
ජාතික තරුණ සේවා සභාව සංවිධානය කරන 2026 ජාතික යොවුන් ක්‍රීඩා උළෙලේ කබඩි තරගාවලියේ විනිශ්චයට සිය සම්මේලනයේ විනිසුරුවන් සහභාගි වීමෙන් වැළකී සිටිය යුතු බවට ශ්‍රී ලංකා කබඩි සම්මේලනය එහි ලියාපදිංචි ශ්‍රේණිගත කබඩි විනිසුරුවන්ට නිල වශයෙන් දැනුම්දී තිබෙනවා. එහිදී කබඩි සම්මේලනයේ වැඩ බලන ලේකම් ජයවීර ජයසුන්දර මහතා සියලුම දිස්ත්‍රික් කබඩි සංගම් හා ක්‍රීඩා සමාජ වෙත ලිඛිතව දැනුම්දී ඇත්තේ තරග විනිශ්චය කිරීමේදී සම්මේලනයේ තාක්ෂණික කමිටුවේ හා පළාත් අධීක්ෂණ නිලධාරීන්ගේ නිසි අවසරයකින් පමණක් ඒ සදහා සහභාගි විය යුතු බවයි. එමෙන්ම ජාතික තරුණ සේවා සභාවේ කබඩි තරගාවලියේ විනිශ්චයට එවැනි අවසරයක් සම්මේලනයෙන් ලබා ගෙන නොමැති බවද එහි දැක්වෙනවා. සම්මේලනයේ ලිපි ශීර්ෂ ව්‍යාජ අන්දමින් ඉහත තරගාවලිය සදහා යොදා ගෙන ඇති බවත් එසේ තරගාවලියට සහභාගි වන විනිසුරුවන්ට එරෙහිව වින්‍යානුකූළව කටයුතු කරන බවත් වැඩ බලන ලේකම්වරයාගේ නිවේදනයේ වැඩි දුරටත් සදහන්ව තිබෙනවා. මෙවර තරුණ සේවා කබඩි තරගාවලිය ජූලි 11 සහ 12 යන දිනවල මාතර කොටවිල ගෘහස්ථ පිටියේදී පැවැත්වෙනවා.














