- වසර 27කට පසු දිල්ලියේ බලය මෝදිගේ පක්ෂයට
- නීති විරෝධීව මෙරටට ගෙන්වන ලද විදේශීය දුම්වැටි සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට
- මුල් දින 05 තුල සංචාරකයින් 44,000ක් දිවයිනට
- පාරිභෝගික අධිකාරියෙන් මේ වන විට සහල් වැටලීම් 2,000 ක්
- විදුලි බිල පනත සංශෝධනයට අදාලව මහජන අදහස් ලබා ගැනීමේ කාලය දීර්ඝ කෙරේ
- කලාපීය ආරක්ෂාව ගැන ඉන්දියාවෙන් ලංකාවට සහතිකයක්
- ඇලස්කාවේ අතුරුදන් වූ ගුවන් යානයේ සුන්බුන් හමුවෙයි
- පාරිභෝගික අධිකාරියේ සහල් වැටලීම් අඛණ්ඩව
Author: accioAdmin
දකුණු මෙක්සිකෝ නගරයේ දී සිදුවූ හෙලිකොප්ටර් අනතුරක් හේතුවෙන් නියමුවා සහ මගීන් දෙදෙනෙකු මිය ගොස් තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කලේ අදාළ හෙලිකොප්ටරය මෝටර් රථ අලුත්වැඩියා කිරීමේ වෙළඳසැලක් මතට කඩා වැටි ඇති බවයි . මෙලෙස අනතුරට ලක් ව ඇත්තේ පෞද්ගලික ගුවන් යානයක් වන අතර අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ
ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් තබා තිබෙනවා. වියට්නාමය සහ ශ්‍රී ලංකා රජය වෙනුවෙන් වියට්නාම් බෞද්ධ මූලස්ථානයේදීයි එම ගිවිසුම අත්සන් කර ඇත්තේ. ඒ ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර දෙරටේ බෞද්ධ මිත්‍රත්වය වර්ධනය කිරීමට උදෙසායි.
හක්මන ප්‍රදේශයේ සිදුවූ ඝාතනයකට සම්බන්ධ සැකකරුවකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි 46 හැවිරිදි පුද්ගලයෙක්. හක්මන කහටගහකොරටුව ප්‍රදේශයේ දී 21 හැවිරිදි තරුණයෙකු ඊයේ තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබුණා . ඒ අනුව සිදු කල පරීක්ෂණ වලදී පැරණි අමනාපයක් මත මියගිය පුද්ගලයාගේ බාප්පා විසින් එම ඝාතනය සිදුකර ඇති බවයි අනාවරණ වී ඇත්තේ. ඒ අනුව සිද්දියට සම්බන්ද සැකකරු ප්‍රදේශයෙන් පළාගොස් සිටියදී ඊයේ රාත්‍රියේ හක්මණ ගල්කන්ද ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ගල්කිස්ස ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ බොරුපන රත්මලාන ප්‍රදේශයේ පදිංචිව සිටි 52 හැවිරිදි පුස්ගලයෙක් බව සඳහන්. සිය නිවස තුළ නිදාසිටියදී එම පුද්ගලයා මෙලෙස ඝාතනයට ලක්ව තිබෙනවා. පොලීසිය පවසන්නේ නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම ඝාතනය සිදුකර ඇති බවයි.
ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රසියි ලබන සතියේ මෙරට සංචාරයක නිරත වීමට නියමිතයි. උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ලබන 24 වනදා නිල වශයෙන් මහජනතාවට බාරදීම සදහා වන උත්සවයට සහභාගී වීම සඳහා ඉරාන ජනාධිපතිවරයා දිවයිනට පැමිණීමට නියමිත බවයි වාර්තා වන්නේ. උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ඉරාන අපනයන සංවර්ධන බැංකුවේ ණය ආධාර මත 2011 වසරේ දී ආරම්භ කෙරුණු අතර එමගින් ජාතික විදුලි බල පද්ධතියට මෙගාවොට් 120ක විදුලි ධාරිතාවත් එක්කිරීමට නියමිතයි.
ලෝකයේ ජනප්‍රියම අන්නාසි ප්‍රභේදයක් වන MD 2 හෙවත් Super Sweet pine apple අන්නාසි ප්‍රභේදය ශ්‍රී ලංකාවේ වගාව සඳහා කඩිනමින් නිර්දේශ දෙන ලෙස අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී තිබෙනවා. MD 2 අන්නාසි ප්‍රභේදය සඳහා ලෝක වෙළෙඳපොළේ විශාල ඉල්ලුමක් පවතිනවා. නමුත් මේ වන තෙක් එම අන්නාසි ප්‍රභේදය මෙරට වගා කිරීමට පියවර ගෙන නැහැ. මිහිරි රසයකින් මෙන්ම අවම ආම්ලිකතාවයකින් යුත් එම අන්නාසි ප්‍රභේදය මෙරට වගා කිරීම සඳහා කළ පර්යේෂණ සාර්ථක වී ඇති බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කලේ.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද ප.ව. 2.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම ඌව පළාතේත්, මඩකලපුව, අම්පාර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කලේ. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවල මි.මී. 75ක පමණ තරමක තද වැසි ඇතිවිය හැක. බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පවතින බවයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවසඳහන් කලේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු…
සිංහල-හින්දු අළුත් අවුරුදු නිවාඩුවත් සමග යෙදුනු සති අන්තයේ හා ඉන් පසුවත් නල්ලතන්නිය-ශ්‍රීපාද මාර්ගයෙන් ශ්‍රීපාද වන්දනාව සඳහා විශාල වන්දනාකරුවන් පිරිසක් පැමිණ තිබෙනවා. දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට බෞද්ධ, හින්දු ඇතුළු අන්‍යාගමිකයින් රැසක් මෙසේ ශ්‍රීපාදස්ථානය බලා පැමිණෙමින් සිටින බවයි අප වාර්තාකරුවන් සඳහන් කලේ . දුම්රියෙන් හැටන් බලා පැමිණෙන වන්දනාකරුවන් සඳහා විශේෂ බස් සේවාවක් හැටන් දුම්රිය ස්ථානයේ සිට නල්ලතන්නිය දක්වා හැටන් ලංගම ඩිපෝව මගින් යොදවා තිබෙනවා.
අකුණුසැර වැදීමෙන් ඇතිමලේ කොටියාගල හතේඇල ප්‍රදේශයේ පුද්ගලයකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ ඇතිමලේ ප්‍රදේශයේම පදිංචිව සිටි 65 හැවිරිදි සයදරු පියෙක්. සිය පුතු සහ තවත් දෙදෙනෙකු සමඟ කුඹුරේ වැඩකරමින් සිටියදී ඔහු මෙම අනතුරට මුහුණ පා තිබෙනවා, අකුණුසැර වැදී බරපතළ තුවාල ලැබූ අදාළ පුද්ගලයා ඇතිමලේ ප්‍රාදේශීය රෝහලට ඇතුලත්කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව සඳහන්.
කාර්යාල දුම්රිය 6ක් අද දිනයේ අවලංගු කර තිබෙනවා. එන්ජින් රියදුරන් සහ ක්‍රියාකරුවන් නොමැතිකම හේතුවෙන් මෙලෙස එම දුම්රියන් අවලංගුකර ඇති බව සඳහන්. මේ අතර උත්සව සමය වෙනුවෙන් ගම්බිම් කරා ගිය පිරිසට නැවත සේවා ස්ථාන සඳහා පැමිණීමට අතිරේක දුම්රිය සේවා අද දිනයේත් ක්‍රියාත්මක බවයි දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එන්.ජේ. ඉඳිපොලගේ මහතා සඳහන් කලේ. අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා ගිය ජනතාවට යළිත් කොළඹට පැමිණීමට අතිරේක දුම්රිය සේවා පසුදිය 14 වැනිදා සිට ආරම්භ කළ බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කලේ.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222