- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි
- නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
- නුවරඑළියට තද වැසි – අකුණුසැර පතිතවීමෙන් තිදෙනෙකුට සුළු තුවාල
Author: accioAdmin
ගුරු-විදුහල්පති වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු උලපනේ සුමංගල හිමියන් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත්තේ ලබන 26 වනදා දක්වා උන්වහන්සේ රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි. කොළඹ දාබරේ මාවතේ පැල්පත් නිවාස කිහිපයක් අධිකරණ නියෝග මත ඉවත් කිරීමට යාමේ දී ඊට විරෝධය පළකර බාධාකිරීමේ චෝදනා මත මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.
පන්නිපිටිය ලියනගොඩට ප්‍රදේශයේ ලී මෝලක ඇති වූ ගින්නකින් එය සම්පුර්ණයෙන්ම විනාශ වී තිබෙනවා. විදුලි කාන්දුවක් හේතුවෙන් මම ගින්න හටගෙන ඇති බවයි වාර්තා වන්නේ ගින්න පාලනය කිරීමට ප්‍රදේශවාසීන් සහ කෝට්ටේ මහ නගර සභාවේ ගිනි නිවන රථ තුනක් සහ දෙහිවල මහ නගර සභාවේ ජල බවුසරයක් යොදාගෙන ඇති බව සඳහන් ගින්න හේතුවෙන් දේපළවලට දැඩි හානි සිදු වී ඇති අතර, කිසිදු ජීවිත හානියක් සිදු වී නොමැති බවයි වාර්තාවන්නේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැයි දින රැළිය කොළඹ කැම්බල් පිටියේදී පැවැත්වීමට කටයුතු සුදානම් කර තිබෙනවා. එම පක්ෂයේ ප්‍රකාශකයකු සඳහන් කලේ මැයි මස 1 වැනිදා පස්වරු 2.00 සිට මැයි දින රැලිය පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බවයි. පක්‍ෂයේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රදානත්වයෙන් පැවැත්වෙන එම මැයි රැළියට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාක්‍ෂිකයන් විශාල සංඛ්‍යාවක් සහභාගි වීමට නියමිත බවයි පක්‍ෂය අභන්තර ආරංචි මාර්ග සඳහන් කලේ.
වත්මන් ජනාධිපතිවරයා බලයේ සිටින තුරු මෙරට සිටින කිසිඳු පුරවැසියකුට කුසගින්නේ සිටීමට ඉඩ නොතබන බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසනවා. මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ ලංකාව පාලනය කිරීමට දායක වූ ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු සියලු දෙනා ගත් ණය ගෙවමින් ශ්‍රී ලංකා ආර්ථිකය ගොඩනැගීමේ වගකීම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා විසින් ඉටුකරමින් සිටින බවයි. අඩු ආදායම්ලාභී පවුල් සඳහා මසකට නොමිලේ සහල් කිලෝ 10 ක් ලබාදීමේ ජාතික වැඩසටහනට අනුව ගාල්ල සමනල ක්‍රීඩාංගනයේ පැවැති උත්සවයට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කලා.
වයස අවුරුදු හතළිහ ඉක්මවා ඇති මෙතෙක් ජාතික හැඳුනුම්පතක් ලබාගැනීමට නොහැකි වූ පුද්ගලයන්ට හැඳුනුම්පත් නිකුත් කිරීමේ කාලය ජුනි මස 30 දක්වා දිර්ඝ කර තිබෙනවා. එම හැඳුනුම්පත් නිකුත් කිරීම පසුගිය මාර්තු 31 වන දායින් අවසන් වීමටයි නියමිතව තිබුනේ. මනුත් ප්‍රාදේශීය ලේකම්වරුන්ගෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් සැළකිල්ලට ගෙන මෙම තීරණය ගෙන ඇති බව සඳහන්. උප්පැන්න සහතිකයක් නොමැතිවීම හේතුවෙන් මෙතෙක් හැඳුනුම්පතක් ලබාගැනීමට නොහැකිව ඇති පුද්ගලයින් වෙනුවෙන් මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මකයි.
අතුරුගිරිය වල්ගම ප්‍රදේශයේ ගල්වළකට වැටී දියේ ගිලීම හේතුවෙන් පුද්ගලයෙක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලිසිය සඳහන් කලේ එම ප්‍රදේශයේම පදිංචිව සිටි 42 හැවිරිදි පුද්ගලයකු මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇති බවයි. මුදල් ඔට්ටුවට පැවැත්වූ කැට පොළක් වැටලීමට අතුරුගිරිය පොලිසිය ගිය අවස්ථාවේ අදාළ පුද්ගලයා එහි සිට ඇති අතර පොලිසියෙන් බේරීම සඳහා පලා යන අතර තුර ඔහු මෙම අනතුරට මුහුණ පා තිබෙනවා.
කන්තලේ රජඇළ මාර්ගයේ අතුරු මාර්ගයක සිදුවූ රිය අනතුරකින් තරුණියක් මියගොස් තිබෙනවා. වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන මාර්ගයේ ගමන් කරමින් සිටි තරුණියකගේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කලේ . මෙලෙස මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචිව සිටි 19 හැවිරිදි තරුණියක් බව සඳහන්.. අනතුරින් පසු රියදුරු පළා ගොස් ඇති අතර සැකකරු අත්අඩංගුවට ගැනීමට කන්තලේ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.
ශ්‍රි පාද උඩ මළුවේ සිට පහළට පැන අතුරුදන් වූ තරුණයා සෙවිමේ මෙහෙයුම් කටයුතු නවතා දමා තිබෙනවා. අතුරුදන් වූ තරුණයා සොයා ලක්ෂපාන යුධ හමුදා කදවුරේ 15 දෙනෙකුගෙන් සමන්විත භට පිරිසක් සහ නල්ලතන්නිය පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් පිරිසක් තරුණයා පහළට පැන ඇති ස්ථානයේ සිට කඹ ආධාරයෙන් පහළට බැස මෙහෙයුමක් දියත් කර තිබුණා. නමුත් අතුරුදන් වු තරුණයා පිළිබඳව කිසිදු තොරතුරක් නොලැබීම හේතුවෙන් ශ්‍රී පාදස්ථානාධිපති හිමියන්ගේද උපදෙස් පරිදි මෙහෙයුම නතර කළ බවයි ලක්ෂපාන යුධ හමුදා කඳවුරේ අණදෙණ නිලධාරිවරයා සඳහන් කලේ. ශ්‍රි පාද උඩ මළුවෙන් පහලට පැන ඇති තරුණයා රක්ෂිතය දිගේ පහලට පැමිණ පලා යන්නට ඇති බවටයි ආරක්ෂක අංශ නිලධාරින් සැක පල කරන්නේ.
ලබන 23 වනදාට යෙදී ඇති බක් පුරපසළොස්වක පොහෝය දිනය හේතුවෙන්, එදිනට දීවයින පුරා පිහිටි සියලු මත්පැන්හල් වසා තැබීමට තීරණය කර තිබෙනවා. සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කලේ වෙසක් පොහොය නිමිත්තෙන්ද , මැයි මස 22, 23 සහ 24 යන තෙදිනද මත්පැන්හල් වසා තැබීමට නියමිත බවයි . මැයි මස 21 දින සිට 27වන දින දක්වා කාලය වෙසක් සතිය ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.
අඩු ආදායම්ලාභී සෑම පවුලක් සඳහාම මසකට සහල් කිලෝ ග්‍රෑම් 10 බැගින් ලබා දීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ජනාධිපතිවරයා සඳහන් කරන්නේ අප්‍රේල් සහ මැයි මාස දෙක තුළ එම සෑම පවුලක් සඳහාම සහල් කිලෝ ග්‍රෑම් 10 බැගින් ලබා දීමට කටයුතු කරන බවයි. ඌව පරණගම අඹගස්දෝව ක්‍රිඩාංගණයේ පැවති අඩු ආදායම්ලාභී පවුල් සඳහා සහල් බෙදාදීමේ ජාතික උත්සවයට එක් වෙමින් ජනාධිපතිවරයා මේ පිලිබඳ සඳහන් කලා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222














