Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    මත්පෙති තොගයක් සමග කාන්තාවක් අත්අඩංගුවට

    2026-09-04

    වියළි කාලගුණයෙන් පීඩාවට පත් පිරිස අනූ හය දහස ඉක්මවයි

    2026-09-04

    නාමල් රාජපක්ෂ අල්ලස් කොමිසමට

    2026-09-04
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • මත්පෙති තොගයක් සමග කාන්තාවක් අත්අඩංගුවට
    • වියළි කාලගුණයෙන් පීඩාවට පත් පිරිස අනූ හය දහස ඉක්මවයි
    • නාමල් රාජපක්ෂ අල්ලස් කොමිසමට
    • දැවිතෙල් සහ නැප්තා මිල පහළට
    • කාන්තාවකගේ නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍යට දැමූ අයෙකු අත්අඩංගුවට
    • වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම ඇරඹෙයි
    • සොනාල් දිනුෂ ටෙස්ට් පිතිකරුවන් අතර ඉදිරියට
    • වියට්නාමයේ මත්ද්‍රව්‍ය ජාවාරම් කළ 11කට මරණ දඬුවම නියම කරයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, සැප්තැම්බර් 5
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » මන්කිපොක්ස් සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් විධිමත් සැලැස්මක්

    මන්කිපොක්ස් සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් විධිමත් සැලැස්මක්

    2024-08-22කියවීමට මිනිත්තු 2ක් ගතවේ.0 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ගුවන් තොටුපොළ මගින් මෙරටට ඇතුළු විය හැකි Mපොක්ස් (මන්කිපොක්ස්) රෝගින් හඳුනාගැනීම සඳහා මුළු රටම ආවරණය වන පරිදි සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ආවේක්ශණ පද්ධතිය වඩාත් ශක්තිමත් කර තිබෙන බවත්, Mපොක්ස් රෝගීන් වාර්තා වුවහොත් ඔවුන් වෙන් කර ප්‍රතිකාර කිරීමේ පහසුකම් කොළඹ, බෝවන රෝග විද්‍යායතනය තුළ ස්ථාපිත කර තිබෙන බවත්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා අවධාරණය කරයි.

    එමෙන්ම කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනය සතුව Mපොක්ස් රෝගින් හඳුනාගැනීමේ රසායනාගාර පහසුකම්ද පවතින බවත්, පසුගිය 20 දා සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවති විද්වත් කමිටු රැස්වීමේදී මෙම රෝගයට වඩාත් හොදින් සුදානම් වීම සහ ප්‍රතිචාර දැක්වීම සඳහා අවශ්‍ය මග පෙන්වීමද ලබාදුන් බවත්, මේ හා සම්බන්ධ උපදෙස් ඇතුළත් චක්‍ර ලේඛයක්ද සියලුම සෞඛ්‍ය සේවා ආයතන සඳහා ලබා දීමට කටයුතු කළ බවද ඒ මහතා පවසයි.

    අප්‍රිකානු කළාපයේ ප්‍රධාන ලෙස, මධ්‍යම සහ බටහිර අප්‍රිකානු කලාපීය රටවල විශේෂයෙන් කොංගෝ රාජ්‍යයේ බෝවීමේ හැකියාව සහ දරුණු බව වැඩි, රෝගීන් වැඩි ගණනක් වාර්තා වීම නිසා, ගෝලීය මට්ටමින් සංවිධානාත්මක ලෙස පෙර සුදානම් වීම සහ ප්‍රතිචාර දැක්වීම සඳහා, 2024 අගෝස්තු 14 වෙනි දින ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් ජාත්‍යන්තර අවධානය ලක් කළ යුතු මහජන සෞඛ්‍ය හදිසි අවස්ථාවක් ලෙස ප්‍රකාශයට පත් කළ බවත්, මේ වන විට ආසියානු කලාපීය රටවලින් රෝගය වාර්තා වී ඇත්තේ ඉතාමත් සුළු සංඛ්‍යාවක් බවද සෞඛ්‍ය ලේකම්වරයා පෙන්වා දෙයි.

    Mපොක්ස් (මන්කිපොක්ස්) රෝගය Mපොක්ස් වෛරසය නිසා ඇති වන බවත්, අසාදිත පුද්ගලයෙකුගේ දේහ තරල, තුවාල ස්පර්ශ වීමෙන් සහ, දිගු කාලයක් පුරා ශ්වසන බිදිති වලට නිරාවරණය වීමෙන් Mපොක්ස් රෝගය පැතිර යන නිසා, මෙම රෝගය පැතිරීමේ අවධානම අඩු මට්ටමක පවති. තවද අසාදිත පුද්ගලයෙකු භාවිතා කරන ලද ඇඳ ඇතිරිලි හෝ ඇඳුම් මගින්ද රෝගය පැතිරීමේ හැකියාවක්ද පවති. Mපොක්ස් රෝගයේ ප්‍රධාන රෝග ලක්ෂණය වනුයේ උණ, සමෙහි බිබිලි මතු වීම සහ වසා ගැටිති ඉදිමීම බවත්  සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි.

    පෙර පුව​තක්‍රිකට් පිටියේ වැඩ පෙන්වු හර්ෂිතාට අලුත් අවස්ථාවක්
    ඊළඟ පුව​ත පුංචි ඡන්දය කඩිනමින් තියන්න අධිකරණ නියෝගයක්

    සබැ​ඳි පුවත්

    මත්පෙති තොගයක් සමග කාන්තාවක් අත්අඩංගුවට

    වියළි කාලගුණයෙන් පීඩාවට පත් පිරිස අනූ හය දහස ඉක්මවයි

    නාමල් රාජපක්ෂ අල්ලස් කොමිසමට

    දැවිතෙල් සහ නැප්තා මිල පහළට

    කාන්තාවකගේ නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍යට දැමූ අයෙකු අත්අඩංගුවට

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම ඇරඹෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    මත්පෙති තොගයක් සමග කාන්තාවක් අත්අඩංගුවට

    2026-09-04

    වියළි කාලගුණයෙන් පීඩාවට පත් පිරිස අනූ හය දහස ඉක්මවයි

    2026-09-04

    නාමල් රාජපක්ෂ අල්ලස් කොමිසමට

    2026-09-04

    දැවිතෙල් සහ නැප්තා මිල පහළට

    2026-09-04
    ක්‍රීඩා පුවත්

    සොනාල් දිනුෂ ටෙස්ට් පිතිකරුවන් අතර ඉදිරියට

    2026-09-04

    පළමු කාන්තා ශුරයින්ගේ කුසලාන සත්කාරකත්වය නිල වශයෙන් ඉන්දියාවට

    2026-09-03

    චමරි අතපත්තු ශේණිගත කිරීම් වලින් ඉදිරියට

    2026-09-02
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group