ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ ලංකා අයි.ඕ.සී ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් තොග සහ අනෙකුත් ඛනිජ තෙල් නිෂ්පාදනවල කිසිදු හිඟයක් නොමැති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.
ට්ටිටර් පණිවුඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා පැවසුවේ ඉන්ධන පිරවුම්හල්වල ප්‍රමාණවත් තොග ඇති අතර, ලබා දී ඇති සියලුම ඇණවුම් බෙදාහැරීමට කටයුතු කර ඇති බවයි.
ඒ අනුව මේ වන විට ඩීසල් මෙටි්‍රක් ටොන් 103,087ක්, සුපර් ඩීසල් මෙට්‍රික් ටොන් 2,977ක්, ඔක්ටෙන් 92 පෙට්‍රල් මෙට්‍රික් ටොන් 52,632ක් සහ ඔක්ටෙන් 95 පෙට්‍රල් මෙට්‍රික් ටොන් 601ක්ද පවතින බවයි කංචන විජේසේකර අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.
මේ අතර ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 9,000ක් රැගෙන එන නෞකාව එළැඹෙන 22 වනදා මෙරටට බවද අමාත්‍යවරයා එහි වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
උණුසුම් පුවත්
- නාවලපිටිය දොළොස්බාගේ මාර්ගය වැසි ජලයෙන් යටවෙයි
- ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි
- පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට














