Author: VNews

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඊයේ පැවති තරගවලින් ජයහිමිකර ගන්නට ක්ලම්බු ස්ට්‍රයිකර්ස් සහ ජැෆ්නා කින්ග්ස් කණ්ඩායම් සමත් වුණා. පළමු තරගය පැවැත්වුණේ ක්ලම්බු කණ්ඩායම සහ කැන්ඩි කණ්ඩායම අතරයි. එහිදී පළමුවෙන් පන්දුවට පහරදුන් ක්ලම්බු කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 09ක් දැවී ලකුණු 199ක් රැස් කළා. පිළිතුරු ඉනිම ක්‍රිඩා කළ කැන්ඩි ෆැන්කර්ස් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 08ක් දැවී ලබා ගතහැකි වුණේ ලකුණු 197ක් පමණයි. අනෙක් තරගය පැවැත්වුණේ ජැෆ්නා කණ්ඩායම සහ දඹුල්ල කණ්ඩායම අතරයි. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ජැෆ්නා කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 5ක් දැවී ලකුණු 218ක් රැස් කළා. පිළිතුරු ඉනිම ක්‍රිඩා කළ දඹුල්ල කණ්ඩායමට නියමිත පන්දුවාර 20 තුළ කඩුලු…

තව කියවන්​න

ඊශ්‍රායල – හමාස් සටන් විරාමයකට එළඹීම සඳහා සාකච්ඡා ලබන සතියේ ආරම්භ කිරීමට සූදානම් බවට ඊශ්‍රායලය පවසනවා. ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ ප්‍රකාශකයෙකු කියා සිටියේ මොසාඩ් හෙවත් ඊශ්‍රායල රාජ්‍ය රහස් ඔත්තු සේවයේ ප්‍රධානියෙකු කටාර් හිදී සටන් විරාමයේ මැදිහත්කරුවන් සමඟ මූලික සාකච්ඡාවලට සහභාගිවූ බවයි. කෙසේ වෙතත්, සටන් විරාමයක් සහ ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සඳහා වූ ගිවිසුමක් සම්බන්ධයෙන් දෙපාර්ශවය මේ වන තෙක් නිශ්චිත එකඟතාවකට පැමිණ නොමැති බවයි නවතම විදෙස් වාර්තා සඳහන් කළේ.

තව කියවන්​න

මේ වසරේ ගතවූ කාලය තුළ සමාජ මාධ්‍ය සහ අන්තර්ජාල වංචාවල ඉහළ යෑමක් දක්නට ලැබෙන බව පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසනවා. එහි ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු චරුක දමුණුගල සඳහන් කළේ මේ වසරේ ගතවූ කාලය තුළ සමාජ මාධ්‍ය සම්බන්ධයෙන් පැමිණිලි 7,916 ක් වාර්තා වී ඇති බවයි. එම නිසා මෙම වංචාවලට හසු නොවී කටයුතු කිරීමට වග බලාගන්නා ලෙසද ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියා.

තව කියවන්​න

දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්වය ඉදිරි දින කිහිපයේදීත් තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව බස්නාහිර, සබරගමුව, වයඹ, ඌව පළාත්වලටත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල, මාතර, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකියි.

තව කියවන්​න

පසුගිය 3 වෙනිදා අළුයම් කාලයේ මාතර, කොටවිල, නව මාතෘ රෝහල වෙත ප්‍රතිකාර පිණිස රැගෙන ආ බිළිඳාව, එම රෝහල තුල හදිසි ප්‍රතිකාර ඒකකයක් නොමැති බැවින් මාතර දිස්ත්‍රික් මහ රෝහල වෙත ගෙනයන ලෙසට එහි සිටි නිලධාරීන් විසින් උපදෙස් දී ඇත. එම බිළිඳා මාතර මහ රෝහල වෙත රැගෙන යන විටද මියගොස් ඇති බව වෛද්‍යවරු දන්වා ඇත. මෙම සිදුවීම සම්බන්ධයෙන් මාතර දිස්ත්‍රික් මහ රෝහල් පාලනාධිකාරිය විසින් පරීක්ෂණයක් සිදුකරන අතර, සෞඛ්‍ය ලේකම්ගේ උපදෙස් පරිදි අමාත්‍යාංශයේ විමර්ශන අංශය විසින් පූර්ණ විමර්ශනයක් ආරම්භ කර ඇත. මෑතකදී විවෘත කරන ලද මාතර, කොටවිල, නව මාතෘ රෝහල තුළ ගරු සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ මහතාගේ උපදෙස් ද අනුව හදිසි ප්‍රතිකාර ඒකකයක් ස්ථාපිත කිරීමට අවශ්‍ය පියවර ගන්න බව…

තව කියවන්​න

රටේ අනාගතය බාර ගැනීමට සිටින තරුණ තරුණියන්ගේ ජීවිත තවදුරටත් ව්‍යාකූල නොකර, ඔවුන්ගේ කාලය උදුරා නොගෙන සේවයට වාර්තා කරන ලෙස සියලුම විශ්වවිද්‍යාවල අනධ්‍යන කාර්ය මණ්ඩලයෙන් ඉල්ලා සිටින බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් මහතා සඳහන් කළේය. විශ්වවිද්‍යාල අනධ්‍යන කාර්ය මණ්ඩල සේවකයින්ගේ මාස දෙකක වැටුප් සහ අප්‍රේල් මාසයට අදාළ අතිකාල දීමනා ලබා දීමටත් ඔවුන්ගේ ඉල්ලීම් සඳහා ප්‍රමුඛස්ථානය දී, උදය සෙනවිරත්න කමිටුවට යොමු කර 2025 අයවැයට ඇතුළත් කිරීමට පොරොන්දු වන බවත් රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය. උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (05) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට…

තව කියවන්​න

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ මෙවර ඇසළ පෙරහැර මංගල්‍යය අති උත්කර්ෂවත් අයුරින් අද (06) ආරම්භ වනවා. අද සිට දින 16ක් පුරාවට පෙරහැර පැවැත්වීමට නියමිතයි.

තව කියවන්​න

පසුගිය මාස හය තුළ නීතිවිරෝධීව මෙරට මුහුදු සීමාවට ඇතුලු වූ ඉන්දීය ධීවරයින් 239 දෙනෙකු සිය භාරයට ගත් බව නාවික හමුදාව පවසනවා. නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ගයාන් වික්‍රමසූරිය කියා සිටියේ ඉන්දීය ධීවර යාත්‍රා 32 ක්ද මෙම කාලසීමාව තුළ සිය භාරයට ගත් බවයි.

තව කියවන්​න

වර්ජනයේ නිරත විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයින්ට මේ වනවිට ලබා දිය හැක්කේ, වර්ජනයේ නිරත වූ මාස 2 වැටුප සහ අප්‍රේල් මාසයට අදාළ අතිකාල දීමනා පමණක් බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් මහතා ප්‍රකාශ කළා. ඔවුන් සේවයට වාර්තා නොකළ දින, නිවාඩු දින ලෙස සළකා කිසිදු දඬුවමකින් තොරව නැවත සේවයට වාර්තා කිරීමේ අවස්ථාව පවතින බවයි ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඔහු කියා සිටියේ. වැටුප් වැඩි කරගැනීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමින් විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයින් ආරම්භ කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ගයට අදට දින 66ක් ගතවනවා. මේ අතර රාජ්‍ය සේවයේ ක්‍ෂේත්‍ර රැසකම වෘත්තිකයන් ලබන 9 වනදා ලෙඩ නිවාඩු වාර්තා කර වෘත්තිය ක්‍රියාමාර්ගයක…

තව කියවන්​න

ප්‍රතිපත්ති සම්පාදකයින් ජනතාව රවටා තීන්දු තීරණ ගැනීම වැලක් වීමට කටයුතු කලයුතු බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා . ඒ මහතා මේ බව කියාසිටියේ තවත් සක්වල වැඩසටහනකට එක්වෙමින් . වොයිස් කට් -සජිත් ප්‍රේමදාස

තව කියවන්​න