- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි
- නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
- නුවරඑළියට තද වැසි – අකුණුසැර පතිතවීමෙන් තිදෙනෙකුට සුළු තුවාල
- කුෂ් කිලෝ 46කට අධික ප්‍රමාණයක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
Author: accioAdmin
රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියට මෙරට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට නීත්‍යානුකූල සුදුසුකමක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය අද තීන්දු කලා. සමාජ ක්‍රියාකාරිකයකු වන ඔෂල හේරත් මහතා විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුවයි ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීන්දුව ප්‍රකාශයට පත් කෙරුනේ. ඩයනා ගමගේ මහත්මිය බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි තැනැත්තියක් බැවින් ඇයට මෙරට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට නීත්‍යානුකූල සුදුසුකම් නොමැති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුනා.
ගාසා තීරයේ වසා දැමූ දේශසීමා හරස් මාර්ග විවෘත කරන්නැයි ඊශ්‍රායලයෙන් සිදුකෙරන කෙරෙන ඉල්ලීම් ප්‍රාමාණය වැඩි වී තිබෙනවා. ඊශ්‍රායල හමුදා රෆා නගරය සම්පුර්ණයෙන් ආක්‍රමණය කිරීමේ අරමුණින් එහි ජනයාට ඉවත්වන ලෙස දැනුම් දී තිබුණා. ඒ අනුව බොහෝ පිරිසක් ඊයේ හා පෙරේදා දිනය වනවිට අදාළ ප්‍රදේශයෙන් ඉවත්වනු දක්නට ලැබුණා. රෆා හරස් මාර්ගය ඊශ්‍රායලය අල්ලා ගැනීමත් සමඟ දැනටමත් ආහාර හිඟ වීමට පටන්ගෙන ඇති අතර වෛද්‍ය සැපයුම් ද සිදු වන්නේ නැහැ. කෙසේ වෙතත් ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පවසන්නේ හමාස් සංවිධානය එකඟ වූ සටන් විරාම යෝජනාවක් පිළිබඳ කතාබහ සිදු කලද එහි ඉල්ලීම්වලින් බොහෝ ප්‍රමාණයක් තමන් ඉල්ලන ප්‍රමානයට වඩා අඩු බවයි. කෙසේවෙතත් සාකච්චා සඳහා සිය නියෝජිත පිරිසක්…
රඹුක්කන ,කඩිගමුව ,ලබුයගාල්වත්ත ප්‍රදේශයේ හෝටලයක නාන තටාකයට වැටී පුද්ගලයෙක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලිසිය සඳහන් කලේ ඒම හෝටලයේ සේවකයකු මෙලෙස අදාළ අනතුරට මුහුණ පා ඇති බවයි. මෙසේ ජිවිතක්ෂයට පත්ව ඇත්තේ පන්විල ප්‍රදේශයේ පදිංචිව සිටි 37 හැවිරිදි පුද්ගලයෙක්.
විදුලි බිල අඩු කිරීමේ යෝජනා ලබන 10 වනදාට පෙර ලබා දෙන ලෙස මහජන උපයෝගිතා කොමිසම විදුලිබල මණ්ඩලයට දැනුම් දී තිබෙනවා. අදාළ යෝජනා මේ මස 01 වනදා වන විට ලබා දීමටයි නියමිතව තිබුනේ. නමුත් ඒ සඳහා විදුලිබල මණ්ඩලය ඒ සඳහා කල් ඉල්ලූ බවයි කොමිසමේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ . ඒ අනුව මේ මස 10 වනදා දක්වා කල් ලබා දී තිබෙනවා. මහජන උපයෝගිතා කොමිසම පැවසුවේ ඒ අනුව විදුලි බිල අඩු කිරීමේ ප්‍රතිශතයන් ජූලි මාසයේ ප්‍රකාශට පත් කරන බවයි.
කොළඹ – නුවර ප්‍රධාන මාර්ගය දුම්මලදෙණිය ප්‍රදේශයේ දඩි රථවාහන තදබදයක් මතුව තිබෙනවා. අප වාර්තාකරු සඳහන් කලේ ගෑස් ප්‍රවාහනය කළ ලොරි රථයක් පෙරළී යාම හේතුවෙන් එම ප්‍රදේශයේ අනතුරක් සිදුව ඇති බවයි. ඒ හේතුවෙන් කොළඹ – නුවර ප්‍රධාන මාර්ගය දුම්මලදෙණිය ප්‍රදේශයෙන් අවහිර වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්. එම් ෆවුසි මහතාගේ පුත්‍රයා කොල්ලුපිටිය පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. කොල්ලුපිටිය පාසල් මාවත ප්‍රදේශයේදී මාර්ගයේ ගමන්කරමින් සිටි අයෙකු අනතුරට ලක්කර අනතුරුව එම පුද්ගලයාට පහරදීම සම්බන්ධයෙනුයි ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ. සිද්ධිය සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලීසිය පරීක්ෂණ සිදුකර ඒඑච්එම් ෆවුසි මහතාගේ පුත්‍රයාව අත්අඩංගුවට ගෙන අනතුරුව පොලිස් ඇප මත මුදාහැර ඇති බව සඳහන්.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර ඉදිරියේදීත් තවත් සාකච්චා වට කිහිපයක් පැවැත්වෙනු ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ඒ මහතා පවසන්නේ සෙසු පාක්ෂ සමගද ඉදිරියේදී සාකච්චා පැවැත්වෙනු ඇති බවයි.
මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ කඩවත මීරිගම කොටසේ කොන්ක්‍රීට් බාල්කයක් කඩාවැටීම පිළිබඳ පරීක්ෂණ පැවැත්විමට විශේෂ කණ්ඩායම් දෙකක් යොදවා තිබෙනවා. මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කරන්නේ සෙසු කොන්ක්‍රීට් බාල්කවල තත්ත්වය පරීක්ෂා කිරීම සහ අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමද මෙම පරීක්ෂණ කණ්ඩායමට පවරා ඇති බවයි. කොන්ක්‍රීට් කදම්භවල ආරක්ෂාව සදහා රබර් බෙයාරීන් පෑඩ් මත ස්ථානගත කිරීම සිදුකෙරෙන අතර නිරීක්ෂණය වී ඇත්තේ මෙම බාල්කය එම රබර් බෙයාරීන් වලින් ඉවත්ව කඩා වැටී ඇති බවයි. ඒ හේතුවෙන් තවත් බාල්ක දෙකකට ද හානි සිදුව තිබෙනවා. මෙම මාර්ග කොටසේ ඉදිකිරීම් දැනට සිදුවන බැවින් කොන්ත්‍රාත්කරුවන් විසින් අදාළ මූල්‍ය පාඩුව දරාගනු ඇති බවයි මාර්ග සංවර්ධන අධිකාරිය සදහන් කලේ.
මැතිවරණ අපේක්ෂකයන් තැන්පත් කළ යුතු ඇප මුදල් අසාධාරණ ලෙස ඉහළ නැංවීමට පෙරටුගාමී සමාජවාදී පක්ෂය විරෝධය දක්වා තිබෙනවා. ඒ වෙනුවෙන් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත ලිපියක් භාර දීමටයි එම පක්ෂය කටයුතු කලේ. මැතිවරණවලට ඉදිරිපත් වීමේ අයිතිය ධන කුවේරයන්ට පමණක් සීමා කරමින් මැතිවරණවලට ඉදිරිපත් වන අපේක්ෂකයන්ගේ ඇප මුදල් අසාධාරණ ලෙස ඉහළ දමා ඇති බවයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා සඳහන් කලේ.
මාතලේ ලග්ගල රාවණාගම වැව් ජලයට මිශ්‍රව තිබූ ඉන්ධන ඉවත් කර තිබෙනවා. ලග්ගල ගුරුළුවෙල ප්‍රදේශයේදී ඉන්ධන ප්‍රවාහන බවුසරයක් අනතුරට ලක්වීමෙන් රාවණාගම වැව් ජලයට ඉන්ධන මිශ්‍ර වී තිබුණා. එම ඉන්ධන ඉවත් කිරීමට තාක්ෂණික හා ශිල්පීය සහයෝගීතාව ලබා දෙන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයෙන් ඉල්ලීමක් කර තිබුණා. ඒ අනුව වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ ඉන්ධන විසිරීම් කළමනාකරණයට පුහුණුව ලත් විශේෂ කණ්ඩායමක් මේ සදහා යොමු කිරීමටයි කටයුතු කර තිබුනේ. වැව් ජලයට මිශ්‍රව තිබූ ඉන්ධන ලීටර් 2000ක් පමණ මෙහිදී ඉවත්කර තිබෙනවා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222













