- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි
- නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
- නුවරඑළියට තද වැසි – අකුණුසැර පතිතවීමෙන් තිදෙනෙකුට සුළු තුවාල
- කුෂ් කිලෝ 46කට අධික ප්‍රමාණයක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
Author: accioAdmin
කාර්යාල දුම්රිය 6ක් අද දිනයේ අවලංගු කර තිබෙනවා. එන්ජින් රියදුරන් සහ ක්‍රියාකරුවන් නොමැතිකම හේතුවෙන් මෙලෙස එම දුම්රියන් අවලංගුකර ඇති බව සඳහන්. මේ අතර උත්සව සමය වෙනුවෙන් ගම්බිම් කරා ගිය පිරිසට නැවත සේවා ස්ථාන සඳහා පැමිණීමට අතිරේක දුම්රිය සේවා අද දිනයේත් ක්‍රියාත්මක බවයි දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එන්.ජේ. ඉඳිපොලගේ මහතා සඳහන් කලේ. අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා ගිය ජනතාවට යළිත් කොළඹට පැමිණීමට අතිරේක දුම්රිය සේවා පසුදිය 14 වැනිදා සිට ආරම්භ කළ බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කලේ.
කඩුවෙල කොරතොට ප්‍රදේශයේ පෞද්ගලික ඉන්ධන පිරවුම්හලකට අද අලුයම පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු මෙම ප්‍රහාරය එල්ල කර පලා ගොස් ඇති බවයි නවගමුව පොලිසිය සඳහන් කලේ. කෙසේවෙතත් එම බෝම්බය පුපුරා ගොස් නැති බව සඳහන්.
කටුනායක ගුවන් තොටුපොළ ප්‍රමුඛව ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක සියලුම ගුවන් තොටුපොළ සහ වරායන් තුළ අද වෘත්තීය සමිති විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කර තිබෙනවා. ගුවන්තොටුපල අප වාර්තාකරු සඳහන් කලේ අද උදැසන ආරම්භ කල මෙම විරෝධතා ව්‍යාපාරය හෙට උදැසන 09 දක්වා වලංගුවන බවයි. ඒ අනුව අත් වල කළු පටි බැද වෘත්තීය සමිති විරෝධතා ව්‍යාපාරයක නිරත වීම ශ්‍රී ලංකා ආගමන විගමන නිලධාරීන්ගේ සංගමය විසින් ආරම්භ කර තිබෙනවා. දැනට ආගමන විගමන දෙපාර්තමේන්තුව තුල පවතින උග්‍ර නිලධාරී හිගය , නිසි කළට තනතුරු සදහා පුරප්පාඩු නොපිරවීම , රාජකාරී සේවා මුර ක්‍රමය වෙනස් කිරීම , රජය ස්ථිර වීසා ප්‍රතිපත්තියක නොපිහිටා කටයුතු කිරීම හේතුවෙන් සංචාරකයන් වේශයෙන් ජාත්‍යන්තර ජාවාරම්කරුවන් රට…
ජනාධිපතිවරණය සඳහා දෙමළ ජනතාවට වෙනම අපේක්ෂකයෙකු අවශ්‍ය නොවන බව ලංකා කම්කරු කොංග්‍රසය පවසනවා. එහි නායක සෙන්දිල් තොණ්ඩමන් මහතා පවසන්නේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමට තම පක්ෂය කටයුතු කරන බවයි. කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ලංකා කම්කරු කොංග්‍රසයේ නායක සෙන්දිල් තොණ්ඩමන් මහතා මේ බව සඳහන් කලා.
ඉදිරියේදී සියලු පක්ෂ ඒකමතිකව වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පොදු අපේක්ෂකයා ලෙස පත් කරගැනු ඇතැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පි, හැරිසන් මහතා පවසනවා. ඒ මහතා සඳහන් කරන්නේ මේ වනවිටත් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පල කිරීමට සුදානමින් සිටින බවයි.
කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවට ලැබී ඇති භාණ්ඩ බෙදා හැරීමේ කටයුතු අද දිනය තුළ ද සිදුකෙරනවා. අද රජයේ නිවාඩු දිනයක් වුවද තැපැල් සේවකයින් රාජකාරි කටයුතු සිදුකිරීමට එකගතාව පළකර තිබුණා. ඒ අනුව අලුත් අවුරුදු සමයේ ප්‍රමාදයකින් තොරව භාණ්ඩ ප්‍රවාහන කටයුතු සිදුකෙරන බවයි තැපැල් දෙපාර්තමේන්තුව සදහන් කළේ. මධ්‍යම තැපැල් හුවමාරුවට අලුත් අවුරුදු සමයේ ඉතිහාසයේ වැඩිම භාණ්ඩ ප්‍රමාණයක් ලැබී ඇත්තේ මේ වසරේයි.
අලුත් අවුරුදු උත්සවය නිමිත්තෙන් අද සහ හෙට යන දෙදින සිල්ලරට මත්පැන් විකිණීම සඳහා සුරාබදු බලපත්‍ර හිමි මත්පැන්හල් සියල්ල වසා තැබිය යුතු බවට සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විසින් නියෝග කර තිබෙනවා. සංචාරක සංවර්ධන අධිකාරියේ අනුමැතිය ලත් තරු පන්ති තුනෙන් ඉහළ හෝටලවල නේවාසික සංචාරකයින් සඳහා සහ විශේෂ බුටික් විලා බලපත්‍ර ලත් ස්ථාන සඳහා එය අදාළ නොවන බව සඳහන්. එමෙන්ම මෙම මස 23 වන දිනට යෙදී ඇති බක්පුර පසළොස්වක පෝය දිනයේදී දිවයින පුරා පිහිටි සිල්ලරට මත්පැන් විකිණීම සඳහා සුරාබදු බලපත්‍ර ලත් ස්ථාන සියල්ලම වසා තැබීමටද සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විසින් නියෝග කර තිබෙනවා.
දිස්ත්‍රික්ක 13ක් සඳහා බලපැවැත්වෙන පරිදි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නවතම නිවේදනයක් නිකුත් කර තිබෙනවා.. අද පස්වරුවේ හෝ රාත්‍රී කාලයේ ප්‍රබල අකුණු ඇතිවීමේ හැකියාවක් ඇති බවයි එම නිවේදනය මගින් දක්වා ඇත්තේ. ඒ අනුව බස්නාහිර, මධ්‍යම, සබරගමුව, ඌව සහ වයඹ යන පළාත්වලට හා ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලට බලපැවැත්වෙන පරිදි මෙම අනතුරු ඇඟවීම සිදුකරන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. අදාළ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතිනවා. එබැවින් අකුණු මගින් සිදුවිය හැකි අනතුරු අවම කරගැනීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙසයි කාලගුණ බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
වීසා කාලය ඉක්මවූ විදේශිකයන් විශාල ප්‍රමාණයක් මෙරට තුළ සිටින බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසනවා. සංචාරක ක්ෂේත්‍රය ආශ්‍රිතව මෙරට තුළ ව්‍යාපාරවල නිරතවන විදේශීකයන් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පැවති රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාවේදී යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනුයි ඔවුන් මේබව සඳහන් කර අත්තේ. ඒ අනුව වීසා කාලය ඉක්මවූ විදේශිකයන් 2,400 මෙරට සිටින බව අනාවරණ වී තිබෙනවා.
උත්සව සමය තුළ මෙරට පාරිභෝගිකයන්ට අවශ්‍ය ඉන්ධන සිපෙට්කෝ ඉන්ධනහල් මඟින් අඛණ්ඩව සැපයීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බව එම සමාගම අවධාරණය කරනවා. රටේ ඉන්ධන අවශ්‍යතාවට සරිලප පරිදි අවශ්‍ය ඉන්ධන ආනයනය කර ගබඩාවල ප්‍රමාණවත් සංචිත තිබෙන බවයි ඛනිජතෙල් නීතිගත සංස්ථාව සඳහන් කලේ
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222















