- “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
- මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
- හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
- ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්
- නාවලපිටිය දොළොස්බාගේ මාර්ගය වැසි ජලයෙන් යටවෙයි
- ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි
- පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
Author: accioAdmin
2023 වර්ෂයේ පවත්වන ලද ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවා සීමිත තරග විභාගයේ ප්‍රතිඵල නිකුත් කර තිබෙනවා. එම ප්‍රතිඵල අනුව සම්මුඛ පරීක්ෂණ සඳහා සුදුසුකම් ලත් 735 දෙනකුගේ නාම ලේඛනය මේ වන විට විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට ඇතුළත් කර ඇති බවයි ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව සඳහන් කලේ. www.doenets.lk වෙබ් අඩවියට පිවිසීමෙන් අපේක්ෂකයන්ට එම ප්‍රතිඵල බැලීමේ හැකියාව පවතිනවා.
රත්රන් මිල ගණන් අද දිනයේදී වැඩිවී තිබෙනවා. අද දිනයේ දී වෙළඳපොළේ රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 713,245ක් ලෙසයි. එය ඊයේ දිනයට සාපේක්ෂව රුපියල් 6,683ක වැඩිවීමක් පෙන්නුම් කරනවා. ඒ අනුව කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 25,160ක් ලෙසයි සටහන්ව ඇත්තේ. කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 23,070ක් සහ රුපියල් 22,020ක් ලෙසයි දැක්වුණේ. එමෙන්ම කැරට් 24 රන් පවුමක මිල දැක්වුණේ රුපියල් 201,300ක් ලෙසයි. කැරට් 22 පවුමක් රුපියල් 184,550ක් මෙන්ම කැරට් 21 පවුමක මිල රුපියල් 176,150ක් ලෙසත් සඳහන්ව තිබුණා .
කළුතර ප්‍රදේශයේ නිවාඩු නිකේතනයක් තුල මියගිය විදෙස් ජාතික කාන්තාවකගේ සිරුරක් හමුවී තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ 74 හැවිරිදි රුසියානු ජාතික කාන්තාවක් බවයි වාර්තාවන්නේ. මෙම කාන්තාව මීට මාස එකොළහකට පමණ පෙර මෙරටට පැමිණ ඇති අතර, ඇය කුලී පදනම මත අදාළ නිවාඩු නිකේතනයේ නාවාතන් ගෙන සිට තිබෙනවා. මේ සම්බන්ධයෙන් කළුතර උතුර පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පස්වරුවේ නුවරඑළිය උඩුපුස්සැල්ලාව වැවිලි සමාගමට අයත් කෝට් ලොජ් වතු යායේ සංචාරයක නිරතවූනා. එහිදී ජනාධිපතිවරයා සඳහන් කලේ වතු සේවකයින්ගේ දෛනික වැටුප සම්බන්ධයෙන් තමා සොයා බලන බවයි. ඒ සම්බන්ධයෙන් සමාගම් සහ වෘත්තීය සමිතිවල අදහස් සොයා බලන බවද ජනපතිවරයා එහිදී වතු ජනතාවට ප්‍රකාශ කලා. වෘත්තීය සමිති විසින් ඉල්ලා ඇති රුපියල් 1500ක දිනක වැටුප පිළිබඳව ද ජනාධිපතිවරයා මෙහිදී අදහස් පල කලා. එහිදී ජනාධිපතිවරයා සඳහන් කලේ රැපියල් 1000ක දිනක වැටුප වතු කම්කරු ජනතාවට ලබා දීමට වතු හිමියන් මේ වනවිට එකගතාව පල කර ඇති බවයි. ඉතිරි රුපියල් 500ක මුදල දිරිගැන්වීමේ දීමනා ලෙස ලබාදීමට හැකියාව ඇත්දැයි සොයා බලන බවයි ජනාධිපතිවරයා සඳහන් කර…
මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 263 ක් සමග අත්අඩංගුවට පත් දෙවුන්දර ධීවරයින් 10 දෙනා ලබන 22 දින දක්වා රඳවා ප්‍රශ්න කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා නියෝග කර තිබෙනවා. සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින් මත්ද්‍රව්‍ය කාර්යාංශය කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුවයි මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කර ඇත්තේ. අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 179.906ක් සහ හෙරොයින් කිලෝග්‍රෑම් 83.582ක් සමඟ දෙවුන්දර වෙරලේ සිට කිලෝමීටර් 246 ක් ඈත මුහුදේදී මෙම ධිවරයින් අත්අඩංගුවට ගෙන තිබුනා. ඒවායෙහි වටිනාකම රුපියල් කෝටි 380 කට අධික බවයි ගණන් බලා තිබුනේ. ඒ අනුව මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම, සන්තකයේ තබා ගැනීම ඇතුළු චෝදනා යටතේ සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කළ අතර මත්ද්‍රව්‍ය ජාවාරම් ජාලය අනාවරණය කරගැනීම…
අවුරුදු උත්සවයක ග්‍රීස් ගසක් කඩාවැටීමෙන් සිවු දෙනකු තුවාල ලබා තිබෙනවා. ගම්පොළ, ගම්පලවෙල රජඇළගම ප්‍රදේශයේ පැවැති අවුරුදු උත්සවයක් අතරතුරයි මෙම අනතුර සිදුව ඇත්තේ. තරුණයන් පස් දෙනකු ඉදිරිපත්ව ග්‍රීස් ගස තරණය කරමින් සිටියදී මෙලස ග්‍රීස් ගස කඩාවැටී ඇති බවයි පොලිසිය පවසන්නේ.
අලුත් අවුරුදු නිවාඩුව වෙනුවෙන් ගම්බිම් බල ගිය ජනතාවට කොළඹට පැමිණීමට අවශ්‍ය පෞද්ගලික බස් සේවා තව දුරටත් ඉහළ නංවන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා. එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේ හෙට දිනයේ සිට 75%කින් පෞද්ගලික බස් ධාවනය ඉහළ දමන බවයි. ගම බිම් බලා ගිය ජනතාව මේ ආකාරයෙන් කොටස් ලෙස යලිත් කොළඹට පැමිණීම හේතුවෙන් ඇති වීමට තිබු මගී තදබදය අවම වී ඇති බවයි ඒ මහතා සඳහන් කලේ.
2024 ගතවූ මාස කිහිපය තුල මෙරටින් වාර්තා වු ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 21,000 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. ඉන් වැඩිම පිරිසක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන් බවයි වාර්තාවන්නේ.. එම මාස කිහිපය තුළ බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 7,547ක් . ඉන් වැඩිම සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර එම සංඛ්‍යාව 4,527ක් බවයි සෞඛ්‍ය අංශ සඳහන් කලේ. එමෙන්ම මෙම වසර තුළ ඩෙංගු මරණ 08ක් පමණ වාර්තා වී ඇති බවයි ඩෙංගු මර්දන ඒකකය සදහන් කළේ.
කොළඹ කොටුව දුම්රිය ස්ථානයේදී සිදුවු දුම්රිය අනතුර සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකිරීම සඳහා කමිටුවක් පත් කර තිබෙනවා. හලාවත බලා ධාවනය වීමට නියමිතව තිබූ අදාළ දුම්රිය කොටුව දුම්රිය ස්ථානයේ පළමු වේදිකාවට පැමිණිමේදී දුම්රිය නියමිත ස්ථානයේ නතර කරගැනීමට නොහැකිවී වේදිකාවේ ගැටීමෙන් ඊයේ මෙම අනතුරට සිදුව තිබුණා . අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර විමර්ශන කටයුතු අවසන් වන තෙක් සිද්ධියට අදාළ දුම්රිය රියදුරුගේ සේවය අත්හිටුවා ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එන්. ජේ ඉඳිපොලගේ මහතා සඳහන් කලා.
ආර්ථික වශයෙන් වැටී තිබූ රට යළිත් ගොඩනැගීමට ජනාධිපතිවරයා ගෙනයන වැඩපිළිවෙළ සාර්ථක බවට ජාත්‍යන්තරය ද පිළිගෙන ඇතැයි එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පවසනවා. ඒ මහතා සඳහන් කරන්නේ ආර්ථික වශයෙන් පහතට වැටි තිබු වෙන කිසිඳු රටකට වඩා වේගයෙන් ශ්‍රී ලංකාව යලි නැගී සිටින බවයි.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222















