- පොදු ප්‍රවාහනය සඳහා විද්‍යුත් ගෙවීම් ක්‍රමයක්
- වීසා නීති ලිහිල් කිරිමට නවසීලන්තයෙන් සැලසුම්
- බස් රථයක් සහ ත්‍රිරෝද රථයක් ගැටිමෙන් කාන්තාවකට තුවාල
- රට විරුවන්ගෙන් වාර්තාගත ඩොලර් ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට
- මෙක්සිකෝවේ බස් රථ අනතුරකින් 41 මරුට
- අමෙරිකාවට උතුරු කොරියානු ජනපතිගෙන් චෝදනා
- අදත් වැසි රහිත කාලගුණයක්
- ප්‍රදේශ කිහිපයක වායු ගුණාත්මකභාවය පහළට
Author: VNews
ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ‘USS Stockdale’ නෞකාව සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීමේ සංචාරයක් සඳහා අද දින (2024 අගෝස්තු 22) කොළඹ වරායට පැමිණෙන ලද අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව පිළිගැනීමට කටයුතු කෙරිණි. මෙලෙස කොළඹ වරායට සේන්දු වූ Arleigh Burke – class destroyer වර්ගයට අයත් ‘USS Stockdale’ නෞකාව, දිගින් මීටර් 155.3 ක් හා නැව් මුළුව තුන්සිය තිස් දෙකකින් (332) සමත්විත වන අතර, නෞකාවේ අණදෙන නිලධාරී ලෙස Commander Lauren Johnson කටයුතු කරනු ලබයි. තවද, සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීමෙන් අනතුරුව ‘USS Stockdale’ නෞකාව 2024 අගෝස්තු මස 23 වන දින දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව ඇත.
තායිවානයේ , තායිපේ නුවර පැවැත්වීමට නියමිත 14 වන ” සිටි කප් “( City Cup ) ජාත්‍යන්තර යොවුන් බොක්සිං තරගාවලියට සහභාගී වීම සදහා ශ්‍රී ලංකා යොවුන් බොක්සිං කණ්ඩායම 08/21 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගියහ . ලෝකයේ ආරාධිත රටවල් 08 ක සහභාගීත්වයෙන් පවත්වන මෙම ජාත්‍යන්තර බොක්සිං තරගාවලිය 08/22 දින සිට 08/26 දින දක්වා තායිවානයේ තායිපේ නුවර පැවැත්වීමට නියමිතය . ශ්‍රී ලංකා යොවුන් බොක්සිං කණ්ඩායම නියෝජනය කරමින් මෙරට බොක්සිං ක්‍රීඩාවේ නිරත පාසැල් 06 කින් තෝරා ගත් ක්‍රීඩකයින් 06 දෙනෙකු මෙම තරගාවලිය සදහා පිටත්ව යාම සදහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ . ඔවුන් 08/21 දින රාත්‍රී 08.35 චීනයේ ෂැංහයි නුවර බලා…
පළාත් පාලන ඡන්දය කඩිනමින් පැවැත්වීමට පියවර ගන්න ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මැතිවරණ කොමිසමට අද තීන්දු කළා ඉකුත් වසරේ මාර්තු මස 09 වනදා නියම කළ පරිදි පළාත් පාලන ඡන්ද විමසීම නොපැවැත්වීම තුළින් එවක මැතිවරණ කොමිසමේ සාමාජිකයින් හා මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය අද තහවුරු කළා එම හේතුවෙන් පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මීට සුළු මොහොතකට පෙර මෙම තීන්දුව ලබා දී තිබෙනවා .
ගුවන් තොටුපොළ මගින් මෙරටට ඇතුළු විය හැකි Mපොක්ස් (මන්කිපොක්ස්) රෝගින් හඳුනාගැනීම සඳහා මුළු රටම ආවරණය වන පරිදි සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ආවේක්ශණ පද්ධතිය වඩාත් ශක්තිමත් කර තිබෙන බවත්, Mපොක්ස් රෝගීන් වාර්තා වුවහොත් ඔවුන් වෙන් කර ප්‍රතිකාර කිරීමේ පහසුකම් කොළඹ, බෝවන රෝග විද්‍යායතනය තුළ ස්ථාපිත කර තිබෙන බවත්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා අවධාරණය කරයි. එමෙන්ම කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනය සතුව Mපොක්ස් රෝගින් හඳුනාගැනීමේ රසායනාගාර පහසුකම්ද පවතින බවත්, පසුගිය 20 දා සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවති විද්වත් කමිටු රැස්වීමේදී මෙම රෝගයට වඩාත් හොදින් සුදානම් වීම සහ ප්‍රතිචාර දැක්වීම සඳහා අවශ්‍ය මග පෙන්වීමද ලබාදුන් බවත්, මේ හා සම්බන්ධ උපදෙස් ඇතුළත් චක්‍ර ලේඛයක්ද සියලුම සෞඛ්‍ය…
2024 කැරිබියන් කාන්තා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකාවේ හර්ෂිතා සමරවික්‍රමට අවස්ථාව හිමිව තිබෙනවා. ඒ අනුව ඇය ටි්‍රන්බැගෝ නයිට් රයිඩර්ස් කණ්ඩායමට ක්‍රිඩා කිරීමට නියමිතයි. එම කණ්ඩායමේ මෙග් ලැනින් ආබාධයකට ලක්වීම හේතුවෙනුයි හර්ෂිතාට මෙම අවස්ථාව හිමිව ඇත්තේ. ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තුගෙන් පසුව විදෙස් ලීග් තරගාවලියකට එක්වන දෙවැනි ශ්‍රී ලාංකික ක්‍රිඩාව ලෙසයි හර්ෂිතා සමරවික්‍රම සැලකෙන්නේ.
වව්නියාව මහ රෝහලේදී අලුත උපන් බිළිදෙකු මියයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. උතුරු පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව විසිනුයි මෙම විමර්ශනය ආරම්භ කර ඇත්තේ. අදාළ විමර්ශනය සදහා විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනෙකුගෙන් සමන්විත පංච පුද්ගල කමිටුවක් පත්කර තිබෙනවා. මියගිය බිළිදාගේ දෙමාපියන් විසින් ඊයේ වව්නියාව මහ රෝහල ඉදිරිපිටදී විරෝධතාවක නිරත වු අතර ඔවුන් ඉල්ලා සිටියේ මේ සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනයක් සිදුකරන ලෙසයි.
මැතිවරණ ආරවුල් පිළිබද දැනුම් දීම සදහා ආරවුල් නිරාකරණ මධ්‍යස්ථාන පිහිටුවා තිබෙනවා. මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළේ දිවයිනම ආවරණය වන පරිදි එම මධ්‍යස්ථාන පිහිටුවා ඇති බවයි. සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යල තුළයි මැතිවරණ ආරවුල් නිරාකරණ මධ්‍යස්ථාන පිහිටුවීමට පියවර ගෙන ඇත්තේ. මේ අතර ජනාධිපතිවරණයට අදාළව මේ දක්වා ලැබී ඇති මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව 717ක් දක්වා ඉහළගොස් තිබෙනවා. ඒ අතරින් වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් ලැබී ඇත්තේ මැතිවරණ නීති උල්ලංගනය කිරීම් සම්බන්ධවයි. මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා එකක් සහ වෙනත් පැමිණිලි 23ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළා.
පළාත් පාලන මැතිවරණය නියමිත දිනයට පැවැත්වීමට අපොහොසත් වීමට අදාළව ගොණුකර ඇති මුලික අයිතිවාසිකම් පෙත්සම්වල තීන්දුව අද ප්‍රකාශයට පත්කිරීමට නියමිතයි. අදාළ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේදී විභාගයට ගනු ලැබුවා. ඒ අනුව ඊට අදාළ තීන්දුව එම පංච පුද්ගල විනිසුරු මඩුල්ල විසින් අද ප්‍රකාශයට පත්කිරීමට නියමිතයි. මැතිවරණ කොමිෂන් සභාව විසින් නියමිත පරිදි 2023 වසරේ මාර්තු 09 වනදා පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට කටයුතු නොකිරීමට එරෙහිව මෙම පෙත්සම් ගොණුකර තිබුණා.
ධීවරයින් සහ තේ වගාකරුවන් සදහා සහන ලබා දීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දීම තිබෙනවා. ඒ අනුව ධීවරයි සදහා ඩීසල් සහ භූමිතෙල් සදහා රුපියල් 25ක සහනාධාරයක් හිමිවනු ඇති. එමෙන්ම තේ වගාකරුවන් සදහා රුපියල් 4000ක පොහොර සහනාධාරයක් ලබා දීමට ද කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී තිබෙනවා. මෙම සහනාධාර අද සිට ක්‍රියාත්මක වන පරිදි ලබා දීමට නියමිතයි.
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය දැන් පැවැත්වෙනවා. මැන්චෙස්ටර්හිදී පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222