Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    නීති විරෝධී මත්පැන් සහ ගෝඩා සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

    2026-08-19

    බන්ධනාගාර තුළ ඇතිවන ගැටළු හඳුනා ගැනීම සඳහා ඒකාබද්ධ යාන්ත්‍රණයක්

    2026-08-19

    දියේ ගිලීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    2026-08-19
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • නීති විරෝධී මත්පැන් සහ ගෝඩා සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට
    • බන්ධනාගාර තුළ ඇතිවන ගැටළු හඳුනා ගැනීම සඳහා ඒකාබද්ධ යාන්ත්‍රණයක්
    • දියේ ගිලීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට
    • 22 වන සංශෝධනයට එරෙහිව බහුජන බලයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්
    • හදිසි මෝටර් රථ පරීක්ෂාවකදී වාහන 28ක් තාවකාලිකව ධාවනයෙන් ඉවත් කෙරේ
    • එල්නිනෝ හේතුවෙන් සෞඛ්‍යයට දැඩි අවදානමක්
    • අධිවේගයේ ආසන පටි පැළදීම අනිවාර්යය කෙරේ
    • ඩෙංගු මරණ තවදුරටත් ඉහළට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, අගෝස්තු 20
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » දුෂණ විරෝධී පනතට පක්ෂ මෙන්ම විපක්ෂ අයත් ඉන්නවා

    දුෂණ විරෝධී පනතට පක්ෂ මෙන්ම විපක්ෂ අයත් ඉන්නවා

    2023-07-17කියවීමට මිනිත්තු 2ක් ගතවේ.38 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    දුෂණය අවම කරන්න නව දුෂණ විරෝධි පනතක් ගෙන එන බවත් ඒ පනතට පක්ෂව හා විපක්ෂව මත තිබෙන බවත් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසනවා

    එහිදී වැඩිදුරටත්  අදහස් දැක්වූ  ඒ මහතා ප්‍රකාශ කර සිටියේ අවංක මහජන නියෝජිතයෙක් නම් දුෂණ විරෝධි පනත තුන්වර කියවීමේ අවස්ථාවේ විරුද්ධ විය නොහැකි බවයි.

    අමාත්‍යවරයා මේ පිලිබදව අදහස්  පළකලේ තිස් තුන්වන ජාතික සමථ දින සැමරුම් උත්සවය වෙනුවෙන් වු විශේෂ සැමරුම්ට අධිකරණ අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී  සහභාගී වෙමිනි.

    දැනට ලංකාවේ අධිකරණවල නඩු එකොලාස් ලක්ෂ විසි හත් දහසක් තිබෙන බවත් පසුගිය වසර හය තුල සමථ මණ්ඩල සදහා යොමු වු නඩුත් අධිකරණවලට යොමු වු වා නම් තවත් නඩු ලක්ෂ තුනක්වත් අධිකරණවල ගොඩ ගැසීමට ඉඩ තිබු බවත් ඒ මහතා වැඩිදුරත් සදහන් කර තිබෙනවා

    එහිදී අදහස් දැක්වූ ඒ මහත මෙලෙසද අදහස් ප්‍රකාශ කර සිටියා

    “අල්ලස්  කොමිෂන් සභාව තිබෙන්නේ මෝරු අල්ලන් නෙමෙයි, හාල්මැස්සන් අල්ලන්න කියලා මතයක් පවතිනවා. ඒ නිසා අපි දුෂණය අවම කරන්න නව දුෂණ විරෝධි පනතක් ගෙනාවා. ඒ පනතට සමහරු පක්ෂයි, සමහරු විපක්ෂයි, ආණ්ඩුවේ ඉන්න සමහර අයත් පක්ෂයි, සමහරු විපක්ෂයි, විපක්ෂයේ ඉන්න අය සාමාන්‍යයෙන් දුෂණයට විරුද්ධයි, නමුත් ආණ්ඩු පක්ෂයට ආවහම ඒ විරෝධය නැතිව යනවා. අපි ආණ්ඩුවේ ඉදන් දුෂණ විරෝධි පනත ගෙනාවා, දේශපාලඥයින් දුෂිතයි, රාජ්‍ය නිලධාරීන් දුෂිතයි කියලා මුළු රටම කථා කරනවා. නමුත් ඒ වෙනුවෙන් කරන්න ඕන විකල්පය කුමක්ද කියලා කිසිම කෙනෙක් කථා කරන්නේ නැහැ. දේශපාලඥයින්ට තනතුරු සදහා එන්න තිබෙන ක්‍රමයම දුෂිතයි, මේ රටේ මැතිවරණ ක්‍රමය දුෂිතයි, මැතිවරණ ක්‍රමය වෙනස් කරන්න අපි උත්සාහ කරනවා. ඒ සදහා මැතිවරණ වියදම් සීමා කිරීමේ පනත අපි ගෙනාවා. විවාදයට ගන්න කොට සියලු දෙනා පක්ෂව කථා කළා , නමුත් පාර්ලිමේන්තු ඡන්දයේදී විපක්ෂය විරුද්ධ වුණා. අපි දුෂණ විරෝධි පනත් කෙටුම්පත දින දෙකක් විවාද කළා. දැන් අනිද්දා තුන්වන වර කියවීම හෙවත් කාරක සභා අවස්ථාව තිබෙනවා. පක්ෂ විපක්ෂ භේදයෙන් තොරව යම්කිසි මහජන නියෝජිතයෙක් අවංකවම ජනතාවට සේවය කරන්න මන්ත්‍රි ධුරය ලබා ගෙන තිබෙනවා නම් මේ පනතට විරුද්ධ වෙන්න බැහැ.හැමෝම කියනවා ක්‍රමවේදය වෙනස් කරන්න ඕන කියලා, අපි ඒ ක්‍රමය වෙනස් කිරීමට කටයුතු කරමින් ඉන්නේ. අපි අධිකරණ අමාත්‍යාංශය ලෙස වගකීම ඉටු කරනවා”.

    දුෂණ විරෝධි පනත
    පෙර පුව​තමුල්‍ය වංචාවකට සම්බන්ධ රාජ්‍ය නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට
    ඊළඟ පුව​ත ඉසුරු සොයා සෞදි ගිය කත අල්පෙනිති කටු සමග දිවයිනට

    සබැ​ඳි පුවත්

    නීති විරෝධී මත්පැන් සහ ගෝඩා සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

    බන්ධනාගාර තුළ ඇතිවන ගැටළු හඳුනා ගැනීම සඳහා ඒකාබද්ධ යාන්ත්‍රණයක්

    දියේ ගිලීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    22 වන සංශෝධනයට එරෙහිව බහුජන බලයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

    හදිසි මෝටර් රථ පරීක්ෂාවකදී වාහන 28ක් තාවකාලිකව ධාවනයෙන් ඉවත් කෙරේ

    එල්නිනෝ හේතුවෙන් සෞඛ්‍යයට දැඩි අවදානමක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    නීති විරෝධී මත්පැන් සහ ගෝඩා සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

    2026-08-19

    බන්ධනාගාර තුළ ඇතිවන ගැටළු හඳුනා ගැනීම සඳහා ඒකාබද්ධ යාන්ත්‍රණයක්

    2026-08-19

    දියේ ගිලීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    2026-08-19

    22 වන සංශෝධනයට එරෙහිව බහුජන බලයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

    2026-08-19
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකාව ලකුණු 288 ක් පසුපසින්

    2026-08-19

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    2026-08-17

    බංග්ලාදේශයට කඩුලු 9ක විශිෂ්ට ජයක්

    2026-08-16
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group