- “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
- මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
- හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
- ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්
- නාවලපිටිය දොළොස්බාගේ මාර්ගය වැසි ජලයෙන් යටවෙයි
- ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි
- පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
Author: VNews
දකුණු දිග පිලිපීනයේ රිච්ටර් මාපක හයක භූ කම්පනයක් සිදු ව තිබෙනවා. එරට වේලාවෙන් අද පස්වරු දෙකට පමණ මෙම භූ කම්පනය සිදු ව ඇත්තේ, මරගුසාන් නගරය ආශ්‍රිතවයි. එය කඳුකර ප්‍රදේශයක් වන මින්දනාවෝ දූපතේ පිහිටා ඇති නගරයක්. භූ කම්පනයෙන් එරට අධිවේගී මාර්ගයක් ද නාය යෑමට ලක් ව ඇති අතර, සිදුව ඇති හානි පිළිබඳ මෙතෙක් වාර්තා වී නැහැ.
මැතිවරණ කොමිෂන් සභාව විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මේ මස 9 වැනිදා පැවැත් වීමට නියමිතව තිබූ පළාත් පාලන මැතිවරණය එළඹෙන අප්‍රෙල් 25 වැනි දා පැවැත්වීම වඩා සුදුසු බව මැතිවරණ කොමිසම විසින් දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරින්ට උපදෙස් ලබා දී තිබෙනවා. ඒ අනුව ඡන්ද පත්‍රිකා මුද්‍රණ කටයුතු සහ සෙසු පහසුකම් සැපයීම සම්බන්ධයෙන් මතු වූ අනපේක්ෂිත සහ නොවැලක්විය හැකි හේතු මත ඡන්දය කල් යන බවයි එම කොමිසම දන්වා සිටින්නේ. පළාත් පාලන ඡන්ද විමසීම් පනතට අනුව අදාල ඡන්ද විමසීමේ දිනය අප්‍රෙල් මස 25 වැනි දා බව දිස්ත්‍රික් තේරි භාර නිලධාරින් විසින් දන්වනු ඇති. මේ අතර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව විශේෂ සාකච්ඡාවක්…
ලොතරැයි වෙළදපොලෙහි ජනප්‍රිය ලොතරැයිපතක් වන ලග්න වාසනාව ටිකට් පතෙහි විශේෂ දිනුම් ඇදීමක් සමග නැවතත් වෙළදපොලට ඉදිරිපත් කිරීමට සංවර්ධන ලොතරැයි මණ්ඩලය තීරණය කර තිබෙනවා. මෙම විශේෂ දිනුම් ඇදීම ලග්න වාසනා සුපිරි ධන යෝගය ලෙසයි නම් කර ඇත්තේ. ලක්ෂපතියන් විශාල පිරිසක් බිහිකර ඇති ලග්න වාසනා ටිකට්පතෙහි විශේෂ දිනුම් ඇදීමට අදාළ ලොතරැයිපත අද දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති, ප්‍රධාන විධායක නිලධාරි අජිත් ගුණරත්න නාරගල මහතාගේ ප්‍රධානත්වයෙන් වෙළදපොලට නිකුත් කරනු ලැබුවා. මෙම විශේෂ ලොතරැයිපතෙහි දිනුම් ඇදීම එළඹෙන මාර්තු මස 24 වන සිකුරාදා දින පැවැත්වීමටයි සියලු කටයුතු සූදානම් කර ඇත්තේ. රුපියල් විස්සේ මිලටම පාරිභෝගික ජනතාවට ලග්න වාසනාව සුපිරි ධන යෝගය ටිකට්පත මිලදී ගත හැකි අතර…
කොළඹ නුවර මාර්ගයේ මාවනැල්ල ගණේතැන්න ප්‍රදේශයේදී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුවී තිබේනවා. අද දහවල් සිදුවී ඇති එම අනතුරෙන් පුද්ගලයින් 23 දෙනෙකු තුවාල ලබා එක් අයෙකු මියගොස් ඇති බව පොලීසිය පැවසුවා. මෙලෙස අනතුරට ලක්වී ඇත්තේ මීගමුවේ සිට මහනුවර බලා ධාවනයවූ පෞද්ගලික බස් රථයක් සහ මහනුවර සිට කොළඹ බලා ධාවනයවූ ලංගම බස් රථයක් .
අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය මේ වනවිට කොටුව දුම්රිය පොළ ඉදිරිපිටට රැස්වී සිටිනවා. ”රනිල් – රාජපක්ෂ ජුන්ටාව පන්නමු, ක්‍රම වෙනසකට පෙළ ගැසෙමු” යන තේමාවෙන් විරෝධතාවක් සංවිධානය කර ඇති බවයි සඳහන් වන්නේ. මේ වන විට එම ස්ථානයට පොලීසිය කැඳවා ඇති අතර ජල ප්‍රහාරක රථද එම ස්ථානයට පැමිණ තිබෙනවා.
වව්නියාව ගුඩ් ෂෙඩ් ප්‍රදේශයේ නිවසක් තුළ තිබූ මළ සිරුරු 4 ක් සොයා ගෙන තිබෙනවා. මව, පියා, දියණියන් දෙදෙනෙකුගේ මළසිරුරු මෙලෙස සොයා ගත් බවයි පොලිසිය පැවසුවේ. වයස අවුරුදු 42 ක පමණ පියා ගෙල වැළලාගෙන මියගොස් ඇති බව සදහන්. 36 හැවිරිදි මව සහ නව හැවිරිදි සහ තුන් හැවිරිදි දැරියන් දෙදෙනාට කිසියම් විෂ ද්‍රව්‍යයක් ලබා දී ඝාතනය කර ඇති බවයි වාර්තා වන්නේ.
ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතිකය අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද තවදුරටත් පහළ ගොස් තිබෙනවා. ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රුපියල් 318.30 ක් සහ විකුණුම් මිල රුපියල් 335.75 ක් ලෙසයි සටහන්ව ඇත්තේ. පසුගිය 03 වන දා ඩොලරයක ගැනුම් මිල රුපියල් 334.50 ක් ලෙස වාර්තා වුණා. එමෙන්ම විකුණුම් මිල රුපියල් 348.03 ක් ලෙස සටහන් වී තිබුණා.
බෙලරුස් විපක්ෂ නායිකාවට අධිකරණය විසින් වසර 15 ක සිර දඩුවමක් නියම කර තිබෙනවා. එරට රජය පෙරළා දැමීමට කුමන්ත්‍රණය කිරීම ඇයට එරෙහිව එල්ල වන චෝදනාවයි. 40 හැවිරිදි ඇය දේශපාලනයට පිවිසීමට පෙර ඉංග්‍රිසි ගුරුවරියක ලෙස සේවය කර තිබෙනවා. මේ වන විට ජනාධිපති ධූරයේ සිටින ඇලෙක්සැන්ඩර් ලුකශෙන්කෝටර්ට අභියෝග කරමින් ඇය 2020 වසරේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණා. කෙසේ වෙතත් ඇලෙක්සැන්ඩර් ලුකශෙන්කෝටර් 1994 වසරේ සිට මේ දක්වා ජනාධිපති ධුරයේ ක්‍රියා කරනු ලබනවා.
රාජ්‍ය මුදල් කාරක සභාවේ නව සභාපතිවරයා ලෙස තේරී පත් වූ සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වීම ලිඛිතව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට දැනුම් දුන්නා. පාර්ලිමේන්තු සභා වාරය ආරම්භ වීමෙන් අනතුරුව කතා නායකවරයා මේ බව පාර්ලිමේන්තුවට දැනුම් දෙනු ලැබුවා. මේ අතර මුදල් කාරක සභාවේ සභාපති ධුරය තාවකාලිකව වජිර අබේවර්ධන මහතාට ලබා දී ඇතැයි පවසමින් විපක්ෂ මන්ත්‍රීවරුන් අදහස් පළ කිරීම හේතුවෙන් පාර්ලිමේන්තු සභාව තුළ නොසන්සුන් තත්වයක් ඇති වුණා. එය ස්ථාවර නියෝගවලට පටහැනි බවයි විපක්ෂයේ මන්ත්‍රීවරුන් චෝදනා කළේ. කෙසේ වෙතත් අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා එහිදි සදහන් කළේ මුදල් කාරක සභාවේ සභාපති ධුරය ඕනෑම මන්ත්‍රීවරයෙකුට දැරීමට හැකියාව තිබෙන බවයි.
නීති විද්‍යාලයේ විභාගයට පෙනී සිටින සිසුන් සදහා ඉංග්‍රීසි භාෂාවෙන් පෙනී සිටීම අනිවාර්ය කිරීමට විරෝධය පළ කරමින් නීති විද්‍යාලයේ සිසුන් පිරිසක් අද දින පාර්ලිමේන්තුවට පිවිසෙන මාර්ගය අවහිර කරමින් විරෝධතාවයක නිරත වී තිබෙනවා. මීට ඉහතදී පාර්ලිමේන්තුව තුළ සාකච්ඡා වුණේ එක්වරම ඉංග්‍රීසි මාධ්‍යට සිසුන්ට අවතීර්ණ වීම අපහසු වීම හේතුවෙන් ඒ සදහා වසර 3 ක පමණ කෙටි කාල සීමාවක් ලබා දෙන ලෙසටයි. කෙසේ වෙතත් මාස 3කට වැඩි කාලයක් ගත වුවද අධිකරණ අමාත්‍යවරයාගෙන් මේ පිළිබදව කිසිදු ප්‍රකාශයක් සිදු නොකිරීම හේතුවෙන් නීති විද්‍යාල සිසුන් මෙලෙස පාර්ලිමේන්තු පිවිසුම අවහිර කරමින් විරෝධතාවයේ නිරත වනවා. අද දින පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා කියා සිටියේ කඩිනමින් මේ සදහා පිලියමක් ලබා…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222















