- කරන්දෙණිය ප්‍රාදේශීය සභාවේ සභාපති මහීල් රංගජීව අභාවප්‍රාප්ත වෙයි.
- ඉරාන ජනාධිපතිගෙන් ප්‍රකාශයක්
- නාවලපිටියේ දී ත්‍රීරෝද රථයක් ගිනි ගනී
- පොලිස් විශේෂ මෙහෙයුම් අඛණ්ඩව
- අපරාධකරුවන් 30කට රතු නිවේදන
- මාරක අනතුරු කිහිපයකින් 05ක් ජීවිතක්ෂයට
- යුරෝපයේ ගුවන් තොටුපොළ රැසක කටයුතුවලට බාධා
- නීති විරෝධීව ධීවර කටයුතු කළ 78 දෙනෙකු නාවික හමුදා භාරයට
Author: VNews
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ ලංකා අයි.ඕ.සී ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් තොග සහ අනෙකුත් ඛනිජ තෙල් නිෂ්පාදනවල කිසිදු හිඟයක් නොමැති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා. ට්ටිටර් පණිවුඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා පැවසුවේ ඉන්ධන පිරවුම්හල්වල ප්‍රමාණවත් තොග ඇති අතර, ලබා දී ඇති සියලුම ඇණවුම් බෙදාහැරීමට කටයුතු කර ඇති බවයි. ඒ අනුව මේ වන විට ඩීසල් මෙටි්‍රක් ටොන් 103,087ක්, සුපර් ඩීසල් මෙට්‍රික් ටොන් 2,977ක්, ඔක්ටෙන් 92 පෙට්‍රල් මෙට්‍රික් ටොන් 52,632ක් සහ ඔක්ටෙන් 95 පෙට්‍රල් මෙට්‍රික් ටොන් 601ක්ද පවතින බවයි කංචන විජේසේකර අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. මේ අතර ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 9,000ක් රැගෙන එන නෞකාව එළැඹෙන 22…
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතුව ඔක්ටේන් 95 පෙට්‍රල් තොග නොමැති බව ඛනිජ තෙල් බෙදුම්කරුවන් පවසනවා . ඒ හේතුවෙන් සති දෙකකට ආසන්න කාලයක සිට එම පෙට්‍රල් ඇණවුම් නොලැබෙන බවයි ඔවුන් සදහන් කලේ . එමෙන්ම දිවයින පුරා ඔක්ටේන් 95 පෙට්‍රල් නොමැති තත්වයකට පත්ව ඇති බවත් වාර්තා වනවා . ඛනිජ තෙල් සංස්ථාව ඔක්ටේන් 95 පෙට්‍රල් තොග නිසි අයුරින් පවත්වාගෙන නොයාම මෙම තත්වයට හේතුවී ඇති බවද ඛනිජ තෙල් බෙදුම්කරුවන් වැඩිදුරටත් ප්‍රකාශ කළා .
මීටියාගොඩන සීනගම දේවාලය ආසන්නයේදී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. පොලිසිය පැවසුවේ ප්‍රාදේශිය දේශපාලනඥයෙකු ඉලක්ක කර ගනිමින් මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි. වෙඩි ප්‍රහාරයට ලක්වු පුද්ගලයෙකු බරපතල තුවාල සහිතව කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත් කර තිබෙනවා. යතුරු පැදියකින් පැමිණි නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් තිබුණා.
අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ නායකත්වය යටතේ ඉන්දියාව අප්‍රිකානු මහාද්වීපයේ රටවල් 42 කට ඉන්දියාවේ නිෂ්පාදිත කොවිඩ් එන්නත් සපයා ඇතැයි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් පවසනවා. කොවිඩ් වසංගතය අතරතුර වුව ද ඉන්දියාව සහ අප්‍රිකාව සමඟ ඇති බැඳීම නොනැසී පැවතුන බවයි ඔහු සඳහන් කළේ. අප්‍රිකානු රටවල නියෝජිතයන්ගේ ද සහභාගීත්වයෙන් පසුගියදා පැවැති උත්සවයකදී ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. එමෙන්ම කොවිඩ් වසංගත සමයේදී ඉන්දියාව අප්‍රිකානු රටවල් 32 කට වෛද්‍ය උපකරණ ලබාදී ඇතැයි ද විදේශ අමාත්‍යවරයා සඳහන් කර තිබෙනවා. එමෙන්ම අප්‍රිකානු රටවල ඒකාබද්ධ නිෂ්පාදන පහසුකම් ගවේෂණය කිරීම සඳහා ඉන්දියානු ඖෂධ නිෂ්පාදකයින් සහ එන්නත් නිෂ්පාදකයින් දිරිමත් කරමින් සිටින…
බටහිර උගන්ඩාවේ සිදුවු ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය සංඛ්‍යාව 40ක් දක්වා ඉහළගොස් තිබෙනවා. මියගිය බහුතරය පාසල් සිසුන් වන අතර තවත් පුද්ගලයින් 08 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. කොංගෝ දේශසීමාව ආසන්නයේ පිහිටි පාසලකට කඩා වැදුනු කැරලිකාර කණ්ඩායමක් විසින් මෙම ප්‍රහාරය එල්ල කර තිබෙනවා. ප්‍රහාරය සිදුවන අවස්ථාවේ පාසලේ සිසුන් 60 දෙනෙකු පමණ සිට ඇති බවයි වාර්තා වන්නේ. පාසල් ගොඩනැල්ලයටද කැරලිකරුවන් විසින් ගිනි තබා තිබෙනවා.
2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගවටය අද සිට ආරම්භ වනවා. සිම්බාබ්වේහිදීයි තරග පැවැත්වෙන්නේ. සමාරම්භක දිනයේ තරග දෙකක් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු තරගයට එක්වන්නේ හෙට එක්සත් අරාබි එමීර් කණ්ඩායමට එරෙහිවයි. ලෝක කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ තරග වටයට කණ්ඩායම් 10ක් තරග කරනවා. අද එක් තරගයක් සිම්බාබ්වේ සහ නේපාල කණ්ඩායම් අතර පැවැත්වෙනු ඇති. අනෙක් තරගය බටහිර ඉන්දිය කොදෙව් සහ අමෙරිකා එක්සත් ජනපදනය අතරයි පැවැත්වීමට නියමිතව ඇත්තේ.
ආයතන කිහිපයක සේවා , අතව්‍යශ්‍ය මහජන සේවා ලෙස ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මහජන සේවා පනතේ ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුවයි මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ. අදාළ ගැසට් නිවේදනය ඊයේ සිට බලාත්මක වනු ඇති. විදුලිය සැපයීම, ඛණිං තෙල් නිෂ්පාදනය සහ ඉන්ධන සැපයීම ඇතුළු බෙදා හැරීමේ කටයුතු එමගින් අත්‍යවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත්කර තිබෙනවා. එමෙන්ම රෝහල්වල සාත්තු නිවාසවල බෙහෙත් ශාලා සහ වෙනත් සමාන ආයතනවල රෝගීන්ගේ රැකවරණය පෝෂණය සහ ප්‍රතිකාර කිරීම ද අත්‍යාවශ්‍ය සේවා බවට පත් වනු ඇති.
දෙවෙනි ලෝක යුධ සමයේ මුහුණ දුන් දුෂ්කරතාවලට සමාන තත්වයකට අපගේ තරුණ ප්‍රජාව පසුගිය සමයේ මුහුණ දුන් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා. කෙසේවෙතත් රජය සාර්ථක විසදුම් සමග ක්‍රමයෙන් එම අසීරු තත්ත්වයෙන් අත්මිදෙමින් සිටින බවයි ඔහු අවධාරණය කලේ. අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද අරලිය ගහ මන්දිරයේ පැවති රොටරි ඉන්ටර්නැෂනල් හි 33 වැනි දිස්ත්‍රීක් අන්තර් ක්‍රියාකාරී සමාජයේ සම්මේලනය අවස්ථාවේදීයි.
ශ්‍රී ලංකාවේ වියට්නාම තානාපතිනිය සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර හමුවක් අද පැවැත්වුනා. කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී අද පස්වරුවේ එම හමුව සිදුව තිබෙනවා. ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර පවතින දීර්ඝ කාලීන ද්විපාර්ශික සබඳතා පිළිබඳව එහිදී දෙපාර්ශවය කරුණු හුවමාරු කරගෙන ඇති බව සඳහන්. වර්තමානයේ වියට්නාමයේ ක්‍රමානුකූල නැගී සිටීම පිළිබඳව ද විපක්ෂ නායකවරයා එහිදී සිය සතුට පළ කර තිබෙනවා. එමෙන්ම වර්තමානයේ ශ්‍රී ලංකාවේ පවතින තත්ත්වය පිළිබඳවද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇති අතර ශ්‍රී ලංකාව ගොඩනැගීම උදෙසා අවශ්‍ය කරන සහයෝගය ලබා ලබාදෙන ලෙස විපක්ෂ නායකවරයා එහිදී තානපතිවරියගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
පොල් ගෙඩියක් වෙළදපොලේ අලෙවි වන්නේ රුපියල් 120-130 ක් වැනි අධික මිලකට හා විවිධ හේතු නිසා වෙළඳපලේ පොල් මිල ඉහළ යනු ලබන අතර, පොල් මිල ඉහළ ගියද වෙළදපොලේ පොල්තෙල් අලෙවි වන්නේ සාධාරණ මිලකටය. එසේ වන්නේ පොල් තෙල් සැපයීමේ කාර්යක්ෂමතාවයක් පවතින නිසාය වුවත් පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකයින් යැයි කියා ගන්නා පිරිසක් විසින් පොල් තෙල් මිල ඉහළ දැමීම සදහා පාර කපමින් සිටිින බවත්, පාරිභෝගිකයින්ට අධික මිලකට බිත්තර හා කුකුලු මස් මිලදී ගැනීමට සිදුව ඇත්තේද මෙවැනිම කූට ව්‍යාපාරිකයින් නිසා හේතුවෙන් බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයෙහි සභාපති රංජිත් විතානගේ මහතා ප්‍රකාශ කළා. දැනට වෙළදපොලේ පවතින පොල් තෙල් සැපයුම අඩාල කර පොල් තෙල් හිගයක් මවාපෑම සදහා කටයුතු සූදානම් කරමින් සිටින මොවුන්ගේ අරමුණ වන්නේ…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222