Author: VNews

ඩෙන්මාර්කයේ ඔටුන්න හිමි ෆ්‍රෙඩ්රිල් ඇන්ඩ්‍රේ සහ එම කුමරිය වන මේරි එලිසබෙත් ඉන්දියාවේ සංචාරයකට සූදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කලා . දින 05 ක සංචාරයක් සඳහා ඔවුන් ඉන්දියාවට පැමිණීමට නියමිත අතර ලබන 26 වනදා සිට මාර්තු 02 වනදා දක්වා ඔවුන් ඉන්දියාවේ රැඳී සිටිනු ඇති. ඩෙන්මාර්ක රජ පවුල දශක 02 කින් පමණ පසුව ඉන්දියාවේ සංචාරයකට එක්වන පළමු අවස්ථාව මෙය වනවා. මෙම සංචාරය අතරතුර ඔවුන් අග්‍රා සහ චෙන්නායි වෙත පැමිණීමට නියමිතයි. එමෙන්ම ඩෙන්මාර්කයේ ඔටුන්න හිමි කුමරු ඉන්දීය උප ජනාධිපති ජග්දීප් ධන්කර් හමුවීමට ද නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා

තව කියවන්​න

බස් රථයක් ප්‍රපාතයකට පෙරලී යාමෙන් පුද්ගලයන් 26 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. නෙල්ලිගල විහාරස්ථානය ආසන්නයේ දී මෙලෙස බස් රථයක් ප්‍රපාතයකට පෙරලී ගොස් තිබෙනවා. මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ මොරටුව ප්‍රදේශයේ සිට නෙල්ලිගල විහාරස්ථානය වෙත පැමිණෙමින් සිටි වන්දනාකරුවන් රැගත් බස් රථයක්. අනතුරින් තුවාල ලැබූ පුද්ගලයින් පේරාදෙණිය සහ මහනුවර රෝහල් වෙත යොමු කර ඇති බවයි වී නිව්ස් වාර්තාකරු කියා සිටියේ. පොලිසිය කියා සිටියේ මුරුතලාව – නෙල්ලිගල මාර්ගයේදී අනතුර සිදුවන අවස්ථාවේදී පුද්ගලය්න 48 දෙනෙකු පමණ බස් රථයේ ගමන් කර ඇති බවයි. අනතුර සම්බන්ධයෙන් පේරාදෙනිය පොලිසිය විමර්ශන සිදු කරනු ලබනවා.

තව කියවන්​න

අධික ගාස්තු ගෙවාගත නොහැකි වීම හේතුවෙන් විදුලි පාරිභෝගිකයන් ලක්ෂ හයකට වැඩි පිරිසකගේ විදුලිය සැපයුම් ඉදිරියේදී විසන්ධියට ලක්වීමේ බරපතළ අවදානමක් පවතින විදුලිබල මණ්ඩල ආරංචි මාර්ග පවසනවා. මෙම අවදානමට වැඩි වශයෙන් ලක්වන්නේ අඩු ආදායම්ලාභි පවුල් බවයි එම ආරංචි මාර්ග සඳහන් කලේ. අධික විදුලිය සහ ජල ගාස්තු බිල්පත් පියවීම ආර්ථික අර්බුදය ආරම්භ වීමත් සමග සියයට 40 කින් පමණ අඩුවී පැවතුණ බවත් සදහන්. කෙසේවෙතත් විදුලිය බිල සැලකිය යුතු ප්‍රමාණයකින් වැඩිවීම සහ ජල බිල ඉදිරියේදී වැඩිවීම සැලකිල්ලට ගෙන එම බිල් ගෙවීම ඉදිරියේදී තවදුරටත් අඩුවිය හැකි බවත් විදුලිබල හා ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලවල නිලධාරීන් පෙන්වා දෙනවා.

තව කියවන්​න

මත්ද්‍රව්‍ය සහ අපරාධ සම්බන්ධ එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ ගෝලීය සමුද්‍රීය අපරාධ වැඩසටහනේ ප්‍රධානී සිරි ජුනේ මහත්මිය සහ නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතා අතර හමුවක් පැවැත්වුණා. ඒ නාවික හමුදා මූලස්ථානයේදී. එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ පිළිබද කාර්යාලයේ මෙහෙයවීම යටතේ සිදු කෙරෙන පුහුණු වැඩසටහන් පිළිබදව මෙහිදී අදහස් හුවමාරු කර ගැනුණා. ශ්‍රී ලංකා නාවික හමුදාවේද දායකත්වයෙන් මෙම පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කෙරෙනවා. සමුද්‍රීය අපරාධ මැඩපැවැත්වීම සහ නීතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් මෙම පුහුණු වැඩසටහන් සංවිධාන කර තිබෙනවා.

තව කියවන්​න

අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්ටනී බ්ලින්කන් ඉන්දියාවේ සංචාරයකට සූදානම් වනවා. විදෙස් මාධ්‍ය පැවසුවේ රාජ්‍ය ලේකම්වරයා මාර්තු 01 වනදා ඉන්දියාවට පැමිණීමට නියමිත බවයි. එහිදී ඔහු ජි 20 කණ්ඩායමේ විදේශ අමාත්‍යවරුන්ගේ හමුවට ද එක්වනු ඇති. ඊට අමතරව අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා ඉන්දීය රජයේ ඉහළ පෙළේ නිලධාරීන් සමග ද්විපාර්ශවික සාකච්ඡා වට කිහිපයකට ද එක්වීමට නියමිතයි. ඉන්දියාවට පැමිණීමට පෙර අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් කසකස්තානයේ සහ උස්බෙකිස්තානයේ ද සංචාරය කිරීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

තව කියවන්​න

පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවේ සභාපති ධුරයෙන් ඉවත්වීමට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා තීරණය කර තිබෙනවා . මයන්ත දිසානායක මහතා එම තීරණය පිළිබඳව සමගි ජන බලවේගය මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා වෙත ද ලිඛිතව දැනුම් දී ඇති බව සදහන් . මයන්ත දිසානායක මහතා තම තීරණය කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත ලිඛිතව දැනුම් දීමෙන් පසු මුදල් කාරක සභා සභාපති ධුරයෙන් නිල වශයෙන් ඉවත් වීමට නියමිතයි .

තව කියවන්​න

මැතිවරණය කල් දැමීමට එරෙහිව සහ හෙට දිනයේදී ලක්ෂ 50ක ජනතාවක් කොළඹට ගෙන එන බව ජාතික ජන බලවේගය පවසනවා. එහි නායක අනුර කුමාර දිසානායක මහතා පවසන්නේ විදේශයන් හි වෙසෙන ශ්‍රී ලංකික ජනතාවද මැතිවරණය ඉල්ලා එම රටවල් වලතානාපති කාර්යාල ඉදිරිපිට උද්ගෝෂණ ව්‍යපාර ආරම්භ කර ඇති බවයි. අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සදහන් කළා .

තව කියවන්​න

පළාත් පාලන ඡන්ද විමසීම සැලසුම් කළ පරිදි මාර්තු 09 වැනිදා නොපැවැත්වීම සම්බන්ධයෙන්, ජාත්‍යන්තරය දැනුවත් කරන බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පවසනවා . ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ හා මැතිවරණ අධ්‍යයන ආයතනයේ විධායක අධ්‍යක්ෂ, මංජුල ගජනායක මහතා සඳහන් කළේ , මැතිවරණය කල් දැමීම වැළැක්වීම දේශීයව සිදුකළ නොහැකි බව නිරීක්ෂණය වී ඇති බවයි. මැතිවරණය කල් යෑම නිසා නාම යෝජනා භාර දුන් 80,000 කට අධික අපේක්ෂකයින්, මේ වන විට බරපතල අසාධාරණයකට ලක්ව ඇති බව ද මංජුල ගජනායක මහතා ප්‍රකාශ කලා මේ අතර මැතිවරණය කල් දැමීමට එරෙහිව නැවත වරක් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පැෆ්රල් සංවිධානය පවසනවා

තව කියවන්​න

හිමාලය අඩවියේ කුමන අවස්ථවක හෝ අතිශයින් බරපතළ භූචලනයක් සිදුවන බව හිමාල භූචලන නිරීක්ෂණ ආයතනයේ ප්‍රධාන විද්‍යාඥ අජේ පෝල් අනතුරු අඟවා තිබෙනවා . ඉන්දීය භූචලන තලය හිමාල අඩවිය අභ්‍යන්තරයේ ඇති බවයි ඔහු සදහන් කලේ. එය යුරෝ ඒෂියන් භූතලය සමග ගැටෙන බව ද හිමාල භූචලන නිරීක්ෂණ ආයතනයේ ප්‍රධාන විද්‍යාඥ අජේ පෝල් සදහන් කර තිබෙනවා . මෙම විනාශකාරී භූචලනය සිදුවන්නේ හිමාලයේ ගෞතම් කවුනන් කලාපයේ බව ද ඔහු පැවසුවා. 2021 පෙබරවාරි 7 දා මෙම කලාපයේ හිම සහ ගල් මාරුතයක් සිදුවීම භූචලනයේ පූර්ව සිදුවීම බවත් ඉන් 206 කට අධික පිරිසක් මියගිය බවත් ඔහු අනාවරණය කර තිබෙනවා . හිමාල අඩවියේ ඇති ඉන්දීය භුතලය වසරකට මිලි මීටර…

තව කියවන්​න

අග්‍රාමාත්‍ය ධුරය දිනේෂ් ගුණවර්ධන මහතාගෙන් ඉවත් කර මහින්ද රාජපක්ෂ මහතාට ලබාදීමේ සැලසුමක් ඇති බව නිදහස් ජනතා සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්  පාර්ලිමේන්තු මන්ත්‍රී චන්න ජයසුමන මහතා පවසනවා. ඔහු සඳහන් කරන්නේ ආණ්ඩු පක්ෂය ඒ සඳහා සහාය ඉල්ලා සිටි බවයි .

තව කියවන්​න