- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි
- නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
- නුවරඑළියට තද වැසි – අකුණුසැර පතිතවීමෙන් තිදෙනෙකුට සුළු තුවාල
- කුෂ් කිලෝ 46කට අධික ප්‍රමාණයක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
Author: accioAdmin
ළදරු කිරිබෝතල් බහාලුමක සඟවා තිබූ අත් බෝම්බ දෙකක් සහ පතුරම් තොගයක් සමග සංචාරක ව්‍යාපාරයට සම්බන්ධ රියැදුරුකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. තම නිලධාරීන් විසින් සිදුකළ මෙහෙයුමකදී වැලිපැන්න සිරිසඳ ,කොලැහැකඩ,නවුත්තුඩුවේ නිවෙසකින් මෙම පුපුරනද්‍රව්‍ය සොයාගත් බවයි වැලිපැන්න පොලිසිය සඳහන් කලේ. අත්අඩංගුවට ගත් භාණ්ඩ අතර විදේශ රටක නිෂ්පාදිත අත්බෝම්බ දෙකක් ,ටී.56 වර්ගයේ පතුරම් 16 ක්, මිලිමීටර් 9 වර්ගයේ පතුරම් 2 ක් ,බෝර 12 පතුරම් 02 ක් වන බව සඳහන්.
සුරියවැව ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමක් හේතුවෙන් පුද්ගලයකු තුවාල ලබා තිබෙනවා. සුරියවැව පොලිසිය පවසන්නේ පියා විසින් එල්ල කල වෙඩි ප්‍රහාරයක් හේතුවෙන් ඔහුගේ පුත්‍රයා මෙලෙස තුවාල ලබා ඇති බවයි. වෙඩි තැබීම සිදුවන අවස්ථාවේ සැකකාර පියා අධික ලෙස බිමත්ව සිට ඇති බව සඳහන්. සිද්දියෙන් අනතුරුව සැකකාර පියා ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර සුරියවැව පොලිසිය සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා.
දේශපාලන සංස්කෘතියේ වෙනසක් ඇති කල යුත්තේ දේශපලනඥයා විසින්ම බව ජාතික ජන බලවේගය පක්ෂය පවසනවා. එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා සඳහන් කරන්නේ රටට අවශ්‍ය වන්නේ ජනතාව සමග උරෙනුර ගැටී ක්‍රියා කල හැකි නායකයින් මිස ජනතාවට වඩා අඩි සිය ගණනක් ඉහලින් රැඳී සිටීමට උත්සාහ දරන නායකයින් නොවන බවයි.
එළබෙන ජනාධිපතිවරණයේදීත් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජයග්‍රහණය කරවීම් වෙනූවෙන් සියලු දෙනා පෙල ගැසෙමින් සිටින බව සබරගමුව පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායක මහතා පවසනවා. රත්නපුර පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ආණ්ඩුකාරවරයා මෙම අදහස් පල කළා.
පොහොය දින හතරක් ගෙවී යාමට මත්තෙන් තම පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙරේට ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දෙනු ඇති බව එම පක්ෂයේ මහා ලෙකම රන්ජිත් මද්දුමබණ්ඩාර මහතා පවසනවා. ඒ මහතා සඳහන් කරන්නේ මෙරට ජනතාවගේ සේම භික්ෂුන්වහන්සේගේ ආශිර්වාදයද තම නායකයාට හිමිව ඇති බවයි.
අලුත උපන් සිය බිලිඳු දරුවා රෝහලේ දමා පලාගිය මවක් පිලිබඳ පුවතක් යාපනය ශික්ෂණ රෝහලෙන් වාර්තාවනවා. මෙලෙස සිය බිලිඳු දරුවා රෝහලේ තනිකර පලා ගොස් ඇත්තේ පාසල් වයසේ පසුවන බාලවයස්කාර මවක් බව සඳහන්. ඒ අනුව 15 හැවිරිදි වියේ පසුවන අදාල බාලවයස්කාර මව ඊයේ දරු ප්‍රසූතියක් සඳහා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා. ඇය ඊයේ රාත්‍රියේ ම දරුවෙක් ප්‍රසූත කර ඇති අතර, ඇය සම්බන්ධයෙන් අද උදෑසන සොයාබලන විට බිහිකළ දරුවා රෝහලේ තනිකර පළාගොස් ඇති බවයි අනාවරණය වී ඇත්තේ. බාලවයස්කාර සිසුවිය සමඟ ඇයගේ මවද සිට ඇති අතර, ඔවුන් දෙදෙනාම මෙලෙස පළාගොස් ඇති බවයි වාර්තා වන්නේ. කෙසේවෙතත් අදාළ සිසුවිය වඩමාරච්චි, තුන්නාලෙයි ප්‍රදේශයේ පදිංචිකාරියක් බවට තොරතුරු…
පුරාවස්තු ලබා ගැනීමේ අරමුණින් ගිලන්දුරුකොට්ටේ රත්කිඳ ප්‍රදේශයේ කැනීම් කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කලේ රතුපස්කටිය සහ බිබිල ප්‍රදේශයේ පදිංචි 28 හා 34 යන වයස් ඛණ්ඩ වල පසුවන පුද්ගලයින් දෙදෙනෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි. ගිලන්දුරුකොට්ටේ පොලිසියට ලද තොරතුරක් මත සිදුකල මෙහෙයුමකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙනවා.
එළෙඹෙන වෙසක් සහ පොසොන් සමය වෙනුවෙන් සංවිධානය කෙරෙන දන්සැල් සඳහා අවශ්‍ය කරන ආහාර ද්‍රව්‍යයන් වෙනුවෙන් විශේෂ මිල වට්ටම් ලබාදීමට ලංකා සතොස ආයතනය තීරණය කර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් ලංකා සතොස ආයතනය මේ බව සඳහන් කළා. ඒ, අනුව ඔබ ප්‍රදේශයේ සංවිධානය කරනු ලබන දන්සැල් සඳහා අවශ්‍යකරන ආහාර ද්‍රව්‍ය ඇණවුම් මැයි මස 17 වන දිනට පෙර ළඟම ඇති ලංකා සතොස ශාඛාව වෙත ලබාදීමට කටයුතු කරන ලෙසයි එම නිවේදනය මගින් දන්සැල් සංවිධායකයින්ට දැනුම් දී ඇත්තේ.
මෙරට දේශපාලනය තුළ කාන්තාවන්ගේ සක්‍රීය දායකත්වය ඉහළ නැංවීම සඳහා සියලුදෙනා සතුව වගකීමක් ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ජනාධිපතිවරයා පවසන්නේ දේශපාලන පක්ෂවල පාලක මණ්ඩල සඳහා ද කාන්තා නියෝජනයේ ඉහළ ප්‍රතිශතයක් පැවතිය යුතු බවයි. කාන්තා හිංසනය පිටුදැකීම සහ කාන්තාවන්ගේ ආරක්ෂාව බලගැන්වීම උදෙසා ඩීපී එඩියුකේෂන් ආයතනය මගින් ග්ලෝබල් ගෙස්ටර්ස් මූමන්ට් වැඩසහටන හඳුන්වාදීම ඊයේ සිදු කෙරුනා. එහිදී අදහස් දක්වමිනුයි ජනාධිපතිවරයා මේ බව සඳහන් කලේ.
එළඹෙන 26 වනදා සිට ජූනි මස 01 වනදා දක්වා කාලය ජාතික ඩෙංගු මර්දන සතිය ලෙස නම් කර තිබෙනවා. එම සතිය තුළදී දිස්ත්‍රික්ක 17ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 71ක් ආවරණය වන පරිදි විශේෂ මදුරු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමටයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පියවර ගෙන ඇත්තේ. ඉදිරි මෝසම් වර්ෂාවත් සමඟ ඩෙංගු රෝගීන් වාර්තා වීම පාලනය සඳහා මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බවයි ප්‍රජා වෛද්‍ය විශේෂඥ අනෝජා ධීරසිංහ මහත්මිය පැවසුවේ. වසරේදී ගතවූ කාලය තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 22,943 දෙනෙකු වාර්තා වී තිබෙනවා. එමෙන්ම ඩෙංගු වැළදීමෙන් මිය ගොස් ඇති පුද්ගලයින් සංඛ්‍යාව 09ක්.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222















