Author: accioAdmin

ඉදිරියේදී වාහන රක්ෂණ සහතිකය සහ ආදායම් බලපත්‍රයද රථවාහන සඳහා දුම් සහතික නිකුත් කරන ස්ථානවලදීම ලබා ගත හැකි ආකාරයේ වැඩසටහනක් සකස් කරන බව ප්‍රවාහන රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න මහතා පවසනවා. අමාත්‍යවරයා සඳහන් කරන්නේ වාර්ෂික බලපත්‍ර ලබා ගැනීමේදී වාහන හිමිකරුවන් මුහුණ දෙන අසීරුතා අවම කිරීම සඳහා මෙසේ එකම ස්ථානයකින් සහතික තුනම ලබාගැනීමේ පහසුකම් ඇති කරන බවයි. පදනම් ආයතනයේදී පැවැති උත්සවයකට එක්වෙමින් අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා මේ බව සඳහන් කලා.

තව කියවන්​න

මේ වසරේ ගතවූ කාලය තුළ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 600කට අධික ප්‍රමාණයක් නාවික හමුදාව විසින් සිය භාරයට ගෙන තිබෙනවා. රුපියල් මිලියන 9,460කට අධික වටිනාකමකින් යුත් අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය එලෙස සිය භාරයට ගෙන ඇති බව නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතා සඳහන් කළේ. මේ අතර බහුදින යාත්‍රාවක සූක්ෂම ලෙස සඟවා ප්‍රවාහනය කරමින් තිබූ රුපියල් මිලියන 3,250කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 131ක ප්‍රමාණයක් සමග සැකකරුවන් 06 දෙනෙකු පසුගිය 14 වනදා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

තව කියවන්​න

අධික උණුසුම හේතුවෙන් මක්කම නගරයේ හජ් වන්දනාවට ගොස් සිටින වන්දනාකරුවන් 06 දෙනෙකු මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මෙලෙස මියගොස් ඇති සය දෙනාම ජෝර්දාන වැසියන් බව සඳහන්. මක්කම නගරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 48 ඉක්මවා ඇති බවයි වාර්තාවන්නේ..

තව කියවන්​න

කළුතර ප්‍රදේශයේ පැවතී සංගීත ප්‍රසංගයක් අතරතුර පුද්ගලයකු ගෙල කපා ඝාතනය කර තිබෙනවා. මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ දොඩංගොඩ , ජන උදාන ගම්මානයේ පදිංචිව සිටී 20 හැවිරිදි තරුණයකු බව සඳහන්. අදාළ තරුණයා සංගීත ප්‍රසංගය අතර තුර කාන්තාවක් සමග නර්තනයේ දී තිබෙනවා. ඊට උරණ වූ අදාළ කාන්තාවගේ සැමියා විසින් මෙම ඝාතනය සිදු කර ඇති බවයි පොලිසිය සඳහන් කලේ.

තව කියවන්​න

රජය සතු ප්‍රාදේශීය වැවිලි සමාගම්වලට බදුදී තිබෙන වතුවල තිබෙන ඌන භාවිත ඉඩම්වල ඛනිජ ගවේෂණය සඳහා අවස්ථාව ලබාදීම සම්බන්ධයෙන් රාජ්‍ය වැවිලි ව්‍යවසාය ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ අවධානය යොමුව ඇතැයි සඳහන්. ඒ අනුව එම වතුවල තිබෙන අක්කර තුන්සියයකට වැඩි ඉඩම් කොටස් හඳුනාගෙන ආයෝජකයන්ගෙන් යෝජනා කැඳවා එම ඉඩම්වල අලුතින් තේ වගා කිරීම හෝ ඛනිජ නිස්සාරණය ඇතුළු විවිධ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා අවස්ථාව ලබාදීමටයි සැලසුම් කර ඇත්තේ. මෙම ආයෝජකයන්ට ඌන භාවිත ඉඩම් දීර්ඝ කාලීන බදු පදනම මත ලබාදීමට නියමිතයි.

තව කියවන්​න

විදෙස් ශ්‍රමිකයින් සඳහා ස්ථිර පදිංචිය ලබාදීමට ජපානය, තීරණය කර තිබෙනවා. විදෙස් ශ්‍රමිකයන්ගේ කුසලතා වර්ධනය ඉලක්ක කරගත්, තාක්ෂණික සීමාවාසික පුහුණු සංශෝධන පනතක් එරට පාර්ලිමේන්තුවේ දී වැඩි ඡන්දයෙන් ඊයේ සම්මත වුනා. මෙම සංශෝධිත නව පනත 2027 වසරේ සිට ජපානය තුළ බලාත්මක වනු ඇති. විදෙස් මාධ්‍ය සඳහන් කලේ එමඟින් සංක්‍රමණ පාලනය සහ සරණාගතයින් හඳුනාගැනීමේ, පෙර පැවති මූලික කරුණු ද, සංශෝධනය කර ඇති බවයි. මෙහි ප්‍රධාන අරමුණ වන්නේ වසර තුනක් ඇතුළත නිශ්චිත පුහුණු සේවකයකු ලෙස ජපානය තුළ රැකියා කිරීමට, විදේශිකයන් පුහුණු කිරීමයි. එමෙන්ම කොන්දේසිවලට යටත්ව, එකම ක්ෂේත්‍රයේ සේවා යෝජකයන් මාරු කිරීමට ද විදෙස් ශ්‍රමිකයින්ට අවසර හිමිවනු ඇති. මේ අතර නව පනත මගින්, ජපානයේ ස්ථිර…

තව කියවන්​න

අයි එස් අයි එස් සංවිධානයට සම්බන්ධ පුද්ගලයකු සමග සමීප සබඳතා පැවැත්වු පුද්ගලයෙකු මත්කුඩු සමඟ ඔරුගොඩවත්ත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉන්දියාවේ දී මරාගෙන මැරෙන ප්‍රහාරයකට සූදානම්ව සිටියදී අත්අඩංගුවට ගත් රවුෆ්ඩීන් නමැත්තා සමග සමීප සම්බන්දතා පැවැත්වූ අයෙක් බව සඳහන්. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකරු සතුව තිබී හෙරෝයින් ග්‍රෑම් 6යි මිලි ග්‍රෑම් 500ක් හා රුපියල් ලක්ෂ දෙකකට අධික මුදලක් ද පොලිස් විශේෂ කාර්ය බලකා භාරයට ගෙන තිබෙනවා.

තව කියවන්​න

මිනිස් පරිභෝජනයට නුසුදුසු සහල් කිලෝ 30,000 ක් ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයේදී සොයාගෙන තිබෙනවා. අදාල් සහල් තොගය රජයේ සහනාධාර වැඩ පිළිවෙල යටතේ ගලෙන්බිදුණුවැව ප්‍රදේශයේ ග්‍රාම නිලධාරි වසම් දෙකක පදිංචි අඩු ආදායම් ලාභීන් පිරිසකට බෙදාහැරිම සඳහායි ගෙනවිත් ඇත්තේ. එම සහල් තොගය රැගෙන ආ ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගත් අතර ඔහු වීරපුර,මනම්පිටිය ප්‍රදේශයේ පදිංචි 64 හැවිරිදි පුද්ගලයෙක් . මෙම සහල් ලොරිය ගලෙන්බිදුණුවැව ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට රැගෙන ආ අවස්ථාවේ එම සහල් තොගය බෙදා හැරිමට පෙර එහි ප්‍රමිතිය පිළිබඳව සොයා බලන ලෙස ප්‍රාදේශීය ලේකම්වරයා විසින් ගලෙන්බිදුණුවැව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිගෙන් ඉල්ලීම් කර තිබුනා. ඒ අනුව සිදුකළ පරික්ෂණයේ දි මෙම සහල් තොගය මිනිස් ආහාරයට නුසුදුසු බවට තිරණය කෙරුණු අතර…

තව කියවන්​න

දකුණු කොරියාවේ පැවැත්වෙන ආසියානු හෙල්ල විසිකිරීමේ ශූරතාවලියේ පිරිමි හෙල්ල විසි කිරීමේ තරගයේ රන් පදක්කම ‍‍දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් වී තිබෙනවා. ඔහු එහිදී නව තරග වාර්තාවක් මෙන්ම නව ශ්‍රී ලංකා වාර්තාවක් ද පිහිටුවනු ලැබුවා. රුමේෂ් පිරිමි හෙල්ල විසි කිරීම තරගයේ මීටර් 85.45 ක දක්ෂතාවයක් දක්වා තිබෙනවා. මේ අතර ආසියානු හෙල්ල විසිකිරීමේ ශූරතාවලියේදී ලෝකඩ පදක්කමක් දිනාගැනීමට ශ්‍රී ලංකාවේ නදීෂා දිල්හානි ලේකම්ගේ අද සමත්ව තිබෙනවා. ඒ, මීටර 57.94 ක දක්ෂතාවක් දක්වමින්. දකුණු කොරියාවේ පැවැත්වෙන මෙම තරගාවලියේදී හත්වන ස්ථානය ශ්‍රී ලංකාවේ ඩයනා මදුවන්තිට හිමිවූ අතර, ඇය දැක්වූ දක්ෂතාව මීටර 48.46 ක්.

තව කියවන්​න

රාජගිරිය රෝයල් පාක් ඝාතන සිද්දිය සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු නීතිමය ක්‍රියා පටිපාටිය විමසා නීතිපතිවරයාට ලිපියක් යොමු කළ බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසනවා. නීතිපතිවරයාගෙන් ලැබෙන උපදෙස් අනුව මේ සම්බන්ධයෙන් කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවයි මහජන ආරක්ෂක අමාත්‍යවරයා ප්‍රකාශ කළේ. 2005 වසරේ ජූලි මස 1 වැනිදා රාජගිරිය රෝයල් පාක් නිවාස සංකීර්ණයේදී ස්වීඩන් ජාතික ඉවෝන් ජොන්සන් නමැති තරුණිය කෲර ලෙස ඝාතනයට ලක් කර තිබුනා. එම චෝදනාවට වරදකරුවකු වී මරණීය දණ්ඩනය නියමවී සිටියදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් නිදහස් කෙරුණු ජූඩ් ශාමන්ත ජයමහ නැමැත්තා සම්බන්දයෙන් අනුගමනය කල යුතු නීතිමය ක්‍රියාපටිපාටිය විමසමිනුයි අදාළ ලිපිය යොමු කර ඇත්තේ. ජූඞ් ශ්‍රමන්ත ජයමහ නමැත්තා…

තව කියවන්​න