Author: VNews

පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා කැඳවීම ජනවාරි මාසයේදීම සිදුකරන බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරනවා. මේ අනුව පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා කැඳවීම ලබන ජනවාරි 18 වැනි බදාදා සිට ආරම්භ කරන බවයි එම කොමිසම පවසන්නේ. නාමයෝජනා කැඳවීම ලබන ජනවාරි 21 සෙනසුරාදා මධ්‍යහන 12 න් අවසන් වන බව කොමිසම වැඩිදුරටත් සඳහන් කර සිටියා. පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී, ප්‍රමාද වූ පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට කොමිසම සිය තීරණය ප්‍රකාශයට පත් කරනු ලැබුවා. එම අවස්ථාවේදී කොමිසමේ සභාපති නිමල් ජී.පුංචිහේවා මහතා කියා සිටියේ එක් එක් කොට්ඨාසය සඳහා තේරී පත්වන නියෝජිතයින් සංඛ්‍යාව පිළිබඳ ගැසට් නිවේදනය පසුගිය වසරේ දෙසැම්බර් මස 08 වැනි දින නිකුත් කරන බවයි.…

තව කියවන්​න

ලිට්‍රෝ ගෑස් සමාගම ගෑස් මිල අද මධ්‍යම රාත්‍රියේ සිට සංශෝධනය කිරීමට බලාපොරොත්තු වන බව එම ගෑස් සමාගම පවසනවා. එහිදී කිලෝ ග්‍රෑම් 12.5 ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 200 ත්, 300 ත්, අතර මිළකින් අඩු කිරීමට බලාපොරොත්තු වන බවයි එම සමාගම පෙන්වා දෙන්නේ. එම නිශ්චිත මිල අද පෙරවරුවේ ප්‍රකාශ කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ. මේ අතර කිලෝග්‍රෑම් පහ සහ කිලෝ ග්‍රෑම් 2.3 ක බරින් යුත් ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල ගණන් ද අද අඩු කිරිමට නියමිතව තිබෙනවා.

තව කියවන්​න

පළාත් පාලන මැතිවරණයේ කිසිදු ඡන්ද කටයුත්තකට තමන් සහභාගී නොවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දැනුම් දී තිබෙනවා. මේ අනුව ජනාධිපතිවරයා විසින් ඊයේ පස්වරුවේ නිල වශයෙන් මේ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය වෙත දන්වා ඇතැයිද සඳහන්. එහිදී වැඩිදුරටත් ජනාධිපතිවරයා පවසා ඇත්තේ තමන්ට වරමක් ලැබී ඇත්තේ ඡන්ද පැවැත්වීමට නොව රට වැටී තිබෙන අගාධයෙන් වසර දෙකක් ඇතුළත ගොඩ ගැනීමට බවයි. එම වරමින් පිටතට ගොස් ක්‍රියා කිරීමට තමා සුදානම් නොමැති බවත්, ඒ පිළිබඳ එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයින්ට දැනුම් දී ඇති බවත්, ජනාධිපතිවරයා වැඩිදුරටත් දන්වා ඇති බවයි වාර්තා වන්නේ.

තව කියවන්​න

සිය රටවල පවතින එක් පාපන්දු ක්‍රීඩාංගනයක් අභාවප්‍රාප්ත ලොව සුපිරි පාපන්දු ක්‍රීඩකයා වූ බ්‍රසීල ජාතික පේලේ නමින් නම් කරන ලෙස සෑම රටකින්ම ඉල්ලා සිටීමට සිය සම්මේලනය තීරණය කර ඇති බව ලෝක පාපන්දු සම්මේලනය (ෆීෆා) සභාපති ජියන්නි ඉන්ෆන්ටිනෝ පවසයි. සිය උපන් නගරය වන බ්‍රසීලයේ සැන්ටොස් නගරයේදී ඊයේ(03) අවසන් ගමන් ගිය පේලේ වෙනෙුවෙන් පැවැති අනුස්මරණ උත්සවයකට සහභාගි වෙමින් ලෝක පාපන්දු සම්මේලනයේ සභාපතිවරයා මේ බව පවසා තිබෙනවා. ග්‍රිනිච් මධ්‍යහ්න වේලාවෙන් ඊයේ (03) දහවල් 12ට පමණ බ්‍රසීලයේ සැන්ටොස් නගරයේ පිහිටි ලොව උසම සුසාන භූමියේදී මිහිදන් කෙරුණු පේලේගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා ඔහුගේ දේහය තැන්පත් කර තිබූ සැන්ටොස් නගරයේ පිහිටි විලා බෙල්මයිරෝ ක්‍රීඩාංගණය වෙත බ්‍රසීලයේ…

තව කියවන්​න

තමාගේ කීර්ති නාමයට හානි වන ලෙස සමාජ මාධ්‍ය හරහා වීඩියෝවක් මුදාහැර ඇති බවට ගායන ශිල්පිනී කේ. සුජිවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන ඒ්කකයට පැමිණිල්ලක් කර ඇති බවට වාර්තා වනවා. පසුගිය දෙසැම්බර් 31 වැනිදා ගාලු මුවදොර පැවැති සංගීත ප්‍රසංගයේ ගීත ගැයීමට කේ. සූජිවා යමින් සිටි අවස්ථාවේදී රිය අනතුරක් සිදුව ඇති අතර එහි වීඩියෝ අන්තර්ජාලයට අනතුරේ අනෙක් පාර්ශ්වය විසින් මුදා හැර තිබෙනවා. අනතුර සිදු වූ අවස්ථාවේදී තමා මත්පැන් පානය කර සිටි බවට වන චෝදනාව සම්බන්ධයෙන්ද කේ. සූජිවා අදහස් දක්වා තිබෙනවා. ඇය පවසන්නේ තමන් කිසිදු දිනක මත්පැන් බී නැති බවත් බොන්නෙද නැති බවත්ය. “මම කවදාවත් බොන්නේ නැහැ. බීලා හිටියා නම් පොලිසියට පුළුවන්…

තව කියවන්​න

වයස අවුරුදු 18 දක්වා සෑම දරුවෙකුම ගණිතය ඉගෙන ගත යුතු බවට වූ තීරණයක් ගෙන තිබෙනවා. ඒ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂි සුනක්ගේ අධයාපන ප්‍රතිසංස්කරණ යෝජනාවට අනුවයි. බලයට පත්වීමෙන් පසු අධ්‍යාපනය පිළිබඳ ඔහුගේ පළමු ප්‍රධාන මැදිහත්වීම මෙය වන අතර ‘අනාගතයේ  රැකියා’ සඳහා තරුණ තරුණියන් සන්නද්ධ කිරීම සහතික කිරීම අගමැතිවරයාගේ අරමුණ වී තිබෙනවා. වින්චෙස්ටර් විද්‍යාලයේ බෝඩිම් ජීවිතය පිළිබඳ අත්දැකීම් සිහිපත් කරමින් අගමැතිවරයා සඳහන් කළේ  “….මට ජීවිතයේ ලැබුණු සෑම අවස්ථාවක්ම ආරම්භ වූයේ මා ලැබීමට තරම් වාසනාවන්ත වූ අධ්‍යාපනයෙන්…” 2010 වසරේ සිට හඳුන්වා දුන් ප්‍රතිසංස්කරණ හමුවේ ඇදහිය නොහැකි ප්‍රගතියක් ලබා ඇති බව එරට මාධ්‍ය වාර්තා කළා.

තව කියවන්​න

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මොහොමඩ් නජීම් මොහොමඩ් ඉම්රාන් හෙවත් කංජිපානි ඉම්රාන් නමැත්තා ඉන්දියාවට පළා යාම හේතුවෙන් ඔහුගේ ඇපකරුවන්ට අධිකරණයේ පෙනී සිටින ලෙසට දන්වා තිබෙනවා. කංජිපානි ඉම්රාන් ඇප මත මුදාහැර සිටියා. ඔහු වෙනුවෙන් ඇපකරුවන් ලෙසින් ඉදිරිපත්ව සිටියේ ඔහුගේ මව, සහෝදරයා සහ තවත් පුද්ගලයෙකි. ඝාතන ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ බවට චෝදනා ලද සිටි කංජිපානි පසුගිය දෙසැම්බර් 20 වැනිදා රුපියල් ලක්ෂ පනහක ශරීර ඇප මත මුදාහැරුණා. ඔහු එලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් මුදා හැරුණේ විදෙස් ගමන් තහනමක්ද සමගින්. කෙසේ වෙතත් ඊට දවස් පහකට පසු කංජිපානි ඉම්රාන් ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ රාමේෂ්වරම් වෙත පැමිණි ඇති බවට ඉන්දීය බුද්ධි අංශ අනාවරණ කළා. අධිකරණ නියෝගයට අනුව කංජිපානි සෑම…

තව කියවන්​න

කොළඹ – කතරගම ගාලු පාර හරහා ධාවනය කෙරෙන අර්ධ සුඛෝපභෝගී බස් රථ සේවාව නතර කිරීමට පියවර ගෙන තිබෙනවා. ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කියා සිටියේ එම බස් රථ සේවාව අද(04) මධ්‍යම රාත්‍රීෙය් සිට නතර කරන බවයි. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද(04) පැවැති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව කියා සිටියා. කෙසේ වෙතත් කොළඹ – කතරගම අතර සාමාන්‍ය සහ සුඛෝපභෝගි බස් රථ සාමාන්‍ය ලෙස ධාවනය වන බවද අමාත්‍යවරයා කියා සිටියා. ඒ අනුව අර්ධ සුඛෝපභෝගී බස් රථ වෙනුවෙන් අය කළ රුපියල් 1541ක ගාස්තුව රුපියල් 1117ක් දක්වා අඩුවන බවද අමාත්‍යවරයා මාධ්‍ය හමුවේදී කියා සිටියා. මේ සම්බන්ධයෙන් ජාතික ගමනාගමන කොමිසන් සභාව සමග එකඟතාවයකට…

තව කියවන්​න

බලපත්‍ර නොමැතිව රට පුරා ගුවන් ටිකට් පත් අලෙවි කරන පිරිසක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණයවී තිබෙනවා. එබැවින් ඒ පිලිබඳ අවධානයෙන් කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය මහජනතාවගෙන් ඉල්ලීමක් කරණවා. එසේම එවන් නියෝජිත ආයතන වෙතින් ගුවන් ටිකට් ටිකට්පත් මිලදී ගැනීමෙන් වලකින ලෙස එම අධිකාරිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා. එසේම එවැනි ආයතන සම්බන්ධයෙන් ආසන්නතම පොලිස් ස්ථානයට දැනුම් දිය හැකි බවයි එම අධිකාරිය ප්‍රකාශ කළේ. සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් නිකුත් කරනු ලබන බලපත්‍රය කැපී පෙනෙන අයුරින් ප්‍රදර්ශනය කර නොමැති ඕනෑම ගුවන් ටිකට් පත් අලෙවි නියෝජිත ආයතනයක් සමඟ ගුවන් ටිකට්පත් මිලදී ගැනීමට අදාළ කිසිදු ගනදෙනුවක් නොකරන ලෙස අධිකාරිය ජනතාවට වැඩිදුරටත් දැනුම් දෙනවා.

තව කියවන්​න

ව්‍යාජ දළදා මාළිගාවක් නිර්මාණය කොට ගොඩනැගීම සහ ශ්‍රී දළදා මාළිගාවට අපහාස වන ආකාරයේ ප්‍රකාශ නිකුත් කිරීම සම්බන්ධයෙන් මල්වතු – අස්ගිරි මහනාහිමිවරුන් සහ දළදා මාළිගාවේ දියවඩන නිළමේවරයා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. කුරුණෑගල, වදාකඩ පාර, පොතුහැර යන ප්‍රදේශයේ ජානක සේනාධිපති යන අයෙකු විසින් “ව්‍යාජ දළදා මාළිගාවක්” නිර්මාණය කොට ඉදිකරමින් පවතින බවටයි මල්වතු – අස්ගිරි මහ නාහිමිවරුන් විසින් පැමිණිලි කර තිබෙන්නේ. එමෙන්ම මෙම ස්ථානයට දැනටමත් දේශීය සහ විදේශීයව ගිහි පැවිදි බොහෝ දෙනා මිථයාවට රැවටී මිල මුදල් මෙන්ම රන් ආදිය පරිත්‍යාග කොට ඇති බවද ජනපතිවරයාට කර ඇති පැමිණිල්ලේ ඳසහන්. මේ අතර බෞද්ධ ජනතාවගේ සිත් පෑරෙන ආකාරයෙන් සේපාල් අමරසිංහ…

තව කියවන්​න