Author: VNews

මැතිවරණය කල් දැමීමට එරෙහිව ජාතික ජන බලවේගය සංවිධාන කරන විරෝධතාවක් අද කොළඹදී පැවැත්වෙනවා. කොළඹ විහාරමහාදේවී උද්‍යානය අසලින් පස්වරු 2.30ට මෙම විරෝධතාව ආරම්භ වීමට නියමිතයි. මේ අතර මෙම විරෝධතාව සම්බන්ධයෙන් පොලිසිය අධිකරණ නියෝගයක් ලබා ගෙන තිබෙනවා. උද්ඝෝෂනයට එක්වන පිරිස්වලට රාජ්‍ය ආයතනවලට අතුළුවීම තහනම් බවට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇති බව පොලිසිය සදහන් කළා. කොටුව , කොල්ලුපිටිය සහ කොම්ඤ්ඤවීදිය අධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුව කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතායි මෙම නියෝගය ලබා දී ඇත්තේ. ඒ අනුව උද්ඝෝෂකයින්ට ජනාධිපති මන්දිරයට , මුදල් අමාත්‍යංශයට සහ ජනාධිපති ලේකම් කාර්යාලයට මෙන්ම ගාලු මුවදොරට ඇතුලුවීම තහනම් වනවා. කලහකාරීව හැසිරෙමින් රාජ්‍ය දේපලවලට හෝ මහජනතාවට හානි සිදුකරමින් කටයුතු කරන්නේ…

තව කියවන්​න

ශ්‍රී ලංකාව ඇතුළු ණය අර්බුදයෙන් පෙළෙන රටවලට සහන සැලසීමට ජී 20 රටවල් තීරණය කර තිබෙනවා. ණය අර්බුදයෙන් පීඩා විදින රටවලට සහන ලබා දියහැකි ක්ෂේත්‍ර පිළිබදව ජී 20 සමුළුවේ ඊයේ පැවති සැසියේදී සාකච්ඡාවට ලක්ව තිබුණා. මේ අතර විදේශීය ණයබර හේතුවෙන් ශ්‍රී ලංකාව දැඩි ආර්ථික අවපාතයකට ලක්වෙමින් සිටින බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පවසනවා. ඒ අනුව ශ්‍රී ලංකාවේ ණය නිරාකරණය සදහා පොදු රාමුවක් සැකසීම අත්‍යවශ්‍ය කරුණක් බවයි ජාත්‍යන්තර මුල්‍ය අරමුල පෙන්වා දෙන්නේ. ඒ සදහා කාලානුරූප සහ විධිමත් ක්‍රියාවලියක් අවශ්‍ය බවයි නිවේදනයක් නිකුත් කරමින් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සදහන් කළේ. ජී 20 සමුළුවේ පැවති මහබැංකු අධිපතිවරුන්ගේ සහ මුදල් අමාත්‍යවරුන්ගේ රැස්වීම අවසන් වීමෙන් පසුවයි ඔවුන් මෙම…

තව කියවන්​න

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ප්‍රතිපාදන අපේක්ෂා කළ පරිදි මාර්තු මාසයේ නොලැබුණහොත් ඉදිරි කටයුතු සදහා මුදල් සංචිතයක් පවත්වාගෙන යාමට සිදුවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා මේ බව සදහන් කළා. රට ආර්ථික අර්බුදයකට මුහුණපා සිටින බැවින් වියදම් කළමනාකරණය කළ යුතු බවයි රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දෙන්නේ. වසරක වියදම් ආවරණයට අයවැයක් සකස් කර තිබීම හේතුවෙන් තාවකාලික පදනමින් මුදල් නිකුත් කළ නොහැකි බවයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සදහන් කළේ.

තව කියවන්​න

අති විශාල ග්‍රහකයක් පෘථිවිය ආසන්නයෙන් ගමන් කිරීමට නියමිත බව නාසා ආයතනය ප්‍රකාශ කරනවා. පැයට කිලෝමීටර 23,331 වේගයකින් ගමන් කරන මෙම ග්‍රහකය නම් කර ඇත්තේ 2023 සී ජී වන් ලෙසයි. විශාලත්වයෙන් අඩි 99 ක් පමණ වන එය පෘථිවියට සැතපුම් මිලියන 3.62 ක් ආසන්නයෙන් අද දිනයේ ගමන් කරනු ඇති බවයි නාසා විද්‍යාඥයන් ඇස්තමේන්තු කර ඇත්තේ. ඉදිරි දින කිහිපය තුළ තවත් ග්‍රහක පහක් පෘථිවිය ආසන්නයෙන් ගමන් කිරීමට නියමිත බවයි නාසා ආයතනය පවසන්නේ.

තව කියවන්​න

යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක් හේතුවෙන් ශාස්ත්‍ර පීඨයේ තුන්වන වසරේ සිසුන් සිව්දෙනෙකුගේ පන්ති තහනම් කර තිබෙනවා. එමෙන්ම විශ්වවිද්‍යාල පාලනාධිකාරිය විසින් අදාළ සිසුන්ට ඊයේ දිනයේ සිට විශ්වවිද්‍යාල භූමිය තහනම් ප්‍රදේශයක් ලෙස ද නම් කර ඇති බවයි අප වාර්තාකරු කියා සිටියේ. ශාස්ත්‍ර පීඨයේ තෙවැනි වසරේ සිසුන් පිරිසක් පෙර දින දින රාත්‍රියේ පොලු රැගෙන ගොස් දෙවැනි වසරේ සිසුන් හය දෙනෙකුට පහර දී ඇති අතර, තුවාල ලැබූ එම සිසුන් යාපනය රෝහලට ඇතුළත් කර තිබෙනවා. පහරකෑමෙන් එක් සිසුවෙකුගේ හිසට හා උරහිසට තදබල ලෙස පහර එල්ල වී ඇති අතර සිසුවා බරපතළ තත්ත්වයේ පසුවන බව යි රෝහල් ආරංචි මාර්ග පවසන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් යාපනය පොලිසිය…

තව කියවන්​න

ආනයනික බිත්තරයක් රුපියල් 30ක මුදලකට ආහාර නිෂ්පාදකයින්ට ලබාදිය හැකි බව මුදල් රාජ්‍ය අමාත රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. අවිස්සාවේල්ල ප්‍රදේශයේදී මාධ්‍යට අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියා. නිරෝධායන නීති අනුව රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාවට බිත්තර ආනයනය සදහා අවසර හිමිවන බවයි අමාත්‍යවරයා සදහන් කළේ. ආනයනය කළ බිත්තර, නිෂ්පාදකයින් වෙත ලබා දීම මගින් ඉදිරියේදී බේකරි නිෂ්පාදනවල මිල අඩුවනු ඇති බව ද රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සදහන් කළා.

තව කියවන්​න

වසංගත රෝග පාලනය සදහා පවතින රෙගුලාසී යාවත්කාලීන කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අවධානය යොමුව තිබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ ඒ සදහා නව ගෝලීය මාර්ගෝපදේශ සකස් කිරීමට පෙර පවතින රෙගුලාසි යාවත්කාලීන කළ යුතු බවයි. ජාත්‍යන්තර රෙගුලාසි පිළිබද පැවති ජගත් සෞඛ්‍ය ක්‍රියාකාරී කණ්ඩායම් රැස්වීමේදී ඊට අදාළ එකගතාවකට පැමිණ තිබෙනවා. අඩු ආදායම්ලාභී රටවල සෞඛ්‍ය ගොඩනැගීමේ වැදගත්කම සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡාවට ලක්වු බව ලෝක සෞඛ්‍ය සංවිධානය සදහන් කළා.

තව කියවන්​න

සුනඛ දඩයමේ පැමිණි කඳුකර කොටියෙකු හැටන් හැරල්ට් වතුයායේ නිවසක වැසිකිලියක සිරවී තිබෙනවා. අද අලුයම මෙම කොටියා එම ප්‍රදේශයට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ. නල්ලතන්නිය වනජීවි නිලධාරීන්ට අදාළ කදුකර කොටියා පිළිබද දැනුම් දී තිබෙනවා. මෙම වතුයායට නිරන්තරයෙන් කඳුකර කොටියන් පැමිණෙන බවයි අදාළ වතුයායේ ජනතාව සදහන් කළේ.

තව කියවන්​න

යාපනයේ කයිට්ස්හි නිවසකින් පිළිස්සී මියගිය කාන්තාවන් දෙනෙකුගේ මලසිරුරු සොයාගෙන තිබෙනවා. අදාළ සිරුරු ඊයේ සොයාගෙන තිබු අතර අද පශ්චාත් මරණ පරීක්ෂණ සිදකිරීමට නියමිතයි. මෙලෙස මියගොස් ඇත්තේ එකම පවුලේ සහෝදරියන් දෙදෙනක් බවයි පොලිසිය සදහන් කළේ. ඔවුන් නිවසේ තනිව ජීවත්ව ඇති අතර පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

තව කියවන්​න

ලෝක වෙළදපළේ බොරතෙල් මිල වැඩි වීමක් සිදුව තිබෙනවා. බෙන්ට් වර්ගයේ බොරතෙල් මිල සටහන් ඇත්තේ ඩොලර් 83.16ක් ලෙසයි. අමෙරිකානු ඩබ්ලිව් අයි බොරතෙල් මිල ඩොලර් 76.32ක් ලෙස දැක්වුණා.

තව කියවන්​න