චීන ජාතික ගුවන් සේවය වන එයා චයිනා ගුවන් සේවය යළි ශ්‍රී ලංකාව සමග ගුවන් ගමන් ආරම්භ කර තිබෙනවා.
ඒ අනුව පළමු මංගල ගුවන් යානය ඊයේ රාත්‍රීයේ කටුනායක ගුවන් තොටුපොළට පැමිණි බවයි අප ගුවන්තොටුපොළ වාර්තාකරු සඳහන් කළේ.
මීට වසර තුනකට පමණ පෙර මෙම චීන ජාතික ගුවන් සේවය, ශ්‍රී ලංකාව වෙත සිදු කළ ගුවන් ගමන් කෝවිඩ් 19 තත්ත්වයත් සමග තාවකාලිකව නවතා දමා තිබුණා.
මෙම ප්‍රථම මංගල ගුවන් යානය සදහා ඒ 320 එයා බස් වර්ගයේ ගුවන් යානයක් යෙදවීමටයි කටයුතු කර තිබුණේ.
චීනයේ ෂිචුවාන් ප්‍රාන්තයේ චෙන්ඩු නුවර ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිට පැමිණි මෙම ගුවන් යානයෙන් ගුවන් මගීන් 142 දෙනෙකු සහ ගුවන් යානා කාර්යය මණ්ඩලය 09 දෙනෙකු ද පැමිණ තිබෙනවා.
ඒ අනුව ඉදිරියේදී මෙම චීන ගුවන් සේවයේ ගුවන් යානා පැය පහයි විනාඩි තිහක ගුවන් ගමනක යෙදෙමින් , සෑම සතියකම සදුදා , බදාදා සහ සිකුරාදා යන දින වල චීනයේ චෙන්ඩු නුවර සිට රාත්‍රී 08.55 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණීමට නියමිත අතර යළිත් එම ගුවන් යානා එදිනම රාත්‍රී 10.15 ට කටුනායක සිට චීනයේ චෙන්ඩු බලා පිටත්ව යාමට නියමිතයි.
උණුසුම් පුවත්
- වියට්නාම ජනපති අද දිවයිනට
- ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි
- පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
- යාපනයේ පුද්ගල ඝාතනයක්
- “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
- මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
- හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
- ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්













