- BREAKING NEWS: හිටපු ජනපති රනිල් දැඩි සත්කාර ඒකකයට
- එප්පාවල සර්විස් සෙන්ටර් එකක් ගින්නෙන් දැවෙයි
- රනිල් බලන්න සජිත් බන්ධනාගාර රෝහලට
- රනිල්ව බලන්න මහින්ද බන්ධනාගාර රෝහලට
- ඉන්දියාවේ තවත් වළාකුළු පිපුරුමක්
- රියදුරන්ගේ මත්ද්‍රව්‍ය භාවිතය පිලිබද අහඹු පරීක්ෂණයක්
- බි්රතාන්ය – ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික ණය ගිවිසුමක්
- නීතිවිරෝධී ධීවර කටයුතු මැඩලීම සඳහා ඒකාබද්ධ වැඩපිළිවෙළක්
Author: VNews
තමන් ජනාධිපති වුණු විගස ජනාධිපතිවරයකුගේ වියදම් සියයට 90 කින් අඩු කිරීමට කටයුතු කරන බව ජාතික ජනබලවේගයේ නායක අනුරකුමාර දිසානායක මහතා පවසනවා . ඒ මහතා මේ බව කියාසිටියේ ජනරැලියක් අමතමින් . වොයිස් කට් -අනුරකුමාර දිසානායක
ද්වීපාර්ශ්වික ණයහිමි පාර්ශ්ව සියලුම රටවලට ණය ගෙවීමට ඇති කාලසීමාව දීර්ඝ කිරීම මගින් ලබාදෙන සහනය ශ්‍රී ලංකාවට ද ලබා දී ඇති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා . ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා පැවති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා . විවිධ රටවලට ණය සහන ලබාදීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සංසන්දනය කිරීම ද නිවැරදි තත්ත්වයක් නොවන බව මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් පැහැදිලි කළේ.
දේශීය වෙදකම ජාත්‍යන්තරයට රැගෙන යා යුතු බවත් එමඟින් විදේශ විනිමය ඉපයිය හැකි බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිතිඥ ලලිත් යු.ගමගේ මහතා පවසයි. මධ්‍යම පළාතේ දේශිය හා පාරම්පරික දැනුම සංරක්ෂනය කිරිම හා පාරම්පරික වෛද්‍යවරුන්ගේ අනාගතය සුරක්ෂිත කිිරිම පිණිස පළාත් ආයුර්වේද දෙපාර්තමෙන්තුව ක්‍රියාත්මක කරනු ලබන “මැදරට වෛද්‍ය ප්‍රඥා ප්‍රසාදනි“ සම්මාන ප්‍රදානෝත්සවය මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිතිඥ ලලිත් යු.ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර කරළිය ශාලාවේදි 04දා පැවැත්විණි. මෙහිදි උත්සව සභාව ඇමතු මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිතිඥ ලලිත් යු ගමගේ මහතා කියා සිටියේ පළාතක් ලෙස දේශීය ආයුර්වේද වෛද්‍යවරුන් ඇගයිමේ අවශ්‍යතාවයක් පවතින බවත් එය ඔවුන්ගේ තෘප්තියට කරුණක් බවය.මේ සදහා දායක්තවය ලබා දුන් සියලු දෙනාට ගෞරවය සහ ප්‍රණාමය රජයක් හැටියට සහ පළාත් සභාවක්…
තලාව පොලිස් ස්ථානාධිපතිවරයාට මන්නා පිහියකින් පහරදී තුවාල සිදු කර පොලිස් නිළධාරීන්ගේ රාජකාරියට බාධා කළ තලාව සුමුදුගම ගම්මානයේ පස් දෙනා එළැඹෙන 18 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස තඹුත්තේගම මහේස්ත්‍රාත්තුමන් නියෝග කළේය. තලාව පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ සිද්ධියේ ප්‍රධාන සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළ අතර, පොලිස් අත්අඩංගුවට ගෙන පොලිස් ආරක්ෂාව මැද තලාව ප්‍රාදේශීය රෝහලේ ප්‍රථිකාර ලබන ප්‍රධාන සැකකරුගේ බිරිඳ, පුතු ඇතුළු ඥාතීන්ගේ තත්වය විමසා බැලීමට තඹුත්තේගම මහේස්ත්‍රාත්වරයා රෝහල වෙත පැමිණ ඔවුන්ගේ කරුණු දැක්වීම්ද සැලකිල්ලට ගෙන ඔවුන් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කරනු ලැබීය. ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් පස් දෙනාම…
ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු සාර්ථක කර ගැනීම හේතුවෙන් පසුගිය අර්බුද සමයේ ඇනහිට තිබූ බලශක්ති ක්ෂේත්‍රයට සම්බන්ධ ව්‍යාපෘති යලි ක්‍රියාත්මක කිරීමට හැකි වන බවත් එය බල ශක්ති අර්බුදය විසඳාගැනීමට මහත් පිටුවහලක් වන බවත් විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා සඳහන් කළේය. රට සංවර්ධනය කිරීම සඳහා ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කර ඇති වැඩපිළිවෙළ අඩපණ කිරීමට විපක්ෂයේ ඇතැම් පාර්ශ්ව විසින් කඩාකප්පල්කාරී ක්‍රියාවන්වල නිරතව සිටින බව ද රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (04) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
මාතෘකාව – ජාත්‍යන්තර කරාටේ තරගාවලියේන් ශ්‍රී ලංකාවට රන් පදක්කමක් දිනා ගැනීම සදහා ඊට දායක විය හැකි සියලු දෙනාගෙන් ඉල්ලා සිටින බව පාසල් සමස්ත ලංකා රන් පදක්කම්ලාභී සඳළු සතිශ් බන්දුල ශිෂ්‍යයා පවසයි. අධ්‍යාපන අමාත්‍යාංශය මගින් පවත්වනු ලැබූ පාසල් කරාටේ තරගාවලියේ සමස්ත ලංකා ප්‍රථම ස්ථානය දිනූ අනුරාධපුර ශාන්ත ජෝශප් මහා විද්‍යාලයේ සඳළු සතිශ් බන්දුල ශිෂ්‍යයාට ජාත්‍යන්තර කරාටේ තරගාවලිය සඳහා සහභාගි වීමට අවශ්‍ය මුදල් වෙනුවෙන් අනුග්‍රාහකයෙකු හෝ දානපතියෙකුගේ සහාය අවශ්‍ය බව එම දෙමව්පියන් පවසයි. 2024 දකුණු ආසියානු, ආසියානු හා පොදු රාජ්‍ය මණ්ඩලීය තරගාවලින් සඳහා තෝරා ගැනීම් වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යංශය මගින් පවත්වනු ලැබූ මෙම සමස්ත ලංකා පාසල් කරාටේ තරගාවලියේ දී වයස අවුරුදු 18 න්…
සෞඛ්‍ය කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ උපදෙස් මත සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහිපාල මහතා අද (05) වෛද්‍ය සැපයීම් අංශයේ කටයුතු හදිසි නිරික්ෂණයට ලක් කරන ලදි. මෙහිදි දැනට වෛද්‍ය සැපයුම්වල ප්‍රගතිය, අඛණ්ඩ ඖෂධ සැපයීම් වර්ධනය කර ගැනිම මෙන්ම සැපයුම්වල හිඟතාවයක් ඇති නොවන පරිදි කාර්යක්ෂම සේවාවක් ලබාදිම පිළිබදව අවධානය යොමු කරන ලදි. සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා වෛද්‍ය සැපයීම් අංශයේ ඖෂධ ගබඩාව ඇතුලු ප්‍රධාන අංශ කිහිපයක් ද නිරික්ෂණය කරන ලද අතර, එහි අළුත්වැඩියා කටයුතු කිහිපයක් පිළිබදව ද අවධානය යොමු කරන ලදි. වෛද්‍ය සැපයුම්වල ප්‍රගතිය ද සමාලෝචනය කරන ලද අතර, සමස්ත සෞඛ්‍ය පද්ධතිය තුලම වෛද්‍ය සැපයුම් සම්බන්ධයෙන් සෞඛ්‍ය ලේකම්තුමා…
2024 වර්ෂයේ පාසල් සිසුවියන් වෙත සනීපාරක්ෂක තුවා ලබා දීමේ වැඩසටහනේ පළමු අදියර (ඒ-කොටස) 2024.07.10 දිනෙන් අවසන් වේ. ඒ අනුව සිසුවියන්හට පරිලෝකනය නොවූ තිළිණපත්වලට අදාළ ව මිල දී ගැනීම් සිදු කිරීම සඳහා 2024.07.11 දින සිට 2024.08.10 දින දක්වා කාලය දීර්ඝ කිරීමට අධ්‍යාපන ලේකම් විසින් අනුමැතිය ලබා දී ඇත.
රී ජයවර්ධනපුර මහ රෝහලට විශේෂ බස් රථ සේවාවක අවශ්‍යතාවය පැන නැගී තිබූ අතර, ඒ පිළිබද අවධානය යොමු කරමින් සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මැතිතුමාගේ සහභාගීත්වයෙන් “සුව සැරිය රෝහල් සේවා” නමින් විශේෂ බස් රථ සේවාවක් අද (05) පෙරවරුවේ ශ්‍රී ජයවර්ධනපුර රෝහල් පරිශ්‍රයෙන් ආරම්භ කරන ලදි. මීට පෙර සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සහ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ නිලධාරින් සහ කාර්ය මණ්ඩලය සමග රෝහලේ ප්‍රගතිය පිළිබදව සොයාබැලීමේ විශේෂ සාකච්ඡාවක් පැවැත් වූ අතර, එහිදී රෝහල් කාර්ය මණ්ඩලය සහ ප්‍රතිකාර ලබාගැනීමට පැමිණෙන ජනතාව මුහුණ දෙන ප්‍රධාන ගැටළුවක් ලෙස ප්‍රවාහන දුෂ්කරතාවය පෙන්වා දෙන ලදි.…
රී ලංකා නාවික හමුදාව; ත්‍රීකුණාමලය ඉරනකේනි, නිලාවේලි, මුලතිව් කෝකිලායි, වෙත්තලකේනි චලෙයි, එරක්කන්ඩි සහ ත්‍රීකුණාමලය එළිසබෙත් තුඩුව ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයන්හී 2024 ජුනි මස 30 වන දින සිට 2024 ජුලි මස 03 වන දින දක්වා සිදුකල සෝදිසි මෙහෙයුම් මඟින් නීති විරෝධී දැල් භාවිතයෙන් සහ විදුලි ආලෝක ධාරා භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් තිස් අටක් (38) සමඟ ඩිංගි යාත්‍රා හතක් (07) සහ නීති විරෝධී ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි. ශ්‍රී ලංකාවට අයත් මුහුද සහ වෙරළ කලාපය ඔස්සේ සිදුකෙරෙන නීති විරෝධී ධීවර කටයුතු මැඩපවත්වා, නීත්‍යානුකූල ධීවර කටයුතු ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් නාවික හමුදාව නිරන්තර අවධානයෙන් සිටිමින් මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබයි. ඒ අනුව, 2024 ජුනි මස 30 වන දින නැගෙනහිර නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222