Author: VNews
අත්අඩංගුවට ගත් මොනරාගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ රියැදුරුගේ සේවය අත්හිටුවා තිබෙනවා. මේ අතර ගංජා සමග අත්අඩංගුවට ගත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ සේවයද අත්හිටුවීමට අවශ්‍ය නිර්දේශ ප්‍රදේශය භාර නියෝජය පොලිස්පතිවරයා පොලිස්පතිවරයා වෙත යොමු කර ඇති බව සදහන්. අත්අඩංගුවට ගැනුණු මොනරාගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා ඇතුළු 6 දෙනා ලබන 13 වැනි දා දක්වා රඳවා තබා විමර්ශනය කිරීමට අධිකරණයෙන් ඊයේ අවසර හිමි වුනා . ඒ,අදාළ සැකකරුවන් ඊයේ පස්වරුවේ මොනාරාගල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. පොලිස් විශේෂකාර්ය බලකා නිලධාරීන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ නිල නිවසේ සිවිලිමේ සඟවා තිබු ගංජා පැළ තොගයක් ද නිවස පරීක්ෂා කිරීමේදී පසුගියදා සොයා ගැනුනා . පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල්…
ලංකා විදුලි බල මණ්ඩලය ඉදිරිපිට මේ වන විට උද්ඝෝෂණයක් පැවැත්වෙනවා. ඒ විදුලි ගාස්තු ඉහළ දැමීමට එරෙහිව විරෝධය පළ කරමින්. ලංකා විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රන්ජන් ජයලාල් මහතා සඳහන් කළේ විදුලි බිල ඉහල දැමීම හේතුවෙන් ජනතාව තවදුරටත් පිඩාවට පත් වන බවයි. එමෙන්ම මේ මාසයේ සිට පිරිවැය මත විදුලි ගාස්තු ක්‍රියාත්මක කිරීමට ඊයේ කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. විදුලි කර්මාන්තය සඳහා වන පොදු ප්‍රතිපත්ති මාර්ගෝපදේශ සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පෙන්වා දෙනවා. එහි වැඩිදුරටත් දැක්වෙන්නේ 2023 ජනවාරි සිට ක්‍රියාත්මක කිරීමට නියමිත පිරිවැය පරාවර්තක විදුලි ගාස්තු…
කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට පැමිණි මගියෙකු හදිසියේ බිම ඇඳවැටී මිය ගොස් තිබෙනවා . මෙම පුද්ගලයා කටාර් රාජ්‍යයේ සිට අද අලුයම පැමිණ ඇති බවයි වාර්තා වන්නේ . ඔහු මිය ගොස් ඇත්තේ පැමිණීමේ පර්යන්තය තුළ බිම ඇඳවැටීමෙන් . අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
රාජ්‍ය බැංකුවල ATM යන්ත්‍රවලින් මුදල් සොරකම් කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් පුද්ගලයින් පස්දෙනා මෙම මස 23 වන දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඔවුන්ව රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ බද්දේගම මහේස්ත්‍රාත් අධිකරණයට ඊයේ දිනයේදී ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. අදාළ පුද්ගලයින් පස්දෙනා අතරට මීගහතැන්න පොලිස් ස්ථානයේ පොලිස් පරීක්ෂකවරයා, කැනේඩියානු සහා බල්ගේරියානු ජාතිකයින් දෙදෙනෙකු ද ඇතුලත්.
රාජ්‍ය සේවා කොමිෂන් සභාව සහ දුම්රිය බලධාරීන් අතර අද පෙරවරුවේ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබෙනවා . විශ්‍රාම ගිය දුම්රිය සේවකයින් කොන්ත්‍රාත් පදනම යටතේ යළි සේවයේ පිහිටුවීම සම්බන්ධයෙන් එම සාකච්ඡාවේදී අවධානය යොමු කිරීමට නියමිත බවයි දුම්රිය සාමාන්‍යාධිකාරී ඩබ්ලිව්.ඒ.ඩී.එස්. ගුණසිංහ මහතා පැවසුවේ රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් සේවයේ අවශ්‍යතාව මත ඔවුන්ව කොන්ත්‍රාත් පදනමෙන් යළි සේවයේ පිහිටුවීම සඳහා අනුමැතිය අද ලබා දෙනු ඇති බවට විශ්වාස කරන බවද දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා සඳහන් කළා .
නීති විද්‍යාල ප්‍රවේශ විභාගයේ ගාස්තු නීති අධ්‍යාපන සභාව විසින් ඉහළ නංවා තිබෙනවා. ඊට අදාළ ගැසට් නිවේදනය මේ වන විට නිකුත් කර ඇති අතර ඒ සඳහා අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂගේ ද එකඟත්වය ලැබී ඇති බවයි එහි දැක්වෙන්නේ. ඒ අනුව, රුපියල් 6,000ක්ව පැවති පොදු ප්‍රවේශ විභාග ගාස්තුව 9,000කින් ඉහළ නංවා ඇති අතර නව ගාස්තුව වන්නේ රුපියල් 15,000ක් බව සදහන්. මේ අතර විදේශීය නීතිවේදී උපාධිය සහිත සිසුන්ට නීති විද්‍යාලයට ඇතුළත්වීමේ ගාස්තුව රුපියල් 75,000ක් වනවා. ඊට අමතරව ප්‍රායෝගික පුහුණු පාඨමාලා ගාස්තුව, දේශන,පුස්තකාල ඇතුළු තවත් ගාස්තු රැසක් මෙමගින් ඉහළ නංවා තිබීම විශේෂත්වයක්.
ඉලොන් මස්ක් විසින් ට්විටර් සමාගමේ තවත් සේවක කප්පාදුවක් සිදුකර තිබෙනවා . විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඔහු විසින් අයර්ලන්තයේ සහ සිංගප්පුරුවේ ට්විටර් කාර්යාලවල සේවකයින් සැලකිය යුතු ප්‍රමාණයක් ඉවත් කර ඇති බවයි . ට්ව්ටර් සමාගම ඉලොන් මස්ක් විසින් පවරා ගැනීමෙන් පසු එහි 5,000ක පමණ සේවකයින් පිරිසක් මේ වන විට ඉවත් කර ඇති බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළා .
සේවක අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සඳහා වතු කම්කරුවන්ට විශේෂ නීති ගෙන එන බව කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසනවා. අදාළ නීති සම්බන්ධයෙන් අවධානය යොමුකර ඇත්තේ වතු වෘත්තීය සමිති නියෝජිතයින් සමග අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකදීයි . මෙම සාකච්චාව වතු කම්කරුවන් මෙරටට පැමිණ වසර දෙසියක් ගත වීම නිමිත්තෙන් ක්‍රියාත්මක කරනු ලබන වැඩසටහන් සම්බන්ධයෙන් පවත්වා තිබෙනවා . වතු කම්කරුවන්ට කම්කරු දෙපාර්තමේන්තුව විසින් සිංහල භාෂාවෙන් ලිපි යොමු කිරීම හේතුවෙන් සිය ගැටලු විසඳා ගැනීමට නොහැකිවීම පිළිබඳව වෘත්තීය සමිති එම සාකච්ඡාවේදී අමාත්‍යවරයා දැනුවත් කර තිබෙනවා . ඒ අනුව මෙලෙස යවනු ලබන සියලුම ලිපි දෙමළ භාෂාවෙන් යොමු කරන ලෙසයි අමාත්‍යවරයා අදාළ සාකච්ඡාවේදී උපදෙස් ලබාදී ඇත්තේ .
කතෝලික සභාවේ ප්‍රධානියා වන ප්‍රැන්සිස් පාප් වහන්සේට ඉල්ලා අස් වීමට බල කෙරෙන ආකාරයේ ‘රහස් සැලැස්මක්‘ දියත් කෙරෙන බව ඉතාලි කාදිනල් හිමියන් හෙළි කර තිබෙනවා. එරට කාදිනල් හිමියන් ඉතාලි පුවත් පතකට ප්‍රකාශයක් සිදු කරමින් පවසා ඇත්තේ, මෙම කුමන්ත්‍රණය පසුපස ඇත්තේ වත්මන් පාප් වහන්සේගේ ලිබරල් ප්‍රතිපත්තීන් අනුමත නොකරන කොන්සර්වේටිව්වරුන් බවයි. වත්මන් පාප්වහන්සේ නෙරපා හැරීමේ පියවර ආරම්භ වී ඇත්තේ ඔහුගේ පුර්වගාමියා වූ 16 වන බෙනඩික්ට් පාප්තුමාගේ අභාවයෙන් දින කිහිපයකට පසුව වීමද විශේෂත්වයක් . කෙසේ වෙතත් මීට පෙර ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ප්‍රකාශ කර තිබුණේ තම සෞඛ්‍ය තත්ත්වය අයහපත් වුවහොත් තමන් ධුරයෙන් ඉවත් වන බවයි.
බිත්තර සදහා ආනයන තහනමක් ලබා ගැනීමට උත්සහ දරන්නේ කුඩා පරිමාණ බිත්තර නිෂ්පාදකයින් ආරක්ෂා කර ගැනීමට බව ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා පවසනවා . ඔහු මේ බව පැවසුවේ ඊයේ කොළඹ ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් . එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සභාපතිවරයා කියා සිටියේ මහා පරිමාන බිත්තර නිෂ්පාදකයින් මිල තීරණය කිරීම සිදු කරන බවයි . මෙතෙක් සිටි සෑම ආණ්ඩුවක්ම මෙරට ගොවීන්ගේ නිෂ්පාදන වියදම වැඩි නම් ආනයන කිරීමට කටයුතු කල බව ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා මෙහිදී සදහන් කළා . මේ හේතුවෙන් දේශීය ගොවින් ආරක්ෂා කර ගැනීමට අනිවාර්යෙන් ආනයනය තහනම් කල යුතු බවයි ඔහු මෙහිදී වැඩි දුරටත් සදහන්…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222