- “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
- මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
- හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
- ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්
- නාවලපිටිය දොළොස්බාගේ මාර්ගය වැසි ජලයෙන් යටවෙයි
- ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි
- පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
Author: VNews
පන්දුවාර 20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට සත්කාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් වුණා. ඒ ප්‍රභල එංගලන්ත කාන්තා කණ්ඩායම ලකුණු 06කින් පරාජයට පත්කරමින්. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාණු ක්‍රීඩිකාවන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 164ක් රැස් කළා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්ත ක්‍රීඩිකාවන්ට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 08ක් දැවී ලබා ගැනීමට හැකිවුයේ ලකුණු 158ක් පමණයි. කාන්තා ලෝකු කුසලාන තරගාවලියේ අවසන් මහා තරගය ඔස්ටේ්‍රලියාව සහ දකුණු අප්‍රිකාව අතර හෙට පැවැත්වීමට නියමිතයි.
දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර,සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත් තැනින් තැන සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ නිවේදනයේ සදහන්. කළුතර , ගාල්ල , මාතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර 50ට වැඩි තරමක් තද වැසි අඅපේක්ෂා කරන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළේ.
නවසීලන්තයට එරෙහි ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට එක්වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා. දිමුත් කරුණාරත්නගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයට ක්‍රිඩකයින් 17 දෙනෙකු ඇතුලත්. ශ්‍රී ලංකා සංචිතයට නිෂාන් මධුෂ්ක සහ මිලාන් රත්නායක කැදවා ඇති අතර ඔවුන් ටෙස්ට් සංචිතයට එක්වන පළමු අවස්ථාව මෙයයි. නවසීලන්තයට එරෙහිව ශ්‍රී ලංකා කණ්ඩායම ටෙස්ට් තරග දෙකකට මුහුණ දීමට නියමිතයි. නවසීලන්ත තරග සංචාරයට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම ලබන සදුදා දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව තිබෙනවා.
නයිජීරියානු මහ මැතිවරණය අද පැවැත්වෙනවා. මැතිවරණයට එක්වන දේශපාලන අපේක්ෂකයෙකු ඩොලර් ලක්ෂ 05ක් සමග අත්අඩංගුවට ගැනීමට එරට පොලිසිය කටයුතු කළා. චින්වෙරේ ඉග්වේ නම් අපේක්ෂකයායි මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ. ඔහුගේ මෝටර් රථයේ තිබී මෙම මුදල් සොයාගෙන තිබෙනවා. මුදල් වැයකොට ඡන්ද දායකයින් මිලදී ගැනීම නයිජීරියාවේ මැතිවරණවලදී දක්නට ලැබෙන බවයි වාර්තා වන්නේ.
බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් අධ්‍යාපන අමාත්‍යංශයට බලහත්කාරීව ඇතුළුවීමේ සිද්ධිය පිළිබද අධ්‍යාපන අමාත්‍යංශය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. අදාළ නොසන්සුන්කාරී තත්ත්වය අතරතුර ගුරුමාරු නියෝජිතයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරන බවයි එහි දැක්වෙන්නේ. මෙම අත්ඩඅංගුවට ගැනීමට එරෙහිව ගුරු සංගම් විසින් ඊයේ අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට විරෝධතාවක නිරත වුණා. පසුව එම සංම්ගම් නියෝජිතයින් සහ අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා අතර සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. එහිදී ගුරු සංගම් නියෝජිතයින් ඉල්ලා ඇත්තේ මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකරන ලෙසයි. ඒ අනුවයි අධ්‍යාපන අමාත්‍යවරයා විසින් මෙම තීරණය ගෙන ඇත්තේ.
මැතිවරණ කල් දැමීමට හවුල්වන සියලු පාර්ශව නීතිය හමුවට ගෙනයන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. සමගි ජන බලවේගය සංවිධානය කර තිබු ජන රැළියකට එක්වෙමින් සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියා. රටේ සියලු දෙනා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව කටයුතු කළ යුතු බවයි සජිත් ප්‍රේමදාස මහතා සදහන් කළේ. හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද මැතිවරණය සම්බන්ධයෙන් මහනුවරදී අදහස් පලකළා. මාධ්‍යවේකු යොමු කළ පැනයට පිළිතුරු දෙමින් මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේ ඕනෑම මොහොතක මැතිවරණයකට මුහුණ දීමට තම කණ්ඩායම සුදානම් බවයි. රටේ ජනතාවගේ ජන බලය සමග කුමන්ත්‍රණවලට මුහුණ දෙන බව ජාතික ජන බලවේගය පවසනවා. එහි නායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ පැවති ජන…
පුනර්ජනනීය විදුලි බලාගාර මගින් මෙගාවොට් 2500ක අමතර ධාරිතාවක් ජාතික විදුලිබල පද්ධතියට එක්කිරීමට අපේක්ෂා කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. එහි සාමාන්‍යාධිකාරී රොහාන් සෙනවිරත්න මහතා කියා සිටියේ පුද්ගලික අංශයට ඒ සදහා වැඩි අවස්ථාවක් හිමිවන බවයි. කොළඹ පැවති වැඩමුළුවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා. ලංකා විදුලිබල මණ්ඩලයේ ඉදිරි සැලසුම් සහ පුනර්ජනනීය බලශක්ති භාවිතය පිළිබදව ඉංජිනේරුවන් දැනුවත් කිරීම සදහා මෙම වැඩමුළුව සංවිධාන කර තිබුණා.
අධ්‍යාපන අමාත්‍ය සුසින් ප්‍රේමජයන්ත් මහතා පාර්ලිමේන්තුවේදී අසභ්‍ය වචන භාවිත කරමින් තමන්ට අපහස කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රීනි රෝහිනී කවිරත්න මහත්මිය පවසනවා. කතානායකවරයාට ලිපියක් යොමුකරමින් ඇය පෙන්වා දෙන්නේ මේ තුළින් තම වරප්‍රසාද කඩවී ඇති බවයි. මෙම සිද්ධිය පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කමිටුවේ විභාග කරන ලෙසයි රෝහිනී කවිරත්න මහත්මිය කතානායකවරයාගෙන් ඉල්ලා ඇත්තේ. අදාළ සිදුවීම ඇතුළත් වීඩියෝ සමාජගත වීමත් සමග තමන් දැඩි අපහසුතාවකට පත්වු බව ද පාර්ලිමේන්තු මන්ත්‍රි රෝහිනී කවිරත්න මහත්මිය කතානායකවරයාට දැනුම් දී තිබෙනවා. ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශය තුළ සිදුවු නොසන්සුන්කාරී තත්ත්වය පිළිබද පාර්ලිමේන්තුවේදී අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සහ රෝහිනි කවිරත්න මහත්මිය අතර උණුසුම් වචන හුවමාරුවන් අති වුණා.
පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතාට රාජ්‍ය මුදල් කාරක සභාවේ සභාපතිධුරයෙන් ඉවත් වන ලෙස විපක්ෂය නායකවරයා දැනුම් දී තිබෙනවා. රාජ්‍ය මුදල් කාරක සභාවේ හිටපු සභාපති හර්ෂ ද සිල්වා මහතා කියා සිටියේ විපක්ෂ නායකවරයාගේ යෝජනාව මයන්ත දිසානායක මහතා ප්‍රතික්ෂේප කර ඇති බවයි. අදාළ තනතුර සදහා විපක්ෂය විසින් හර්ෂ ද සිල්වා මහතා නම යෝජනා කර තිබියදී ආණ්ඩු පක්ෂය විසින් විපක්ෂයේ මයන්ත දිසානායක මහතා ඒ සදහා පත්කර තිබුණා. කෙසේවෙතත් මයන්ත දිසානායක මහතා එම තනතුරෙන් ඉවත් නොවුනහොත් ඔහු පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරනු ඇති බවයි වාර්තා වන්නේ. රාජ්‍ය ගිණුම් කාරක සභාව සභාපතිධුරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී උණුසුම්වාද විවාද ඇතිවුණා.
සිය රාජකාරී ගිනි අවියෙන් වෙඩිතබෙන යුද හමුදා සාමාජිකයෙකු සියදිවිනසාගෙන තිබෙනවා. මෙලෙස වෙඩිතබා ගෙන ඇත්තේ පනාගොඩ යුද හමුදා කදවුරේ සේවය කළ සෙබෙලෙකුයි. යුද හමුදා මාධ්‍ය අංශය පැවසුවේ ඔහු වයස අවුරුදු 31ක සෙබලෙක් බවයි.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222















