Author: accioAdmin

අද දවසේ කාලගුණ තත්ත්වය

බස්නාහිර, සබරගමුව මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විදයා දෙපාර්තමේන්තුව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පවසන්නේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල මිලිමීටර් 100 ට වැඩි තද වැසි ඇති විය හැකි බවයි. එසේම උතුරු මැද පළාතේත් මන්නාරම සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවද එම නිවේදනයේ සඳහන්. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට සහ ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැයට කිලෝමීටර් 50ක 60ක පමණ තද සුළං ඇති විය හැකි බවයි…

තව කියවන්​න

නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ රුපියල් විසි දෙලක්ෂ විසි දහසක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් සමග පුද්ගලයකු කටුනායක ගුවන් තොටුපොලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අද අලුයම අදාළ පුධලයා අත් අඩංගුවට ගත බවයි ගුවන්තොටුපල අප වාර්තාකරු සඳහන් කලේ. සැකකරු පොලිස් ඇප මත මුදා හැර ඇති අතර , ලබන 30 වනදා මෙම පුද්ගලයා සමග ඔහු විසින් නීතිවිරෝධී ලෙස රැගෙන ආ දුම්වැටි තොගය ද මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය .

තව කියවන්​න

අස්වැසුම ප්‍රතිලාභීන්ට සිය ගිණුම් වෙත බැර කෙරෙන මුදල්වලින් ස්ව කැමැත්ත මත රජයේ සුබ සාධන වැඩසටහන් සඳහා දායක වීමේ අවස්ථාව උදාකර දීමට කටයුතු කර ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසනවා. ඒ අනුව අදාළ මාසික වාරික මුදලින් යම් මුදලක් ගිණුම් හිමියාගේ කැමැත්ත මත රජයේ සුබ සාධන වැඩසටහන්වලට අදාළ ගිණුම් වෙත බැර කිරීමට බාධාවක් නොමැති බව සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති ජයන්ත විජේරත්න මහතා සියලු බැංකු වෙත දැනුම් දී ඇති බව සඳහන්. මීට පෙර අස්වැසුම ප්‍රතිලාභ මුදලින් වෙනත් කිසිදු ගෙවීමක් සිදු නොකරන ලෙසයි බැංකු වෙත දන්වා තිබූනේ. ඒ අනුව රජය මගින් ක්‍රියාත්මක, අස්වැසුම වැඩසටහනේ අරමුණුවලට පටහැනි නොවන සුබ සාධන වැඩසටහන් සඳහා…

තව කියවන්​න

මන්නාරම ආසන්න මුහුදේ නීති විරෝධීව ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 08 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් පැමිණි යාත්‍රාවද සිය භාරයට ගත බවයි නාවික හමුදාව සඳහන් කලේ. ඉදිරි නීතිමය කටයුතු සඳහා ධීවරයින් පිරිස හා යාත්‍රාව ධීවර දෙපාර්තමේන්තුවට භාරදීමට නියමිතයි.

තව කියවන්​න

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රතිපත්ති ප්‍රකාශය ලබන මස පළමු සතිය තුළ එළිදැක්වීමට නියමිත බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා පවසනවා. ඒ මහතා සඳහන් කලේ මේ වන විට සිය ප්‍රතිපත්ති ප්‍රකාශය සකස් කිරීමේ අවසන් කටයුතු සිදුවන බවයි.

තව කියවන්​න

2024 පැරා ඔලිම්පික් උළෙල හෙට ආරම්භ වීමට නියමිතයි. ප්‍රංශයේ පැරිස් නුවරදී ආරම්භ වන මෙම උළෙලට ක්‍රීඩා ඉසව් 22ක් ඇතුළත්. එමෙන්ම රටවල් 189කින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 4,400කට අධික සංඛ්‍යාවක් ඒ සඳහා සහභාගී වන බවයි වාර්තා වන්නේ. මෙම ක්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලංකාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 8 දෙනෙක් එක් වී තිබෙනවා.

තව කියවන්​න

සමගි ජන සන්ධානයේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය ලබන 29 වනදා නිකුත් කිරීමට නියමිතව තිබෙනවා. අදාළ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සැලසුම් සියල්ල මේ වන විට අවසන් කර ඇති බවයි එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති සුජීව සේනසිංහ මහතා සඳහන් කලේ.

තව කියවන්​න

ශ්‍රී ලංකා නාවික හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී ලෙස රියර් අද්මිරාල් කාංචන බානගොඩ මහතා පත් කර තිබෙනවා. ඔහු මීට පෙර නැගෙනහිර නාවික විධානයේ ආඥාපති වශයෙන් සේවය කරනු ලැබුවා.

තව කියවන්​න

ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා තමන් යටතේ තිබූ රාජ්‍ය ආයතනවල වගකීම්වලින් ඉවත් වීමට තීරණ කර තිබෙනවා. රාජ්‍ය අමාත්‍යවරයා විසින් ඒ පිළිබඳව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතාට දැනුම් දීමට ද කටයුතු කර ඇති බවයි වාර්තාවන්නේ. ඒ අනුව රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා ලංකා ධීවර සංස්ථාව, නාරා ආයතනය, සීනෝර් ආයතනය සහ නෝර්ත් සී යන ආයතනයවල වගකීම්වලින් ඉවත් වී තිබෙනවා. ලංකා ධීවර සංස්ථාවේ සභාපති සම්බන්ධයෙන් එම සංස්ථාවේ පැන නැගී ඇති ගැටලු‍කාරී තත්ත්වය සහ ප්‍රතිපත්තිමය තීන්දු තීරණ හේතුවෙනුයි ඔහු සිය වගකීම්වලින් ඉවත් වී ඇත්තේ.

තව කියවන්​න

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කතෝලික රදගුරු සම්මේලනයේ සභාපති රදගුරු හැරල්ඩ් ඇන්තනි පෙරේරා හිමි ඇතුළු පියතුමන්වහන්සේ පිරිසක් හමුව තිබෙනවා. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කලේ එම හමුවේදී රට තුළ ක්‍රියාත්මක අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විමර්ශන, පාරිසරික සහ ආගමික කටයුතු පිළිබඳව සාකච්ඡා කර ඇති බවයි. රටේ ආර්ථිකය සහ ජනතාවගේ ජීවන වියදම් අභියෝගවලට මුහුණ දීම සඳහා රජය ක්‍රියාත්මක කරන සැලසුම් පිළිබඳව ජනාධිපතිවරයා විසින් මෙහිදී පියතුමන්ලා දැනුවත් කර තිබෙනවා.

තව කියවන්​න