- මනුශ්‍ය ඝාතනයකට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට
- එක්ස්ප්‍රස් පර්ල් පෙත්සම් විභාගය ලබන සිකුරාදා දක්වා කල්යයි
- ශ්‍රී ලංකාවේ ගැටලු විසඳීමට එක්සත් ජාතින්ගේ සංවිධානයේ සහාය
- කොටස් වෙළදපොලේ අද දැවැන්ත කොටස් පහළ යාමක්
- ඉමාමි වාර්තා පිළි නොගන්නා බව සිරිල් ගාමිණී පියතුමන් කියයි
- ජනවාරි මාසයේදී සංචාරකයින්ගේ පැමිණීම ඉතිහාසගත වෙයි
- අමෙරිකානු තානාපති කාර්යාලය විසින් වීසා ඉල්ලුම් කරන අපේක්ෂකයින් සදහා විශේෂ දැනුම් දීමක්
- සුජීවට රු. මිලියන 250ක වන්දියක් ගෙවන්නැයි සී.බී ට නියෝගයක්
Author: accioAdmin
පළාත් සභා මැතිවරණය කල් දැමීමට කටයුතු කල පිරිස මේ වන විට 13වන සංශෝධණය පිලිබඳ උනන්දු වීම විහිළු සහගත තත්වයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු පෙන්වා දෙන්නේ රටේ අනාගතය වෙනුවෙන් දීර්ඝ කතිකාවතකට එළඹිය යුතු බවයි. රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලයට එක්වීමේ සූදානමක් ඇත්දැයි මෙහිදී මාධ්‍යවේදීන් විමසා සිටියා.
ආණ්ඩුවේ අදෘෂ්‍යමාන බලවේගයක් මැතිවරණ කොමිෂන් සභාවට බලපෑම් සිදුකරන බවට සැක මතුව ඇතැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබර් රහුමාන් මහතා පවසනවා. ඒ මහතා සඳහන් කරන්නේ මැතිවරණයක් පවත්වන බව සඳහන් කලද මෙතෙක් නිශ්චිත දිනයක් ප්‍රකාශයට පත්කර නොමැති බවයි. විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පල කළා. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කලේ මැතිවරණ පැවැත්වීම කල් දැමීම තුලින් තරුණ කැරලි මතුවීමේ ප්රවනතාවක් මතුවන බවයි.
පාස්කු දින ප්‍රහාරයේදී කොළඹ කිංග්ස්බරි හෝටල් පරිශ්‍රයට එල්ල වූ මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ,බෝම්බකරු මොහොමඩ මුබාරක් නමැති ත්‍රස්තවාදියාගේ බිරිද වන අයේෂා සිද්ධිකා සහ මොහොමඩ වසීම් ෆස්රුල් රහුමාන් යන සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. මෙම සැකකරුවන් දෙදෙනා සම්බන්ධ වන නඩුව කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (14) පෙරවරුවේ සලකා බැලීමෙන් අනතුරුව ඔවුන් ලබන 23 තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි නියෝග කළේ. සැකකරුවන් සම්බන්ධයෙන් නීතිපති උපදෙස් ලැබීමට නියමිත බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියා. එතෙක් මෙම සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කර තබන ලෙසයි ස්කයිප් තාක්ෂනය ඔස්සේ සැකකරුවන් නිරික්ෂණය කරමින් මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ. සිද්ධියේ අටවන සැකකරු සම්බන්ධයෙන් නීතිපති උපදෙස් කැදවන…
තම අසල්වැසියාගේ ගෙවත්තේ තිබූ අනුස්මරණ ගසක් කපා දැමීම හේතුවෙන් බ්‍රිතාන්‍ය ජාතිකයෙකුට තමා පදිංචි නගරයට ඇතුළු වීම වසර 15 ක් යනතෙක් තහනම් කිරීමට නොර්තැම්ප්ටන් මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. මෙලෙස දඬුවම් හිමිව ඇත්තේ 59 හැවිරිදි ඒඩ්‍රියන් ස්ටේයාර්ස් නම් බ්‍රිතාන්‍ය ජාතිකයෙකුටයි. මෙම පුද්ගලයාට වසර 15 ක තහනමට අමතරව සති 6 ක සිරදඬුවමක් නියම කිරීමටත් එය මාස 18 කට අත් හිටුවිමටත් අධිකරණය නියෝග කළා. එසේම තම අසල්වැසියා සමඟ සන්නිවේදනය කිරීමද තහනම් කර තිබෙනවා. දඬුවම නියම වීමෙන් පසු තමන් ගසක් කැපීමට නොව මිනීමැරුමකට වරදකරුවෙකු වූ බව දැනෙන බවයි ඔහු ප්‍රකාශ කර ඇත්තේ. ඒඩ්‍රියන් හට වයස 74 වන තෙක් බ්ලිස්වර්ත් නගරයට පැමිණිය නොහැකි අතර එසේ…
නවසීලන්තය දුම්වැටි තහනම් කරමින් නීති සම්පාදනය කර තිබෙනවා. ඒ අනුව 2009 වසරේ ජනවාරි පළමු වැනිදායින් පසු උපන් සියලු දෙනාට දුම්බීම තහනම් කරමින් සකස් කළ නව නීති පනත් කෙටුම්පතට නවසීලන්ත පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිවුණා. ඒ සමඟම දුම් වැටි සම්බන්ධයෙන්, දැඩි නීතියක් සම්මත කරන පළමු රට බවට නවසීලන්තය පත් වනවා. නවසීලන්තයේ දුම්පානය කිරීමේ අනුපාතය මේ වන විටත් අවම මට්ටමක පවතින බවයි විදෙස් වාර්තා පවසන්නේ. පසුගිය වසරේ නවසීලන්තයේ ජනගහනයෙන් දුම් පානය කළ පිරිස 9.4% ක් ලෙස පැවතියා. එය පසුගිය මාසයේ සියයට 8% ක් දක්වා පහල ගොස් තිබෙනවා. නව පනත් කෙටුම්පත තුළින් 2025 වසර වනවිට නවසීලන්තයේ දුම් පානය 5% ක් දක්වා අඩු කිරීම අපේක්ෂාවයි.
යුද්ධයෙන් පසුව ආර්ථිකය වෙනස් නොකිරීම හේතුවෙන් වර්තමානයේදී රට බංකොළොත් භාවයට පත්ව ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. කෙසේවෙතත් ආයෝජන අවස්ථා වැඩිකර ලබන වසර වනවිට ආර්ථිකය ඉදිරියට ගෙනයෑමට අපේක්ෂා කරන බවයි ජනාධිපතිවරයා පැවසුවේ. අද කඩවත ප්‍රදේශයේ පැවති ටොයොටා ආයතනයේ උත්සවයකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා .
රට දෙකඩ කිරීමට ආණ්ඩුව උත්සහ ගන්නා බවට පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා චෝදනා කරනවා. මේ මොහොතේ අවශ්‍යව ඇත්තේ සියලු ජාතීන් එක්ව රට ආර්ථික අර්බුදයෙන් ගලවා ගැනීම බවයි මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු පෙන්වා දුන්නේ. 75 වන නිදහස් දිනයට පෙර සියලු ජාතීන්ට එකඟ විය හැකි බලය බෙදීමකට යොමුවීම අත්‍යවශ්‍ය කරුණක් බව සර්ව පාක්ෂික හමුවක් කැඳවමින් ජනාධිපතිවරයා අවධාරණය කළා. ඒ අනුව සංහිඳියාව ඇති කළ හැකිදැයි තමන්ට දැනුම් දෙන ලෙසයි ජනාධිපතිවරයා සියලු දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටියේ. ජනාධිපති කාර්යාලයේ ඊයේ පස්වරුවේ පැවති මෙම රැස්වීමට ජාතික ජන බලවේගය නියෝජනය කරමින් කිසිවෙකු සහභාගී නොවූ අතර මන්ත්‍රීවරුන් වන විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල…
සංස්ථා සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 225කින් අඩු කර තිබෙනවා. අද (14) මධ්‍යම රාත්‍රී 12 සිට බලපැවැත්වෙන පරිදි සිමෙන්ති කොට්ටයක මිල පහල දැමීමට නියමිතයි. ඒ අනුව ඉන්සි සංස්ථා, ඉන්සි පෝට්ලන්ඩ් සිමෙන්ති කොට්ටයක නව මිල වනුයේ රුපියල් 2750ක්. මීට පෙර එම සිමෙන්ති කොට්ටයක මිල දැක්වූයේ රුපියල් 2975ක් ලෙසයි.
හෝමාගම පිටිපන නගරයේ පැවති විරෝධතාවයක් අතරතුර ඇති වූ ගැටුමකින් පසු අත්අඩංගුවට ගත් සිසුන් දෙදෙනා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. සැකකාර සිසුන් දෙදෙනා ලබන 27වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි හෝමාගම මහෙස්ත්‍රාත් නිලුපුලි ලංකාපුර මෙනවිය නියෝග කර ඇත්තේ. නීතිවිරෝධී රැස්වීමක් පැවැත්වීම, අයුතු ජන රාශිය, රාජකාරියට බාධා කිරීම සහ නවකවධ සිද්ධීන් සඳහා අනුබලදීම යන චෝදනා හතරක් යටතේ සැකකාර තරුණයින් දෙදෙනාට එරෙහිව හෝමාගම පොලිසිය මගින් අධිකරණය වෙත කරුණු වාර්තා කර තිබුණා, මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද්දේ බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ තුන්වන වසරේ ඉගෙනුම ලබන ශිෂ්‍යයන් දෙදෙනෙක්.
මේ මාසයේ ගතවූ දින කිහිපය තුල ඩෙංගු රෝගීන් 3200 දෙනෙකු වාර්තා වී තිබෙනවා. ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසන්නේ, පවතින වර්ෂාපතන තත්ත්වයත් සමග එම රෝගීන් වාර්තා වීම ඉහළ ගොස් ඇති බවයි. එම රෝගින් අතරින් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාරථා වන බවයි එම ඒකකය පවසන්නේ. එමෙන්ම කොළඹ, කළුතර, කල්මුණේ සහ යාපනය යන දිස්ත්‍රික්වලින් ද ඩෙංගු රෝගින් සැලකිය යුතු ගණනක් වාර්තා වී තිබෙනවා. සමස්තයක් ලෙස වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 71,000ක් පමණ වාර්තා වී ඇති බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222