Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය

    2026-08-04

    නව බස් රථ 50 ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය

    2026-08-04

    ප්‍රදේශ කිහිපයකට හෙටත් මි.මී 75 ඉක්ම වූ වැසි

    2026-08-04
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය
    • නව බස් රථ 50 ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය
    • ප්‍රදේශ කිහිපයකට හෙටත් මි.මී 75 ඉක්ම වූ වැසි
    • ජල පිරිපහදු මධ්‍යස්ථාන කිහිපයක කටයුතු තාවකාලිකව අත් හිටුවීමට පියවර
    • ආපදා හේතුවෙන් නුවරඑලියට දැඩි බලපෑම්
    • ඩෙංගු රෝගීන් 87,000 සීමාවට ආසන්න වෙයි
    • යතුරුපැදි ධාවනය සඳහා විශේෂ මංතීරුවක් හඳුන්වාදීමේ සැලසුමක්
    • පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල නිල වශයෙන් අවසන්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, අගෝස්තු 5
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » නාම යෝජනා කැඳවීමේ නිවේදනය අද

    නාම යෝජනා කැඳවීමේ නිවේදනය අද

    2023-01-04කියවීමට මිනිත්තු 2ක් ගතවේ.4 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    පළාත් පාලන මැතිවරණය සඳහා නාම යෝජනා කැඳවීමේ නිවේදනය අද දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් වෙත නිකුත් කිරීමට නියමිතයි.

    මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ඒ බව සඳහන් කර තිබෙනවා.

    මේ අතර කඩා වැටුණු රට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් යථා තත්ත්වයට පත් කරගෙන යන අවස්ථාවේදී එකිනෙකාගේ පටු දේශපාලන අරමුණු වෙනුවෙන් නැවත රට විනාශ කිරීමට ඉඩ නොදෙන බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසනවා.

    විපක්ෂය කියන පරිද්දෙන් අති විශාල මුදල් ප්‍රමාණයක් මුද්‍රණය කර මෙම මොහොතේ ඡන්දයක් පැවැත්වුවහොත් ජනතාව කබලෙන් ලිපට වැටෙනු ඇතැයි ද වජිර අබෙිවර්ධන මන්ත්‍රීවරයා පෙන්වා දෙනවා.

    රටේ තරුණ තරුණියන් ඉල්ලා සිටි සිස්ටම් චේන්ජ් වෙනස ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා එකඟ වී ඇතත්, විපක්ෂය ඊට පරිබාහිරව යමින් තවමත් පැරැණි වැඩපිළිවෙලේ සිටම කටයුතු කරමින් සිටින බවද, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබෙිවර්ධන මහතා සඳහන් කරනවා.

    සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් වජිර අබේවර්ධන මහතා මේ බව කියා සිටියා.

    මේ අතර පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමේ කටයුතු අත්හිටුවීමේ රිට් ආඥාවක් මැතිවරණ කොමිසම වෙත නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් වී තිබෙනවා.

    විශ්‍රාමික යුද්ධ හමුදා කර්නල්වරයෙකු වන ඩබ්ලිව්. එම්. ආර්. විජේසුන්දර මහතා විසින් එම පෙත්සම ගොනු කර තිබුණා.

    පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිසමේ සභාපති නීතීඥ නිමල් පුංචිහේවා මහතා ඇතුළු එහි සමාජිකයින්, අග්‍රාමාත්‍යවරයා, මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා, නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.

    කෙසේ වෙතත් පෙත්සම්කරු පවසන්නේ පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළව දැරීමට සිදුවන වියදම පිළිබඳ තමන් තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත යටතේ මැතිවරණ කොමිසමෙන් විමසීමක් කළ බවයි.

    ඒ අනුව අදාළ මැතිවරණය පැවැත්වීම සඳහා රුපියල් බිලියන 10 ක පමණ මුදලක් වැය වන බවට මැතිවරණ කොමිසම විසින් තමන්ට දැනුම් දුන්නේ බවද පෙත්සම්කරු පවසනවා.

    රටේ බරපතල ආර්ථික අර්බුදයක් පවතින අවස්ථාවක මෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් බරපතළ කොන්දේසි ද පනවා තිබෙන මෙම අවස්ථාවේ මැතිවරණයක් පැවැත්වීම සුදුසු නොවන බවට සමාජය තුළ මතයක් නිර්මාණය වී ඇති බව පෙන්වා දෙන පෙත්සම්කරු පළාත් පාලන ආයතනවල මේ වන විට සභිකයින් 8711 ක් සිටින අතර එම සංඛ්‍යාව තුනෙන් එකක් දක්වා අඩු කළ යුතු බවට සාකච්ඡාවක් මතුවී තිබෙන බවද පෙන්වා දී තිබෙනවා.

    ආශ්‍රීත පුවත්:  මැතිවරණ කොමිසම අනිද්දා යළි රැස් වෙයි

    මෙම තත්වය යටතේ පළාත් පාලන මැතිවරණය පැවැත්වීම තුළින් රටට හෝ මහජනතාවට කිසිදු යහපතක් අත් නොවන බව පෙන්වා දෙන පෙත්සම්කරු, එම මැතිවරණ කටයුතු සිදු කිරීම වැළැක්වීමේ රිට් ආඥාවක් මැතිවරණ කොමිසමට නිකුත් කරන ලෙසත් සිය පෙත්සමෙන් ඉල්ලා තිබෙනවා.

    Election Commission
    පෙර පුව​තමහෙස්ත්‍රාත් අධිකරණයට පෙත්සමක්
    ඊළඟ පුව​ත මත්පැන් නිෂ්පාදන වල බද්ද සියයට විස්සකින් ඉහළට

    සබැ​ඳි පුවත්

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය

    නව බස් රථ 50 ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය

    ප්‍රදේශ කිහිපයකට හෙටත් මි.මී 75 ඉක්ම වූ වැසි

    ජල පිරිපහදු මධ්‍යස්ථාන කිහිපයක කටයුතු තාවකාලිකව අත් හිටුවීමට පියවර

    ආපදා හේතුවෙන් නුවරඑලියට දැඩි බලපෑම්

    ඩෙංගු රෝගීන් 87,000 සීමාවට ආසන්න වෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය

    2026-08-04

    නව බස් රථ 50 ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය

    2026-08-04

    ප්‍රදේශ කිහිපයකට හෙටත් මි.මී 75 ඉක්ම වූ වැසි

    2026-08-04

    ජල පිරිපහදු මධ්‍යස්ථාන කිහිපයක කටයුතු තාවකාලිකව අත් හිටුවීමට පියවර

    2026-08-04
    ක්‍රීඩා පුවත්

    පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල නිල වශයෙන් අවසන්

    2026-08-04

    ගෝල් ගැලන්ට්ස්ට තියුණු ජයක්

    2026-08-04

    නිසල අරනේ වෙඩික්කරු අත්අඩංගුවට

    2026-08-03
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group