Author: accioAdmin

මධ්‍යම ප්‍රමාණයේ ප්‍රබලත්වයෙන් යුත් සූර්ය කුණාටුවක් අද දහවල් පෘථිවියට බලපෑම් කළ හැකි බව නාසා ආයතනය පවසනවා. සන්නිවේදන චන්ද්‍රිකා සඳහා මෙහි වැඩිම බලපෑමක් ඇති වනු ඇති බවයි අනුමාන් කරන්නේ. අද ඇති වන සූර්ය කුණාටු බලපෑම 2017 වසරින් පසු පෘථිවියට එල්ලවන ප්‍රබලම බලපෑමක් ලෙස හඳුන්වනු ලබනවා.

තව කියවන්​න

මේ දිනවල කුකුළු මස් මිලදී ගැනීමේ දී ඒ පිලිබඳ වැඩි අවදානයක් යොමුකළ යුතු බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා.එම අධිකාරියේ වැටලීම් සහ විමර්ශන අංශයේ අධ්‍යක්ෂ සංජය ඉරසිංහ මහතා සඳහන් කලේ ජල ගැලීම් තත්ත්වය හේතුවෙන් ගංවතුරට හසුවී මියගිය කුකුළන් මස් පිණිස වෙළෙඳපොළ තුළ අලෙවි වන බවට තොරතුරු වාර්තාවන බවයි. එවැනි කුකුළු මස් පරිභෝජනය ශරීරයට අහිතකර බැවින් ඒ පිළිබඳව වැඩි අවදානයක් යොමුකළ යුතු බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ. එමෙන්ම ඉතා අඩු මිලට අලෙවි වන සහල් , සිනි සහ අනෙකුත් ආහාර ද්‍රව්‍ය පිළිබඳවද අවදානය යොමු කරන ලෙසයි ඒ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

තව කියවන්​න

අනුරාධපුර මිහින්තලේ සහ තන්තිරිමලේ ප්‍රදේශවල පිහිටි පාසල් එකොළහක් මේ මස 18 වෙනිදා සිට 20 වෙනිදා දක්වා වසා තැබීමට තීරණය කර තිබෙනවා. එළඹෙන පොසොන් උත්සවය වෙනුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි උතුරුමැද පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කලේ. ඒ අනුව අනුරාධපුර මධ්‍ය විද්‍යාලය,ස්වර්ණපාලි ජාතික පාසැල,වලිසිංහ හරිශ්චන්ද්‍ර මහා විද්‍යාලය,නිවත්තකචේතිය ජාතික පාසැල,සහිරා ජාතික පාසැල,විවේකානන්ද මහා විද්‍යාලය,දේවානම්පියතිස්ස පුර මහා විද්‍යාලය, මහාබෝධි විද්‍යාලය,මිහින්තලේ මහා විද්‍යාලය,මිහින්තලේ කම්මලක්කුලම විද්‍යාලය සහ තන්තිරිමලේ විමලඥාණ විද්‍යාලය මෙලෙස වසා දැමීමට නියමිතයි. විශේෂ ආරක්ෂක රාජකාරි සදහා පිට පළාත්වලින් පැමිණෙන පොලිස් නිලධාරීන්ට නවාතැන් පහසුකම් සැපයීම සඳහායි එම පාසල් මෙලෙස වසා දමනු ලබන්නේ. අනුරාධපුර ජාතික පොසොන් උත්සව කමිටුව හා අනුරාධපුර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී තිළිණ හේවාපතිරණ…

තව කියවන්​න

රජය විසින් ඉහල දැමු රුපියල් 1700ක වැටුප තමන්ගේ වැටුපට එක කර නොමැති බව වතු කම්කරුවන් පවසනවා. ඔවුන් සඳහන් කරන්නේ තම වැටුප් වැඩි කිරීම සම්බන්දව කම්කරු අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් අති විශේෂ ගැසට් පත්‍රයක් ද නිකුත් කර ඇති බවයි. එසේ තිබියදීත් අදාළ මුදල තමන්ගේ මේ මාසයේ වැටුපට එක්ව නොමැති බවයි වතු කම්කරුවන් පවසන්නේ.

තව කියවන්​න

නාඋල – අරංගල ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් කාන්තාවක් ඇතුලු දෙදෙනෙකු මියගොස් තවත් අයෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. ත්‍රීරෝද රථයක් සහ මෝටර් රථයක් එකිනෙක ගැටිමෙන් ඊයේ රාත්‍රීයේ මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කලේ. අනතුරින් මියගොස් ඇත්තේ ත්‍රීරෝද රථයේ ගමන් ගත් 76 හැවිරිදි කාන්තාවක් සහ 64 හැවිරිදි පුද්ගලයෙකුයි. අනතුරෙන් පසු ත්‍රීරෝද රථය ගිනිගෙන ඇති බව සඳහන්. අනතුරෙන් තුවාල ලැබූ ත්‍රිරෝද රථයේසිටි තවත් කන්තාවක් දඹුල්ල රෝහලට ඇතුළත් කර ඇති අතර සිද්ධියට අදාළව මෝටර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තව කියවන්​න

ශ්‍රී ලංකාව වතු කම්කරු වැටුප රුපියල් 1700 දක්වා සියයට 70කින් ඉහළ දැමීම ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ඇගයීමට ලක්ව තිබෙනවා. ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ වාර්ශික ජාත්‍යන්තර කම්කරු සමුළුවට සහභාගී වෙමින් සිටින කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා, ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සමග විශේෂ සාකච්ඡාවක් පැවැත්වා තිබුනා. වතු කම්කරු වැටුප් ඉහළ දැමීමේ ක්‍රියාවලිය තුළදී ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ සමාජ සංවර්ධන මූලධර්මය පිළිපැදීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා මනුෂ නානායක්කාර අමාත්‍යවරයාට එහිදී සිය ප්‍රසාදය පිරිනමනු ලැබුවා. ජිනීවා නුවරදී මේ වන විට පැවැත්වෙන ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ, වාර්ශික ජාත්‍යන්තර කම්කරු සමුළුව අතරවාරයේදී අමාත්‍යවරයා සහ ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා අතර සාකච්ඡාව ඊයේ…

තව කියවන්​න

පාසල් ළමුන් පිරිසක් ගමන් ගත් බස් රථයක් වරකාපොල ප්‍රදේශයේදී ඇලකට පෙරලී අනතුරට ලක්ව තිබෙනවා. අනතුරින් තුවාල ලැබූ සිසුන් සඇතුළු මව්පියන් 13කු ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර ඇති බව සඳහන්. රියදුරුට නින්ද යාම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තාවන්නේ. වරකාපොළ පොලිසිය සිද්ධිය පිලිබඳ පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

තව කියවන්​න

මහරගම අපේක්ෂා රෝහලට ගමන් කරමින් තිබු ලංගම බස් රථයට ගල් ප්‍රහාරයක් එල්ල කල පුද්ගලයින් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පෞදිගලික බස් රථ රියදුරන් හා කොන්දෙස්තරවරුන් ඇතුළු හත් දෙනෙකු බව සඳහන්, ආනමඩුව ප්‍රදේශයේදී අදාළ පිරිස විසින් එම බස් රථයට මෙලෙස ගල් ප්‍රහාර එල්ල කර තිබුනා.

තව කියවන්​න

පිළියන්දල මහරගම ප්‍රධාන මාර්ගය ගොඩිගමුව වෙලමැද ප්‍රදේශයෙන් අවහිර කරමින් ජනතා විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා. විරෝධතාකරුවන් පවසන්නේ සුළු වර්ෂාවකදී පවා එම මාර්ගය ජලයෙන් යටවන බවයි. මෙම තත්වය වැලක්වීමට හෝ අවම කිරීමට බලධාරීන් මෙතෙක් කිසිඳු පියවරක් ගෙන නොමැති බවයි ඔවුන් පවසන්නේ. මෙම විරෝධතාව හේතුවෙන් මහරගම පිළියන්දල මාර්ගයේ රථවාහන ක්ධාවන කටයුතු අඩාල වී තිබෙනවා.

තව කියවන්​න

බස්නාහිර පළාතේ නිවාස සංවර්ධන අරමුදල යටතේ අඩු ආදායම්ලාභීන් සඳහා ලබාදෙන නිවාසාධාර මුදල් ප්‍රතිපාදන ඉහල දමා තිබෙනවා. බස්නාහිර පළාත් ආන්ඩුකාර රොෂාන් ගුණතිලක මහතා විසින් අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ මේ මස පළමුවනදා සිට එය බල පැවැත්වෙන පරිදියි. ඒ අනුව නව නිවසක් ඉදිකර ගැනීමට මෙතෙක් ලබාදුන් රුපියල් ලක්ෂ දෙකක උපරිම මුදල රුපියල් ලක්ෂ තුන දක්වා ඉහල දමා තිබෙනවා. එමෙන්ම නිවසක් වැඩි දියුණු කිරීම හෝ ඉතිරි වැඩ නිමකිරීමට මෙතෙක් ලබාදුන් රුපියල් ලක්ෂයක මුදල ලක්ෂ දෙක දක්වාද ඉහළ නංවා ඇති බව සඳහන්.

තව කියවන්​න