Author: VNews

පළමු වරට ඉන්දියාවේ දී දෙරට අතර ක්‍රිකට් තරගාවලියක් ජය ගැනීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට ඊයේ රාත්‍රියේ අහිමි වුණා . ඒ දෙරට අතර පැවැති තරග 3කින් යුත් පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලිය තරග 2-1 ක් ලෙස ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වීම හේතුවෙන් . ඒ අනුව එම තරගය ඉන්දියාව ලකුණු 91 කින් ජය ගනු ලැබුවා . රාජ්කොට්හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව කඩුලු 5 ක් දැවී රැස් කල ලකුණු සංඛාව 228 ක් . එහිදී සූර්යකුමාර් යාදව් පන්දු 51 කින් නොදැවී ලකුණු 112 ක් රැස් කිරීම විශේෂත්වයක් . ඔහුගේ ඉනිමට හයේ පහර 9 ක් හා හතරේ පහර 7ක් ඇතුලත් වුණා…

තව කියවන්​න

යළිත් වරක් ජනතාවට දරාගත නොහැකි අයුරින් විදුලි ගාස්තු ඉහළ නැංවීමේ රජයේ උත්සාහයට විරෝධය පළ කිරීම සඳහා අද දිනයේ විශේෂ ක්‍රියා මාර්ගයක් ගන්නා බව ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් පවසනවා . මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් උන් වහන්සේ ජනතාවගෙන් ඉල්ලා සිටියේ, මෙලෙස විදුලි ගාස්තු ඉහළ නැංවීමේ රජයේ උත්සාහයට විරෝධය පළ කිරීම සඳහා අද පස්වරු 6.30 සිට රාත්‍රී 7.00 දක්වා කාලයේ විදුලි පහන් නිවා දමන ලෙසයි . මේ අතර, විදුලි ගාස්තු නැවත ඉහළ නැංවීමට සූදානම් වීමට එරෙහිව 69 ලක්ෂයක මහජන අත්සන් ගැනීමේ පෙත්සමට අදාළ කටයුතු ඊයේ සිදුකෙරුණේ මහරගම සති පොළ ඉදිරිපිටයි

තව කියවන්​න

විදුලි බිල වැඩි කිරීම සදහා පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙන එම සිදු කළහොත් එය පරාජය කිරීමට තම උපරිම සහයෝගය ලබා දෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා පවසනවා .. ඔහු මේ බව පැවසුවේ ඊයේ පස්වරුවේ කොළඹ පැවතී මාධ්‍ය හමුවකට එක් වෙමින් . ඕනෑම ආගමකට හානිවන ආකාරයේ ප්‍රකාශ නිකුත් කරන පුද්ගලයින්ට දැඩි නීති ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සහයෝගය පාර්ලිමේන්තුව තුල ලබා දෙන බවද පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා වැඩි දුරටත් කියා සිටියා .

තව කියවන්​න

කොළඹ සහ මහනුවර දිස්ත්‍රික්ක වල එක්සත් ජාතික පක්ෂයත් , ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණත් එක්ව තරග කරන කිරීමට සුදානම් වන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා පවසනවා. ඔහු මේ බව සදහන් කලේ ඊයේ කොළඹ පවතී මාධ්‍ය හමුවකට එක් වෙමින් . මැතිවරණය සදහා සමගි ජන බලවේගය තනි පක්ෂයක් වශයෙන් තරග කිරීමට බලාපොරොත්තු වන බවද මයන්ත දිසානායක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වැඩි දුරටත් කියා සිටියා .

තව කියවන්​න

ඉතා සුපරීක්ෂාකාරීව ඩිජිටල් මුදල් ඒකකයන් පිළිබඳව මේ වනවිට අධ්‍යයනය කරමින් සිටින බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවාසනවා . එය ඉදිරි ගමන වෙනස් කිරීමට හැකි තීරණාත්මක සාධකයක් වනු ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ . නවදිල්ලි නුවර පැවති ”දකුණු ආසියාවේ ප්‍රත්‍යස්ථ වර්ධනයට මාවත“ නම් සංවාදය සඳහා එක්වෙමින් මහ බැංකු අධිපතිවරයා මේ බව ප්‍රකාශ කර තිබුණා . අදාළ සංවාදය සංවිධානය කර තිබුනේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් . මේ අතර වානිජ බැංකුවලට ජනවාරි 16 වනදා සිට බලපැවැත්වෙන පරිදි සිය අතිරික්ත ද්‍රවශීලතාව නිත්‍ය තැන්පතු පහසුකම යටතේ එක්දින පදනම මත තැන්පත් කිරීමට සහ පොලිය උපයා ගැනීමට තිබූ අවස්ථාව මාසයකට උපරිම අවස්ථා 5 ක්…

තව කියවන්​න

ලෝක ප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ඔවීඩියෝ ගුස්මන් අත්අඩංගුවට ගත් මෙහෙයුමේදී පාතාල කල්ලි සාමාජිකයන් 19 දෙනෙකු මරුමුවට පත් වූ බව මෙක්සිකෝ රජය පවසනවා. ගැටුම්වලදී ආරක්ෂක අංශ සාමාජිකයන් 10 දෙනෙකුද ජීවිතක්ෂයට පත්ව තිබුනා. මෙහෙයුමේදී ලොව විශාලතම මත්ද්‍රව්‍ය ජාවාරමේ නායකයා වන ඔවීඩියෝ ගුස්මන් සමග තවත් සැකකරුවන් 21 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවා. ආරක්ෂක අංශ වැටලීම හමුවේ ජාවාරම්කරුවන් විසින් ගුවන් යානා වලටද ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් ගුවන් ගමන් වාර 100ක් පමණ අවලංගු කිරීමට බලධාරීන් පියවර ගෙන තිබුනා.

තව කියවන්​න

අද දිනයේත් දුම්රිය ගමන් වාර කිහිපයක් අවලංගු කර තිබෙනවා. දෙපාර්තමේන්තුව පැවසුවේ හලාවත මාර්ගයේ – කැළණිවැලි මාර්ගයේ සහ ප්‍රධාන මාර්ගයේ දුම්රිය පහක් ඒ අනුව අවලංගු කර ඇති බවයි. පවතින සේවක පුරප්පාඩුව හේතුවෙන් එලෙස දුම්රිය ගමන්වාර අවලංගු කිරීමට සිදු වී ඇති බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කළා. පසුගිය දින කිහිපයේම දෛනිකව දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගු කිරීමට සිදු වුනා. මේ හේතුවෙන් කාර්යාල සේවකයින් ඇතුළු දුම්රිය මගින් රැසක් පීඩාවට පත්ව සිටිනවා.

තව කියවන්​න

විදුලි බිල වැඩි කිරීමට එරෙහි 69 ලක්ෂයේ ජනතා පෙත්සමට අත්සන් ලබා ගැනීම අද දිනයේත් සිදු කෙරෙන බව වෘත්තීය සහ සිවිල් සංගම් පවසනවා. විදුලිය පාවිච්චි කරන්නන් ගේ සංගමය සඳහන් කළේ මීරිගම සතිපොළ පරිශ්‍රයේ සහ මහරගම සතිපොළ පරිශ්‍රයේ එය අද දිනයේ ක්‍රියාත්මක බවයි. දුරුතු පොහොය යෙදුනු ඊයේ දිනයේ විහාරස්ථාන ආශ්‍රිතව බැතිමතුන්ගෙන් අත්සන් ලබා ගැනීම සිදු කෙරුනා. ඒ පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් කර තිබූ ඉල්ලීමකට අනුවයි. විදුලි බිල වැඩි කිරීමට ගෙන ඇති තීරණයට එරෙහිව හැටනව ලක්ෂයේ මහජන පෙස්සම ට අත්සන් ලබා ගැනීම ජනවාරි දෙවෙනිදා පෙරවරුවේ ඓතිහාසික කැලණිය පුදබිමෙන් ආරම්භ කෙරුනා. විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා ජනතා වෛරී ලෙස කටයුතු කරන බවත් – විදුලිය ගාස්තු…

තව කියවන්​න

ගැබිණි මව්වරුන් සඳහා රුපියල් 45,000 ක පෝෂණීය ආහාර දීමනා ව්‍යාපෘතියක් ආරම්භ කරන බව කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව රුපියල් 20,000ක්ව පැවති ගර්භණී මව්වරුන්ගේ පෝෂණ දීමනාව රුපියල් 45,000 ක් දක්වා ඉහල දමා ඇති බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ. ගර්භණී සමයේ මාස 6ක කාලයකුත්, කිරිදෙන සමයේ මාස 4කුත් ලෙස මාස 10 ක කාලයක් සඳහා ප්‍රතිලාභ හිමිවනු ඇති. මාසිකව රුපියල් 4500 බැගින් ගර්භණී මව්වරුන්ට එම පෝෂණ දීමනාව ලබාදීම සිදුකෙරෙන බව කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශය සඳහන් කළා.

තව කියවන්​න

නිර්වින්දන විශේෂඥ වෛද්‍ය හිගය හේතුවෙන් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ හෘද උරස් ඒකකයේ සැත්කම් කර ගෙන යෑමට මහත් බාධාවක් පැමිණ ඇති බව වාර්තා වනවා. රෝහල් ආරංචි මාර්ග පවසන්නේ කොටස් දෙකකින් සමන්විත මෙම ඒකකයේ සේවය කරනුයේ එක් විශේෂඥ නිර්වින්දන වෛද්‍යවරයෙකු පමණක් බවයි. මේ හේතුවෙන් විශේෂ ඝනයේ සැත්කම් සීමා කර ඇති බව සඳහන්. බයිපාස් සැත්කම් සඳහා වසර ගණනාවක සිට රෝගීන් විශාල සංඛ්‍යාවක් ලියා පදිංචි වී ඇති අතර පවතින තත්වය හමුවේ රෝගීන් පීඩාවට පත්ව ඇති බව අප වාර්තාකරු සඳහන් කළා. (මුල්කිරිගල හඳුගල ගුණරත්න)

තව කියවන්​න