝතලයක් සඳහා පැවති බද්ද රුපියල් 266 කින් ඉහළ දමා ඇති අතර මධ්‍යසාර ප්‍රතිශතය හතරයි දශම අටක් වන බියර් බෝතලයක බදු මුදල රුපියල් 21 කින්ද ඉහළ දැමුණා. එමෙන්ම මධ්‍යසාර ප්‍රතිශතය සියයට අටයි දශම අටක් වන…

තව කියවන්​න

පළාත් පාලන මැතිවරණය සඳහා නාම යෝජනා කැඳවීමේ නිවේදනය අද දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් වෙත නිකුත් කිරීමට නියමිතයි. මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ඒ බව සඳහන් කර තිබෙනවා. මේ අතර කඩා වැටුණු රට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් යථා තත්ත්වයට පත් කරගෙන යන අවස්ථාවේදී එකිනෙකාගේ පටු දේශපාලන අරමුණු වෙනුවෙන් නැවත රට විනාශ කිරීමට ඉඩ නොදෙන බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසනවා. විපක්ෂය කියන පරිද්දෙන් අති විශාල මුදල් ප්‍රමාණයක් මුද්‍රණය කර මෙම මොහොතේ ඡන්දයක් පැවැත්වුවහොත් ජනතාව කබලෙන් ලිපට වැටෙනු ඇතැයි ද වජිර අබෙිවර්ධන මන්ත්‍රීවරයා පෙන්වා දෙනවා. රටේ තරුණ තරුණියන් ඉල්ලා සිටි සිස්ටම් චේන්ජ් වෙනස ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා එකඟ වී…

තව කියවන්​න