- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි
- නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
- නුවරඑළියට තද වැසි – අකුණුසැර පතිතවීමෙන් තිදෙනෙකුට සුළු තුවාල
- කුෂ් කිලෝ 46කට අධික ප්‍රමාණයක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
Author: accioAdmin
දිල්ලි මහ ඇමති අරවින්ද් කෙජ්රිවාල්ට එරෙහිව ජාතික විමර්ශන ඒජන්සිය විසින් පරික්ෂණයක් ආරම්භ කර තිබෙනවා. ඒ තහනම් අන්තවාදී සංවිධානයක් වන එස්.එෆ්.ජේ වෙතින් දේශපාලන අරමුදල් ලබා ගැනීමේ සිදිදියක් සම්බන්ධයෙන්. දිල්ලි ආණ්ඩුකාර වී.කේ. සක්සේනා විසින් සිදුකල චෝදනාවකට අදාලවයි මෙම පරිකශය්න් ආරම්භ කර ඇත්තේ. කෙසේ වෙතත් දිල්ලි මහ ඇමතිවරයාගේ පාර්ශවය අදාළ චෝදනා ප්‍රතික්ශේප කර අතර එය දේශපාලන කුමන්ත්‍රණයක් බවයි ඔවුන් පෙන්වා දී ඇත්තේ. දිල්ලි සුරාබදු ප්‍රතිපත්තියට සම්බන්ධ මුදල් විශූද්ධිකරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින අරවින්ද් කෙජ්රිවාල් මේ වන විට තිහාර් බන්ධනාගාරයේ රඳවා තිබෙනවා. මැතිවරණය හේතුවෙන් ඔහුට අතුරු ඇප ලබා ගැනීමේ අපේක්ෂාවෙනුයි කෙජ්රිවාල් පාර්ශවය මේ වනවිට පසුවන්නේ.
අකුණු සැර වැදීම හේතුවෙන් වලස්මුල්ල මූලික රෝහලේ විශේෂිත ප්‍රතිකාර ඒකකයේ ගින්නක් හට ගෙන තිබෙනවා. එම අවස්ථාවේ එම අංශයේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් තිදෙනෙකු කඩිනමින් ඉවතට ගෙන අවශ්‍ය ප්‍රතිකාර නිසි ලෙස ඉටු කිරීමට රෝහල් කාර්ය මණ්ඩලය කටයුතු කර ඇති බව සඳහන්. මේ හේතුවෙන් කිසිවෙකුටත් හානියක් සිදුනොවුනත් එහි උපකරණවලට හානි සිදු වී ඇති බවයි වලස්මුල්ල මූලික රෝහලේ නිලධාරීන් සඳහන් කලේ. වලස්මුල්ල පොලීසිය, ලංකා විදුලිබල මණ්ඩලය සහ තංගල්ල නගර සභාවේ ගිනිනිවන ඒකකය රෝහල වෙත පැමිණ අකුණු සැර වැදීමෙන් ගට ගත් ගින්න නිවීමට කටයුතු කර තිබෙනවා.
ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවක වැටුපට වඩා වැඩි මුදලක් අතිකාල දීමනා ලෙස ගෙවා ඇතැයි අනාවරණය වී තිබෙනවා. ලංකා ගමනාගමන මණ්ඩලය කෝප් කමිටුව වෙත කැඳවූ අවස්ථාවේදීයි මේ පිලිබඳ අනාවරන වී ඇත්තේ. කෙසේවෙතත් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ලලිත් ද අල්විස් මහතා ප්‍රකාශ කලේ කාර්මික අංශයේ දුර්වලතාවයක් මෙයට හේතු වී ඇති බවයි.
ලොකු ළූණු මිල පහළ ගොස් තිබෙනවා. අත්‍යාවශය භාණ්ඩ අනයනකරුවන පවසන්නේ මේ වන විට ලොකු ළූණු කිලෝවක සිල්ලර මිල රුපියල් 160ත් 200ත් අතර මුදලක් දක්වා අඩු වී ඇති බවයි. ඉන්දියාවෙන් ළූණු ආනයනය කිරීම ආරම්භ කිරීම හේතුවෙන් මෙලෙස ළූණු මිල පහත වැටී ඇති බවයි අත්‍යාවශය භාණ්ඩ අනයනකරුවෝ පවසන්නේ,
බදුල්ල මහියංගණය ප්‍රධාන මාර්ගයේ පුවක්ගොඩමුල්ල කයිලගොඩ ප්‍රදේශයේ සිදුවූ අනතුරකින් එක පුද්ගලයෙක් මියගොස් තවත් සිව් දෙනෙකු තුවාල ලබා තිබෙනවා. බස් රථයක් හා ත්‍රිරෝද රථයක් එකිනෙක ගැටීමෙන් අද පස්වරුවේ මෙම අනතුර සිදුව ඇති බව සඳහන්. බදුල්ල සිට මහියංගණය දෙසට ගමන්ගත් ත්‍රිරෝද රථය මාර්ගය හරහා පනින ලද බල්ලෙකු බේරිමට තැත්කල අවස්ථාවේ සිරිපුර සිට බදුල්ල දක්වා පැමිණෙමින් තිබූ මගී ප්‍රවාහන බස් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා. එම අනතුරින් මියගොස් ඇත්තේ 79 හැවිරිදි අයෙක් වන අතර තුවාල ලැබූ සෙසු පුද්ගලයින් ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර ඇති බවයි පොලිසිය සඳහන් කලේ.
යුක්‍රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි ඝාතනය කිරීමට රුසියාව උත්සාහ කර ඇතැයි යුක්‍රේන ආරක්ෂක සේවාව චෝදනා කරනවා. අදාළ කුමන්ත්‍රණයට සම්බන්ධ බවට සැකපිට යුක්‍රේන රජය ආරක්ෂාකිරීමේ ඒකකයේ අණදෙන නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ. ඔවුන් චෝදනා කරන්නේ එම පුද්ගලයින් රුසියාවේ චර පුරුෂයින් ලෙස කටයුතු කර ඇති බවයි.. එම පුද්ගලයින් සෙලෙන්ස්කිගේ ආරක්ෂකයින් අතරින් ඔහු ඝාතනය කිරීමට කැමති අයෙක් සොයා රහසිගත මෙහෙයුමක් සිදු කර ඇතැයි ද අනාවරණ වී තිබෙනවා.
ඌරගස්මංහන්දිය ,කළුවලගොඩ ප්‍රදේශයේ නිවසක තිබී කාන්තා මළ සිරුරක් සොයාගෙන තිබෙනවා. මෙලෙස මිය ගොස් ඇත්තේ 50 හැවිරිදි කාන්තාවක්. මෘත ශරීරය නිවසේ ඇඳක් මත තිබී සොයාගෙන ඇති අතර , දින කිහිපයකට පෙර මියගොස් ඇති බවයි නිරීක්ෂණය වී ඇත්තේ. පොලිසිය සඳහන් කලේ ඇය නිවසේ තනිව ජිවත් වී ඇති අතර ඇයගේ ස්වාමිපුරුෂයා රැකියා කටයුතු සඳහා නිවසින් බැහැරව ගොස් සිට ඇති බවයි. ඌරගස්මංහන්දිය පොලීසිය සිද්ධිය සම්බන්දව වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.
පොතුහැර , කහවත්ත ප්‍රදේශයේ සිදුවු රිය අනතුරකින් තරුණයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. යතුරුපැදියක් එහි පැදිකරුට පාලනය කරගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන ගින්නේරිය පාලම තුළට වැටීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කලේ. අනතුරින් තුවාල ලැබු පැදිකරු හා පසුපැදිකරු කුරුණෑගල රෝහලට ඇතුළුත් කිරීමේ දී පසුපැදිකරු මියගොස් තිබෙනවා. එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වදාකඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 19 හැවිරිදි තරුණයෙක්.
ඩුබායි රාජයේ සිට මෙරට රැගෙන ආ සංවිධානාත්මක අපරාධකරුවකු වන මන්නා රමේෂ් නමැත්තාගෙන් සිදුකළ මූලික ප්‍රශ්න කිරීමේදී විදේශ රටක නිෂ්පාදිත ජීව අත් බෝම්බයක් සහ යතුරුපැදියක් සොයා ගෙන තිබෙනවා. අවිස්සාවේල්ල යාලගම නාපාවෙල ඔහුගේ නිවසේ සඟවා තිබියදී මෙම භාණ්ඩ සොයාගත් බවයි බස්නාහිර පළාතේ දකුණු දිශාව අපරාධ කොට්ඨාසය සඳහන් කලේ. අත් බෝම්බය නිවස තුළ වළ දමා තිබියදී හොයාගෙන ඇති අතර යතුරුපැදිය සොයාගෙන ඇත්තේ නිවස පිටුපස සඟවා තිබියදීයි.
ඔස්ට්‍රේලියාවේ ඉගෙන ගැනීම සඳහා පැමිණෙන සිසුන් සිය වීසා ලබාගැනීමේදී පෙන්නුම් කල යුතුව තිබු “ඉතුරුම් මුදල” යලිත් වරක් ඉහල දැමීමට එරට බලධාරීන් කටයුතු කර තිබෙනවා. එසේම ඉතුරුම් ගිණුම් සම්බන්ධයෙන් ව්‍යාජ තොරතුරු ලබාදී ඇති බවට හෙළිදරව් වුවහොත් දැඩි පියවර ගන්නා බවයි ඔස්ට්‍රේලියානු රජය පවසන්නේ.. එරටට පැමිණෙන සංක්‍රමණයිකයින්ගේ සංඛ්‍යාව අඩු කිරීම සඳහා ඔස්ට්‍රේලියාව මෙම තීරණය ගෙන ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය පවසන්නේ. ඒ අනුව මෙම සිකුරාදා සිට ජාත්‍යන්තර සිසුවෙක් ඔස්ට්‍රේලියානු වීසා සඳහා අයදුම් කිරීමට සිය ඉතුරුම් ගිණුමේ ඔස්ට්‍රේලියානු ඩොලර් 29,710 ක් ඇති බවට තහවුරු කළ යුතු වනවා. පසුගිය ඔක්තෝබර් මාසයේදී එම මුදල ඔස්ට්‍රේලියානු ඩොලර් 21,041 සිට 24,505ක් දක්වා ඉහළ දමිනට එරට බලධාරීන් කටයුතු කලා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222















