Author: VNews

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය අද ගුවාහාටි හිදී ආරම්භ වනවා . මෙරට වේලාවෙන් පස්වරු 01.30 ට තරගය ආරම්භ වනු ඇති . මෙම තරගාවලියේදී ඉන්දීය කණ්ඩායම රෝහිත් ශර්මා විසින් මෙහෙයවන අතර ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය ලබා දෙන්නේ දසුන් ශානක විසිනුයි . මේ දක්වා දෙරට අතර එක්දින ජාත්‍යන්තර තරග 162 ක් පවත්වා තිබෙනවා . ඉන් තරග 93 ක් ජය ගෙන ඇත්තේ ඉන්දියාවයි . ශ්‍රී ලංකාව තරග 57 ක් ජය ගෙන තිබෙනවා . මේ අතරට විසදුමකින් තොර තරග 11 ක් ඇතුලත් වන අතර සම තත්වයේ තරගය අවසන් වූ අවස්ථාවක්ද සටහන් වනවා . කෙසේ වෙතත් මෙම තරගාවලිය සදහා…

තව කියවන්​න

බුත්තල – කතරගම මාර්ගයේ සහ උඩවලව, හබරණ ආදී වෙනත් ස්ථානවලදී වන අලින්ට ආහාර ලබා දෙන පුද්ගලයින් සහ වන අලින්ට හිංසා වන පරිදි හැසිරෙන පුද්ගලයින් අත්අඩංගුවට ගන්නා බව වනජීවී දෙපාර්තමේන්තුව පවසනවා. ඔවුන්ට එරෙහිව නඩු පැවරීමට පියවර ගන්නා ලෙස නිලධාරීන්ට උපදෙස් දී ඇති බවයි වන ජීවී අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර මහතා ප්‍රකාශ කළේ. ඔහු සදහන් කලේ , වාහනවලින් ගමන් කරන ඇතැම් පිරිස් වන අලින්ට ආහාර ලබා දීම හේතුවෙන් එම සතුන් වාහනවලින් ආහාර ලබා ගැනීමට පුරුදු වී සිටින බවයි . මේ අතර බුත්තල – කතරගම පාරේ වන අලි පහර දීම් හේතුවෙන් වාහනවලට අනතුරු වළක්වාලීම සඳහා කෙටිකාලීන වැඩපිළිවෙලක් කඩිනමින් ආරම්භ කරන ලෙස වනජීවි හා…

තව කියවන්​න

අනුරාධපුරයේ ව්‍යාපාරිකයෙකු අධි සුඛෝපභෝගි ජීප් රථ දෙකක අයිතිය තමන්ට පවරා දෙන ලෙස ඉල්ලා අධිකරණයට පෙත්සමක් ගොනුකර තිබෙනවා . මෙම රථ දෙක පරිහරණය කර ඇත්තේ හිටපු අටමස්ථානාධිපති අපවත්වී වදාළ පූජ්‍ය පල්ලේගම සිරිනිවාස හිමියන් විසින් . ඒ අනුව අදාළ නඩුවේ වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින අනුරාධපුර වත්මන් අටමස්ථානාධිපති හිමියන් ඇතුඑ භික්ෂූන් වහන්සේ තිදෙනෙකුට සහ අටමස්ථාන කාරක සභාවට පෙබරවාරි මස 8 වන දින අධිකරණය හමුවේ පෙනීි සිටින ලෙසට නියෝග කරමින් අධිකරණය සිතාසි නිකුත් නිකුත් කර ඇති බව වාර්තා වනවා . තමා වසර 19 ක කාලයක් අටමස්ථානධිපතිව සිටි පූජ්‍ය පල්ලේගම සිරිනිවාස හිමියන් ඉතා ලගින් ඇසුරු කල බවද පෙත්සම්කාර පාර්ශවය අධිකරණයට දන්වා තිබෙනවා .

තව කියවන්​න

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නව සභාපතිවරයා ලෙස ඒ.ඒ.එම්. හිල්මි මහතා ඊයේ නිල වශයෙන් රාජකාරි ආරම්භ කළා . ඔහු මිට ඉහතදී ද කාර්යාංශයේ සභාපති තනතුර දැරූ පුද්ගලයෙක් . මෙම අවස්ථාව සදහා කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ හිටපු සභාපති මහේන්ද්‍ර කුමාරසිංහ, අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයන් සහ කාර්යාංශයේ සාමාන්‍යාධිකාරී ඩී.ඩී.පී.සේනානායක යන මහත්වරුන් එක්ව සිටියා .

තව කියවන්​න

විදුලි ගාස්තු සංශෝධනය සඳහා පිරිවැය ගැලපුම් යෝජනාවලියක් වෙනුවෙන් ඉදිරිපත් වූ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය හිමි වූ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා . ඔහු මේ බව සදහන් කර ඇත්තේ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් . කෙසේ වෙතත් කැබිනට් මණ්ඩලය මේ සම්බන්ධව තීරණය කර ඇතත් විදුලි බිල යළිත් වරක් වැඩි කරන දිනය පිළිබඳ තීරණයක් ගෙන නොමැති බව වාර්තා වනවා. මේ සම්බන්ධව නුදුරු දිනකදී මහජන උපයෝගීතා කොමිසම සමඟ සාකච්ඡා කර අවසන් තීරණයකට එළැඹීමට නියමිත බවයි වාර්තා වන්නේ . මේ අතර අද දිනයේත් විදුලි කප්පාදුව සිදුකිරීම සඳහා මහජන උපයෝගීතා කොමිසමේ අවසරය ලබා දී තිබෙනවා . ඒ අනුව පැය 2යි මිනිත්තු 20ක කාලයක්…

තව කියවන්​න

මේ වන විට දේශපාලන පක්ෂ 4 ක් සහ ස්වාධින කණ්ඩායම් 10 ක් පළාත් පාලන මැතිවරණය සදහා නාම යෝජනා ලබා දී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරනවා . ඒ අනුව මෙලෙස නම යෝජනා භාර දී ඇත්තේ කොළඹ ,ගම්පහ ,ගාල්ල , කුරුනෑගල ,අම්පාර, බදුල්ල ,පුත්තලම සහ හම්බන්තොට යන දිස්ත්‍රික්ක සදහායි . මෙහිදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ කොළඹ ,කුරුනෑගල සහ පුත්තලම යන දිස්ත්‍රික්ක සදහා නාම යෝජනා භාර දී තිබෙනවා . හම්බන්තොට දිස්ත්‍රික්කය සදහා ඊයේ දිනයේදී නාම යෝජනා ලබා දීමටයි ජාතික ජන බලවේගය කටයුතු කලේ . කල්මුනේ මහ නගර සභාව සදහා පමණක් එක්සත් ජාතික නිදහස් පෙරමුණ නාම යෝජනා බාර දී තිබෙනවා .…

තව කියවන්​න

එංගලන්තය එක් වරක් පමණක් භාවිත කර ඉවත දමනු ලබන ප්ලාසිටික් හැදි , ගෑරුප්පු, පිඟන් ආදියෙහි භාවිතය තහනම් කිරීමට තීරණය කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, රටේ අනාගත පරපුරට ස්වාභාවික පරිසරය රැක දීමේ අරමුණින් තම රජය මෙම තීරණය ගෙන ඇති බවයි. සංඛ්‍යා ලේඛනවලට අනුව එක් වරක් පමණක් භාවිත කරන පිගන් බිලියන 1.1 ක් සහ බිලියන 4කට වැඩි හැඳි ගෑරුප්පු සංඛ්‍යාවක් එංගලන්තය තුළ වාර්ෂිකව පරිසරයට මුදා හැරෙනවා . පාරිසරික ලේකම්වරිය පවසන්නේ, මෙම තහනම ක්‍රියාත්මක වීමත් සමග ප්ලාස්ටික පිගන් වැනි උපකරණ ඉවත දැමීමෙන් සිදු වන පරිසර දූෂණය වළක්වා ගත හැකි බවයි .

තව කියවන්​න

හම්බන්තොට වෙරළාරක්ෂක දෙපාර්තමේන්තු කාර්යාලයේදී දෙපිරිසක් අතර ඇතිවූ ආරවුලක් සමතයකට පත් කිරීම සඳහා නාවික හමුදාව අහසට වෙඩි තබා තිබෙනවා. හම්බන්තොට මුහුදේදී ධීවර බෝට්ටු දෙකක් අනතුරට පත්වීමට අදාළ සිදුවීමක් මුල් කරගනිමින් අද උදෑසන හම්බන්තොට වෙරළ ආරක්ෂක කාර්යාලයේ නිලධාරීන් හා ධීවරයින් අතර බහින්බස්වීමක් සිදුව ඇති බව සදහන් . එහිදී දෙපිරිස අතර ගැටුමක් හට ගෙන ඇති බවයි පොලිසිය ප්‍රකාශ කලේ . එම අවස්ථවේ පිරිස විසුරුවා හැරීම සඳහා නාවික හමුදාව අහසට වෙඩි තබා තිබෙනවා.

තව කියවන්​න

ඉන්දීය හිමාචාල් ප්‍රදේශ් ප්‍රාන්තයේ ස්ථාපනය කර ඇති සිමෙන්ති නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් හදිසියේ වසා දැමීමට එරට ප්‍රමුඛ සමාගමක් වන අදානි සමාගම තීරණය කර තිබෙනවා . ඒ හේතුවෙන් එම ප්‍රදේශයේ විශාල පිරිසකට රැකියා අහිමිවී ඇති බව වාර්තා වන්නේ . ලොව තෙවැනි ධනවත්ම පුද්ගලයා වන ගෞතම් අදානි හිමිකාරීත්වය දරන අදානි සමාගම විසින් එම සිමෙන්ති කර්මාන්ත ශාලාව පසුගිය සැප්තැම්බර් මාසයේදී මිලදී ගනු ලැබුවා . කෙසේ වෙතත් ඉන් ටික කලකට පසු සිමෙන්ති ප්‍රවාහන සංගම් සහ අදානි සමාගම අතර ගාස්තුව සම්බන්ධයෙන් මතභේදයක් ද හටගෙන ඇති බව සදහන් . සමාගම පවසන්නේ ප්‍රවාහන වියදම් අධික වීම හේතුවෙන් කර්මාන්ත ශාලා වලින් පාඩු සිදුවන බවයි .

තව කියවන්​න

තම හමුදා එල්ල කළ මිසයිල ප්‍රහාරයකින් යුක්රේනයේ ක්‍රැමටෝස්ක් නගරයේ ආරක්ෂාවට සිටින හමුදා නිලධාරීන් 600කට ආසන්න පිරිසක් මියගොස් ඇති බව රුසියාව පවසනවා. කෙසේ වෙතත් යුක්රේනය එම ප්‍රකාශය ප්‍රතික්ෂේප කරනු ලැබුවා. නත්තල සහ නව වසර උදාව හේතුවෙන් රුසියාව ස්වයං සටන් විරාමයක් ප්‍රකාශයට පත් කර තිබූ අතර, පසුව ඊයේ සිට යළිත් ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කළ බවයි විදෙස් වාර්තා පවසන්නේ .

තව කියවන්​න