Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    නීති විරෝධී මත්පැන් සහ ගෝඩා සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

    2026-08-19

    බන්ධනාගාර තුළ ඇතිවන ගැටළු හඳුනා ගැනීම සඳහා ඒකාබද්ධ යාන්ත්‍රණයක්

    2026-08-19

    දියේ ගිලීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    2026-08-19
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • නීති විරෝධී මත්පැන් සහ ගෝඩා සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට
    • බන්ධනාගාර තුළ ඇතිවන ගැටළු හඳුනා ගැනීම සඳහා ඒකාබද්ධ යාන්ත්‍රණයක්
    • දියේ ගිලීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට
    • 22 වන සංශෝධනයට එරෙහිව බහුජන බලයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්
    • හදිසි මෝටර් රථ පරීක්ෂාවකදී වාහන 28ක් තාවකාලිකව ධාවනයෙන් ඉවත් කෙරේ
    • එල්නිනෝ හේතුවෙන් සෞඛ්‍යයට දැඩි අවදානමක්
    • අධිවේගයේ ආසන පටි පැළදීම අනිවාර්යය කෙරේ
    • ඩෙංගු මරණ තවදුරටත් ඉහළට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, අගෝස්තු 20
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ඉසුරු සොයා සෞදි ගිය කත අල්පෙනිති කටු සමග දිවයිනට

    ඉසුරු සොයා සෞදි ගිය කත අල්පෙනිති කටු සමග දිවයිනට

    රංජිත් රාජපක්ෂ - හැටන්
    2023-07-17කියවීමට මිනිත්තු 3ක් ගතවේ.46 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    සෞදි අරාබියේ ගෘහ සේවය සඳහා ගිය එක් දරු මවකට එම රටේදි ශරිරයේ විවිධ ස්ථානවලට අල්පෙනිති කටු ගසා වද හිංසා පමුණුවා ඇති බවට එම කාන්තාවගේ සැමියා වන නාගරාජන් අජිත්කුමාර් විසින් (16) දින ආගරපතන පොලිසියට පැමිණිල්ලක් කර තිබෙනවා.

    මෙසේ අල්පෙනිති කටු ගසා වද හිංසාවට ලක් වි ඇත්තේ ආගරපතන පොලිස් වසමට අයත් තලවකැලේ ලිදුල ගැනිගල් වත්තේ හෙන්ෆෝල්ඩ් වත්තේ පදිංචි වි.සිවරංජනි (30) හැදිරි එක්දරු මවයි.

    තම නිවසේ පවතින දැඩි ආර්ථික අපහසුතා හේතුවෙන් ඉකුත් මස :17* දින කොළඹ ප්‍රදේශයේ පිහිටි විදේශ රැකියා එජන්සියක් මාර්ගයෙන් තම බිරිද සෞදි අරාබියේ ගෘහසේවයට යැවු බවත්ල එහිදි එම රටේ භාෂාව නොදැනිම හේතුවෙන් තම බිරිදට එම නිවසේ හිමිකාර කාන්තාව ඇයට අවස්තා කිහිපයකදි පහර දි අල්පෙනිති කටු ගසා දැඩි ලෙස වද හිංසාවට ලක් කර ඇති බවයි ඇයගේ සැමියා අප ප්‍රාදේශීය වාර්තාකරු වෙත කියා සිටියේ.

    ඇයට පහර දි ශරිරයේ අල්ලට , කලවා ප්‍රදේශයට මෙන්ම විවිධ ප්‍රදේශවලට දරුණු ලෙස පහර දි වස හිංසා ලබාදෙන බවට බිරිද විසින් තමන්ට දුරකථනය ඔස්සේ දැනුම් දිමෙන් පසු ඇයව සෞදි අරාබියේ ගෘහසේවයට යැවු විදේශ රැකියා එන්ජිය වෙත කිහිප වරක් දැනුම් දිමෙන් පසු ඇය මෙරටට ගෙන්වා ගැනිමට රු ලක්ෂ 10 ක මුදලක් එම එජන්සි හිමිකරුවන් තමන්ගෙන් ඉල්ලු බවයි සැමියා කියා සිටියේ .

    මේ සම්බන්ධයෙන් අදහස් දැක් වු වි.සිවරංජනි මෙසේ කියා සිටියා.

    “ගෙදර ආර්ථික ප්‍රශ්න නිසා තමයි මම සෞදි අරාබියේ රැකියාවට ගියේ සෞදි ආරබියේ රියාත් නගරයේ ගෙදරක තමයි මම වැඩ කලේ, ගිය දවසේම මට ගොඩක් වැඩ දුන්නා කරන්න,ඊට පසුදින මට ඉනිමක් දිලා උඩ නැගලා නිවස සුද්ද කරන්න කිව්වා.

    මම වැඩ කරනකොට ඉනිමග ලිස්සලා මම වැටිලා ඔළුව වැදුණා , මට අමාරු වුණා ඊට පස්සේ පැයක් විවේක අරන් වැඩ කරන්න කිව්වා, මම අමාරුවෙන් වැඩ කරා , මට දිගටම හිරිහැර වුණා.

    මට කිව්වා අවුරුදු තුනක් මොනවා වුනත් අපි ගාව වැඩ කරනවා කියලා ලිවුමක් ලියලා දෙන්න කියලා , ඊට පස්සේ මට ගෙදරට කතා කරන්න කෝල් එකක් අරන් දුන්නා.

    ගෙදරින් මට කිව්වා එහෙම ලිවුම් වලට අත්සන් කරන්න එපා කියලා, පස්සේ මගේ මහත්තයා මාව ගෘහ සේවයට යවපු එජන්සියට ගිහින් කිව්වා මාව ආපහු ලංකාවට ගෙනල්ලා දෙන්න කියලා.

    ඒ අය රු ලක්ෂ 10 ක් ඉල්ලලා තිබුණා , අපි ගාව එච්චර සල්ලි නැ , මහත්තයා ගුවන් ටිකට්පත් සදහා ලක්ෂ දෙකක් දෙන්න කිව්වා , එකට මහත්තයට ඒජන්සියෙන් බැනලා තිබුණා.

    දවසක් මම නාලා එනකොට ගෙදර අයිතිකාර ගැහැණු කෙනා මාව අල්ලගෙන අල්පෙනිති ඇන්නා , ඊට පස්සේ මම එයා එක්ක රණ්ඩු වුනත් මට පොර බදන්න ශක්තියක් තිබුණේ නැ , මට සිහිය නැති වුණා.

    පහුවදා මට සිහිය එනකොට මගේ ඇගම වේදනාවක් ආවා , පස්සේ මම ඒ ගැන ලංකාවෙන් ගෘහ සේවයට ගිහින් ඉන්න අපේ ඥාතියෙකුට කිව්වා.

    එයා අරාබි භාෂාවෙන් ගෙදර ගැහැණු කෙනාට කතා කරලා කිව්වා මම ඔයගොල්ලොන්ගේ ගෙදර වැඩට එන්නම් නංගිව ලංකාවට යවන්න කියලා.

    ඊට පස්සේ මාව ලංකාවේ තනාපති කාර්යාලයට ගෙනල්ලා දැම්මා ,තනාපති කාර්යාලයේ හිටපු කෙනෙක් මගේ ඇගේ සැරව ගෙඩියක් තියෙනවා දැකලා , ඒක මිරිකන්නද ඇහුවා , මම හා කිව්වා ඒක මිරිකද්දි අල්පෙනිත්තක් එලියට ආවා.

    ඊට පස්සේ මගේ ශරිරය පුරා තුවාල තිබුණි නිසා ඊට පහුවදාම මාව ලංකාවට එව්වා , මම ලංකාවට ඇවිල්ලා නුවරඑලිය මහ රෝහලට ගිහින් ප්‍රතිකාර ගන්න ගියපු වෙලාවේ රෝහලෙන් ඇගේ ඇණලා තිබුණු අල්පෙනිති කටු දෙකක් එලියට ගත්තා.

    තවත් කටු කිහිපයක් ඇගේ තියෙනවා කියලා ආයේ දවසක ඇවිල්ලා රෝහල් ගත වෙන්න කිව්වා , අපි හරි දුප්පත් , මෙවැනි එජන්සි වලින් රට යන්න එපා මට වුණ වෙන කාටවත් විය යුතු නැහැ ”

    http://vnews.lk/wp-content/uploads/2023/07/Ajithkumar-Voice-Cut.mp3 http://vnews.lk/wp-content/uploads/2023/07/V.Sivaranjani-Voice-Cut.mp3

    පෙර පුව​තදුෂණ විරෝධී පනතට පක්ෂ මෙන්ම විපක්ෂ අයත් ඉන්නවා
    ඊළඟ පුව​ත අපි විරෝධය පළ කරනවා

    සබැ​ඳි පුවත්

    නීති විරෝධී මත්පැන් සහ ගෝඩා සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

    බන්ධනාගාර තුළ ඇතිවන ගැටළු හඳුනා ගැනීම සඳහා ඒකාබද්ධ යාන්ත්‍රණයක්

    දියේ ගිලීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    22 වන සංශෝධනයට එරෙහිව බහුජන බලයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

    හදිසි මෝටර් රථ පරීක්ෂාවකදී වාහන 28ක් තාවකාලිකව ධාවනයෙන් ඉවත් කෙරේ

    එල්නිනෝ හේතුවෙන් සෞඛ්‍යයට දැඩි අවදානමක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    නීති විරෝධී මත්පැන් සහ ගෝඩා සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

    2026-08-19

    බන්ධනාගාර තුළ ඇතිවන ගැටළු හඳුනා ගැනීම සඳහා ඒකාබද්ධ යාන්ත්‍රණයක්

    2026-08-19

    දියේ ගිලීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    2026-08-19

    22 වන සංශෝධනයට එරෙහිව බහුජන බලයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

    2026-08-19
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකාව ලකුණු 288 ක් පසුපසින්

    2026-08-19

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    2026-08-17

    බංග්ලාදේශයට කඩුලු 9ක විශිෂ්ට ජයක්

    2026-08-16
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group