Author: VNews

ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 250 ක මුදලක් ලබා දී තිබෙනවා. මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මේ බව සදහන් කර තිබුණා. ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 700 ක මුදලක් ලබා දීමට ලෝක බැංකුව පසුගිය දා අනුමැතිය ලබා දුන්නා. ඒ අනුව අයවැය සදහා වෙන්කර තිබූ මුදලින් ඩොලර් මිලියන 250 ක මුදලක් මෙලෙස ලැබී ඇති බවයි අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසුවේ.

තව කියවන්​න

එක්සත් ජාතික පක්ෂයේ ව්‍යවස්ථාව ලබන මාසයේදී සංශෝධනය කිරීමට පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සූදානම් වනවා. එම පක්ෂයේ ව්‍යවස්ථාව ජාතික අවශ්‍යතාවය පරිදි මෙලෙස සංශෝධනය කිරීමට තීරණය කළ බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසුවේ. සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව අවධාරණය කළා.

තව කියවන්​න

ලංකාවේ ඇති සියලුම පැරණි සහ උස් ගොඩනැගිලි සමීක්ෂණයක් මගින් වර්ගීකරණය කළ යුතු බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ හිටපු උප කුලපති භූ විද්‍යා අධ්‍යයන අංශයේ ජේ්‍යෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතා පවසනවා. ඔහු මෙම අදහස් දැක්වීම සිදු කළේ පසුගියදා ශ්‍රී ලංකාවට ගිණිකොනින් එපිට මුහුදේ සිදු වූ භූ චලනයක බලපෑම කොළඹ, බත්තරමුල්ල, අකුරැස්ස සහ ගාල්ල ඇතුළු ප්‍රදේශවලට දැනීම හේතුවෙන්.

තව කියවන්​න

රජයේ මුදල් කාරක සභාව හෙවත් කෝපා කමිටුව හමුවට අද දිනයේදී පරිවාස හා ළමා රක්ෂණ සේවා දෙපාර්තමේන්තුව කැඳවා තිබෙනවා. පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන මෙම කාරක සභාව පස්වරු 2 ට ආරම්භ වීමට නියමිතයි. මේ අතර අද දිනයේදී පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාව හෙවත් කෝප් කමිටුවද රැස් වනවා. එම කාරක සභාව ද පස්වරු 2 ට ආරම්භ වන අතර ඒ සදහා ශ්‍රී ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාව කැඳවීමටයි කටයුතු කර ඇත්තේ.

තව කියවන්​න

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශයට පවතින වැසි සහ සුළං තත්ත්වය හේතුවෙන් බගවන්තලාව සහ නොර්වුඩ් ප්‍රදේශවලට දින දෙකක් විදුලිබලය ඇණහිට තිබෙනවා. ප්‍රදේශවාසින් පවසන්නේ පැවති සුළං තත්ත්වය හේතුවෙන් විදුලි රැහැන් කඩාවැටීමෙන් මෙලෙස විදුලිබලය ඇණහිට ඇති බවයි. එම විදුලි රැහැන් පද්ධතිය යථා තත්ත්වයට පත්කිරීමට මේ වන විට කටයුතු කරමින් සිටින බව අප වාර්තාකරු සඳහන් කළා. එමෙන්ම පවතින වැසි තත්ත්වය හමුවේ කාසල්රි ජලාශයේ ජල මට්ටමද පිටාර මට්ටමට ලඟා වී ඇති බවයි ජලාශ භාර ඉංජිනේරුවරයා සඳහන් කළේ.

තව කියවන්​න

පාරම්පරික වෛද්‍ය ක්ෂේත්‍රය විනාශ කිරීමේ අරමුණින් ආණ්ඩුව ගෙන ඒමට සූදානම් වන පනත වහාම හකුලාගත යුතු බව සමගි ජන බලවේගයේ නායක, විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. කොළඹ විපක්ෂනායක කාර්යාලයේ ඊයේ පැවති සාකච්ඡාවකදී ඔහු මේ බව සදහන් කළා.

තව කියවන්​න

ආයෝජකයන් සඳහා හිතකර පරිසරයකට අවශ්‍ය ප්‍රතිසංස්කරණ සිදු කරමින් ඉඩ ප්‍රස්ථා ලබා දෙන්නේ නම් ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීම සඳහා ලොව පුරා ආයෝජකයින් සූදානමින් සිටින බව විදේශ කටයුතු අමාත්‍ය අලී සබ්රි මහතා පවසනවා. මෙරට බැංකු පද්ධතිය කඩා වැටෙන තුරු ඇතැම් පිරිස් බලා සිටියත් රට ආර්ථික වශයෙන් ගොඩනැඟීමට රජය ගෙන යන වැඩපිළිවෙළට ජාත්‍යන්තරයේ ප්‍රසාදය පළ වී තිබෙන බවයි අමාත්‍යවරයා සදහන් කළේ. විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා මේ බව සදහන් කර සිටියේ ස්ථාවර රටකට සැවොම එක මඟකට යන මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ දී ඊයේ සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවට එක්වෙමින්. තමා පසුගියදා චීනයේ සිදු කළ සංචාරයේ දී චීනයේ මුදල් අමාත්‍යවරයා, විදේශ කටයුතු අමාත්‍යවරයා…

තව කියවන්​න

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන බවට ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් ගොනු කර තිබූ චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය ගත් තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමේ විභාගයට පෙනී සිටීම සඳහා හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අද ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණ තිබෙනවා. එම පෙත්සම් අද ප්‍රීති පද්මන් සූරසේන මහතා ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ. අදාළ චෝදනාව සම්බන්ධයෙන් නඩු පවරනු ලැබූ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු එම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක්…

තව කියවන්​න

මුලතිව්,මල්ලාවි,තෙන්නියර්කුලම ප්‍රදේශයේදී ආවා කල්ලියට සම්බන්ධ බව සැකකරන පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් විශේෂ කාර්ය බලකා මාන්කුලම කඳවුරු නිළධාරීන්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදීයි මෙම පුද්ගලයන් අත්අඩංගුවට ගෙන ඇත්තේ. සැකකරුවන් සතුව තිබී කඩු දෙකක් හා කෙටේරියක් වැටලීම සිදු කළ නිලධාරින් භාරයට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 21 ක් හා 22 ක් වයසේ පසුවන මාන්කුලම ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි අප වාර්තාකරු සදහන් කළේ. ඔවුන් මාන්කුලම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

තව කියවන්​න

චීන ජාතික ගුවන් සේවය වන එයා චයිනා ගුවන් සේවය යළි ශ්‍රී ලංකාව සමග ගුවන් ගමන් ආරම්භ කර තිබෙනවා. ඒ අනුව පළමු මංගල ගුවන් යානය ඊයේ රාත්‍රීයේ කටුනායක ගුවන් තොටුපොළට පැමිණි බවයි අප ගුවන්තොටුපොළ වාර්තාකරු සඳහන් කළේ. මීට වසර තුනකට පමණ පෙර මෙම චීන ජාතික ගුවන් සේවය, ශ්‍රී ලංකාව වෙත සිදු කළ ගුවන් ගමන් කෝවිඩ් 19 තත්ත්වයත් සමග තාවකාලිකව නවතා දමා තිබුණා. මෙම ප්‍රථම මංගල ගුවන් යානය සදහා ඒ 320 එයා බස් වර්ගයේ ගුවන් යානයක් යෙදවීමටයි කටයුතු කර තිබුණේ. චීනයේ ෂිචුවාන් ප්‍රාන්තයේ චෙන්ඩු නුවර ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිට පැමිණි මෙම ගුවන් යානයෙන් ගුවන් මගීන් 142 දෙනෙකු සහ ගුවන් යානා කාර්යය මණ්ඩලය…

තව කියවන්​න