
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාට එරෙහිව ඇති නඩුව ලබන සැප්තැම්බර් මස 30 වනදාට කැඳවන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කළා. ඒ, මෙම නඩුකරය අද කොළඹ කොටුව මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදියි. 2023 වසරේ බ්‍රිතාන්‍යයේ පැවැති බිරිඳගේ උපාධි ප්‍රධාන උත්සවයට සහභාගි වෙමින් රාජ්‍ය මුදල් අවභාවිතා කිරීමේ චෝදනාවට මොවුන් දෙදෙනාව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා.














