Author: accioAdmin

අකුණු සැර වැදීම හේතුවෙන් වලස්මුල්ල මූලික රෝහලේ විශේෂිත ප්‍රතිකාර ඒකකයේ ගින්නක් හට ගෙන තිබෙනවා. එම අවස්ථාවේ එම අංශයේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් තිදෙනෙකු කඩිනමින් ඉවතට ගෙන අවශ්‍ය ප්‍රතිකාර නිසි ලෙස ඉටු කිරීමට රෝහල් කාර්ය මණ්ඩලය කටයුතු කර ඇති බව සඳහන්. මේ හේතුවෙන් කිසිවෙකුටත් හානියක් සිදුනොවුනත් එහි උපකරණවලට හානි සිදු වී ඇති බවයි වලස්මුල්ල මූලික රෝහලේ නිලධාරීන් සඳහන් කලේ. වලස්මුල්ල පොලීසිය, ලංකා විදුලිබල මණ්ඩලය සහ තංගල්ල නගර සභාවේ ගිනිනිවන ඒකකය රෝහල වෙත පැමිණ අකුණු සැර වැදීමෙන් ගට ගත් ගින්න නිවීමට කටයුතු කර තිබෙනවා.

තව කියවන්​න

ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවක වැටුපට වඩා වැඩි මුදලක් අතිකාල දීමනා ලෙස ගෙවා ඇතැයි අනාවරණය වී තිබෙනවා. ලංකා ගමනාගමන මණ්ඩලය කෝප් කමිටුව වෙත කැඳවූ අවස්ථාවේදීයි මේ පිලිබඳ අනාවරන වී ඇත්තේ. කෙසේවෙතත් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ලලිත් ද අල්විස් මහතා ප්‍රකාශ කලේ කාර්මික අංශයේ දුර්වලතාවයක් මෙයට හේතු වී ඇති බවයි.

තව කියවන්​න

ලොකු ළූණු මිල පහළ ගොස් තිබෙනවා. අත්‍යාවශය භාණ්ඩ අනයනකරුවන පවසන්නේ මේ වන විට ලොකු ළූණු කිලෝවක සිල්ලර මිල රුපියල් 160ත් 200ත් අතර මුදලක් දක්වා අඩු වී ඇති බවයි. ඉන්දියාවෙන් ළූණු ආනයනය කිරීම ආරම්භ කිරීම හේතුවෙන් මෙලෙස ළූණු මිල පහත වැටී ඇති බවයි අත්‍යාවශය භාණ්ඩ අනයනකරුවෝ පවසන්නේ,

තව කියවන්​න

බදුල්ල මහියංගණය ප්‍රධාන මාර්ගයේ පුවක්ගොඩමුල්ල කයිලගොඩ ප්‍රදේශයේ සිදුවූ අනතුරකින් එක පුද්ගලයෙක් මියගොස් තවත් සිව් දෙනෙකු තුවාල ලබා තිබෙනවා. බස් රථයක් හා ත්‍රිරෝද රථයක් එකිනෙක ගැටීමෙන් අද පස්වරුවේ මෙම අනතුර සිදුව ඇති බව සඳහන්. බදුල්ල සිට මහියංගණය දෙසට ගමන්ගත් ත්‍රිරෝද රථය මාර්ගය හරහා පනින ලද බල්ලෙකු බේරිමට තැත්කල අවස්ථාවේ සිරිපුර සිට බදුල්ල දක්වා පැමිණෙමින් තිබූ මගී ප්‍රවාහන බස් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා. එම අනතුරින් මියගොස් ඇත්තේ 79 හැවිරිදි අයෙක් වන අතර තුවාල ලැබූ සෙසු පුද්ගලයින් ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර ඇති බවයි පොලිසිය සඳහන් කලේ.

තව කියවන්​න

යුක්‍රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි ඝාතනය කිරීමට රුසියාව උත්සාහ කර ඇතැයි යුක්‍රේන ආරක්ෂක සේවාව චෝදනා කරනවා. අදාළ කුමන්ත්‍රණයට සම්බන්ධ බවට සැකපිට යුක්‍රේන රජය ආරක්ෂාකිරීමේ ඒකකයේ අණදෙන නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ. ඔවුන් චෝදනා කරන්නේ එම පුද්ගලයින් රුසියාවේ චර පුරුෂයින් ලෙස කටයුතු කර ඇති බවයි.. එම පුද්ගලයින් සෙලෙන්ස්කිගේ ආරක්ෂකයින් අතරින් ඔහු ඝාතනය කිරීමට කැමති අයෙක් සොයා රහසිගත මෙහෙයුමක් සිදු කර ඇතැයි ද අනාවරණ වී තිබෙනවා.

තව කියවන්​න

ඌරගස්මංහන්දිය ,කළුවලගොඩ ප්‍රදේශයේ නිවසක තිබී කාන්තා මළ සිරුරක් සොයාගෙන තිබෙනවා. මෙලෙස මිය ගොස් ඇත්තේ 50 හැවිරිදි කාන්තාවක්. මෘත ශරීරය නිවසේ ඇඳක් මත තිබී සොයාගෙන ඇති අතර , දින කිහිපයකට පෙර මියගොස් ඇති බවයි නිරීක්ෂණය වී ඇත්තේ. පොලිසිය සඳහන් කලේ ඇය නිවසේ තනිව ජිවත් වී ඇති අතර ඇයගේ ස්වාමිපුරුෂයා රැකියා කටයුතු සඳහා නිවසින් බැහැරව ගොස් සිට ඇති බවයි. ඌරගස්මංහන්දිය පොලීසිය සිද්ධිය සම්බන්දව වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

තව කියවන්​න

පොතුහැර , කහවත්ත ප්‍රදේශයේ සිදුවු රිය අනතුරකින් තරුණයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. යතුරුපැදියක් එහි පැදිකරුට පාලනය කරගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන ගින්නේරිය පාලම තුළට වැටීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කලේ. අනතුරින් තුවාල ලැබු පැදිකරු හා පසුපැදිකරු කුරුණෑගල රෝහලට ඇතුළුත් කිරීමේ දී පසුපැදිකරු මියගොස් තිබෙනවා. එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වදාකඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 19 හැවිරිදි තරුණයෙක්.

තව කියවන්​න

ඩුබායි රාජයේ සිට මෙරට රැගෙන ආ සංවිධානාත්මක අපරාධකරුවකු වන මන්නා රමේෂ් නමැත්තාගෙන් සිදුකළ මූලික ප්‍රශ්න කිරීමේදී විදේශ රටක නිෂ්පාදිත ජීව අත් බෝම්බයක් සහ යතුරුපැදියක් සොයා ගෙන තිබෙනවා. අවිස්සාවේල්ල යාලගම නාපාවෙල ඔහුගේ නිවසේ සඟවා තිබියදී මෙම භාණ්ඩ සොයාගත් බවයි බස්නාහිර පළාතේ දකුණු දිශාව අපරාධ කොට්ඨාසය සඳහන් කලේ. අත් බෝම්බය නිවස තුළ වළ දමා තිබියදී හොයාගෙන ඇති අතර යතුරුපැදිය සොයාගෙන ඇත්තේ නිවස පිටුපස සඟවා තිබියදීයි.

තව කියවන්​න

ඔස්ට්‍රේලියාවේ ඉගෙන ගැනීම සඳහා පැමිණෙන සිසුන් සිය වීසා ලබාගැනීමේදී පෙන්නුම් කල යුතුව තිබු “ඉතුරුම් මුදල” යලිත් වරක් ඉහල දැමීමට එරට බලධාරීන් කටයුතු කර තිබෙනවා. එසේම ඉතුරුම් ගිණුම් සම්බන්ධයෙන් ව්‍යාජ තොරතුරු ලබාදී ඇති බවට හෙළිදරව් වුවහොත් දැඩි පියවර ගන්නා බවයි ඔස්ට්‍රේලියානු රජය පවසන්නේ.. එරටට පැමිණෙන සංක්‍රමණයිකයින්ගේ සංඛ්‍යාව අඩු කිරීම සඳහා ඔස්ට්‍රේලියාව මෙම තීරණය ගෙන ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය පවසන්නේ. ඒ අනුව මෙම සිකුරාදා සිට ජාත්‍යන්තර සිසුවෙක් ඔස්ට්‍රේලියානු වීසා සඳහා අයදුම් කිරීමට සිය ඉතුරුම් ගිණුමේ ඔස්ට්‍රේලියානු ඩොලර් 29,710 ක් ඇති බවට තහවුරු කළ යුතු වනවා. පසුගිය ඔක්තෝබර් මාසයේදී එම මුදල ඔස්ට්‍රේලියානු ඩොලර් 21,041 සිට 24,505ක් දක්වා ඉහළ දමිනට එරට බලධාරීන් කටයුතු කලා.

තව කියවන්​න

රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියට මෙරට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට නීත්‍යානුකූල සුදුසුකමක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය අද තීන්දු කලා. සමාජ ක්‍රියාකාරිකයකු වන ඔෂල හේරත් මහතා විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුවයි ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීන්දුව ප්‍රකාශයට පත් කෙරුනේ. ඩයනා ගමගේ මහත්මිය බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි තැනැත්තියක් බැවින් ඇයට මෙරට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට නීත්‍යානුකූල සුදුසුකම් නොමැති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුනා.

තව කියවන්​න