- වසර 27කට පසු දිල්ලියේ බලය මෝදිගේ පක්ෂයට
- නීති විරෝධීව මෙරටට ගෙන්වන ලද විදේශීය දුම්වැටි සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට
- මුල් දින 05 තුල සංචාරකයින් 44,000ක් දිවයිනට
- පාරිභෝගික අධිකාරියෙන් මේ වන විට සහල් වැටලීම් 2,000 ක්
- විදුලි බිල පනත සංශෝධනයට අදාලව මහජන අදහස් ලබා ගැනීමේ කාලය දීර්ඝ කෙරේ
- කලාපීය ආරක්ෂාව ගැන ඉන්දියාවෙන් ලංකාවට සහතිකයක්
- ඇලස්කාවේ අතුරුදන් වූ ගුවන් යානයේ සුන්බුන් හමුවෙයි
- පාරිභෝගික අධිකාරියේ සහල් වැටලීම් අඛණ්ඩව
Author: accioAdmin
විශ්‍රාමිකයින්ගේ සංගම් එකමුතුව විසින් හෙට දිනයේදී උද්ගෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. විශ්‍රාමිකයින්ට බලපාන ප්‍රධාන ගැටළු 4ක සම්බන්දයෙන් මෙම උද්ගෝෂණ ව්‍යාපාරය පවත්වන බවයි එම සංගමය ප්‍රකාශ කලේ. ඒ අනුව හෙට උදැසන 11ට රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය ඉදිරිපිටදී උද්ගෝෂණය පැවැත්වීමට නියමිතයි.
ඇල්පිටිය – අවිත්තාව ප්‍රධාන මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් කුඩා දරුවන් දෙදෙනෙකු ඇතුළු එකම පවුලේ පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තිබෙනවා. ත්‍රිරෝද රථයක් ලොරි රථයක මුහුණට මුහුණ ගැටීමෙන් එම අනතුර සිදුව ඇති බව සඳහන්. අනතුරින් මියගොස් ඇත්තේ ත්‍රිරෝද රථයේ ගමන් ගත් පිරිස පිරිසෙන් කිහිප දෙනෙකු බවයි පොලිසිය සඳහන් කලේ. ඒ අනුව 68 හැවිරිදි ත්‍රිරෝද රථ රියදුරු සහ ඔහුගේ 10 හැවිරිදි මුණුපුරා සහ සත් හැවිරිදි මිණිපිරිය අදාළ අනතුරින් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. මියගිය ත්‍රිරෝද රථ රියදුරුගේ බිරිඳ . දියණිය සහ 18 හැවිරිදි මිණිපිරිය තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ. අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපති ධුරය සඳහා අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාව පත්කර තිබෙනවා. අද රැස්වූ පක්ෂයේ විධායක සභාව විසින් මෙම තීරණය ගෙන් ඇත්තේ. හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභා රැස්වීම කෝට්ටේ පිහිටි පෞද්ගලික හෝටලයකදී අද පෙරවරුවේ රැස්වුණා. ඒ සඳහා අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ සහ වැඩබලන මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දුෂ්මන්ත මිත්‍රපාල ඇතුලු පිරිසක් සහභාගි වෙනු ලැබුවා.
වතු සේවකයින් හෙට සිට වර්ජනයක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා. තම දෛනික වැටුප් වැඩිකරන ලෙස ඉල්ලමිනුයි මෙම වර්ජනයක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇත්තේ. මේ අතර එම වැඩ වර්ජනයට දමිළ ප්‍රගතිශීලි සන්ධානය පුර්ණ සහයෝගය ලබාදෙන බව නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි දිගම්බරම් මහතා සඳහන් කළා. වතු සේවකයින් ගේ දෛනික වැටුප රු 1,700 දක්වා වැඩි කරන ලෙසට ජනාධිපතිවරයා විසින් තේ වතු සමාගම්වලට මින් පෙර උපදෙස් ලබා දී තිබුනා. එම වැටුප ලබාදිමට වතු සමාගම් එකඟතාවය පළ නොකිරිමට විරෝධය පළ කරමිනුයි මෙම වැඩවර්ජනය සිදුකෙරෙන්නේ.
සීගිරිය සහ දඹුල්ල සංචාරක කලාප ලෙස සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියේ මූලික සැලසුම් මෙම වසරේ තුන්වැනි කාර්තුව අවසානයට පෙර නිම කිරීමට සැලසුම්කර තිබෙනවා. මෙම ව්‍යාපෘතියේ පහසුකම් සැපයීම වෙනුවෙන් මුදල් අමාත්‍යංශය විසින් කමිටුවක්ද පත්කර ඇති බව සඳහන්. 2019 වසරේදී ආරම්භ කෙරුණු මෙම ව්‍යාපෘතිය කොවිඩ් වසංගතය සහ ආර්ථික අර්බුදය හේතුවෙන් අතරමග නතර කිරීමට සිදුවුනා. ආසියානු සංවර්ධන බැංකුවේ සහාය ඇතිව ක්‍රියාත්මක කෙරෙන මෙම ව්‍යාපෘතියට ඇස්තමේන්තුගත මුළු මුදල ඇමරිකානු ඩොලර් මිලියන 30ක්. සීගිරිය, දඹුල්ල සහ ත්‍රිකුණාමලය නගරවල හඳුනා ගන්නා ලද ස්ථාන සංරක්ෂණය කිරීම සහ සංවර්ධනය කිරීම මේ යටතේ සිදු කෙරෙනවා
කිසිවෙකුටත් අන්තවාදය සහ ජාතිවාදය ව්‍යාප්ත කිරීමට අවසරයක් නොමැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. සමගි වනිතා බලවේගයේ මඩකලපුව දිස්ත්‍රික් සමුළුව අමතමිනුයි විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ.
උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතිය ලබන 24 වනදා ජනතා අයිතියට පත් කිරීමට නියමිතයි. එහි නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමින් අමාත්‍යවරිය සඳහන් කලේ මෙම ව්‍යාපෘතිය හරහා බදුල්ල, මොනරාගල සහ හම්බන්තොට ප්‍රදේශ සඳහා පානිය ජලය ලබා දීමට මේ මගින් හැකි වන බවයි.
ජනාකීර්ණ ප්‍රදේශ වල වෙඩි බෙහෙත් ගබඩා ඇති කිරීමට අවසර ලබා දිය නොහැකි බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා සඳහන් කරන්නේ වසර කිහිපයකට පෙර සාලාව ගබඩා සංකීර්ණයේ සිදුවූ පිපිරුම සම්බ්නදයෙන් රජය තවමත් වන්දි ගෙවන බවයි. සීතාවක ප්‍රාදේශීය සම්බන්දිකරන රැස්වීමට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පල කලා.
යාපනය,කරවෙඩ්ඩි උතුර ප්‍රදේශයේ ඉඩමක තිබ් අත්බෝම්බයක් හමුවී තිබෙනවා. ඉඩම පිරිසිදු කරන අවස්ථාවක ඉඩමේ හිමිකරුට මෙම බෝම්බය හමුවී ඇති අතර පසුව ඔහු ඒ පිලිබඳ පොලිසියට දැනුවත් කර තිබෙනවා. පොලිසිය විසින් අදාළ ස්ථානයට ගොස් අත්බෝම්බය ගොඩගෙන ඇති අතර,ගොඩගත් අත්බෝම්බය පේදුරුතුඩුව අධිකරණ නියෝග යටතේ නිශ්ක්‍රීය කිරීමටයි කටයුතු කර ඇත්තේ.
2023 වර්ෂයේ පවත්වන ලද ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවා සීමිත තරග විභාගයේ ප්‍රතිඵල නිකුත් කර තිබෙනවා. එම ප්‍රතිඵල අනුව සම්මුඛ පරීක්ෂණ සඳහා සුදුසුකම් ලත් 735 දෙනකුගේ නාම ලේඛනය මේ වන විට විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට ඇතුළත් කර ඇති බවයි ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව සඳහන් කලේ. www.doenets.lk වෙබ් අඩවියට පිවිසීමෙන් අපේක්ෂකයන්ට එම ප්‍රතිඵල බැලීමේ හැකියාව පවතිනවා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222