
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුද්ගලික ලේකම් වශයෙන් කටයුතු කළ සුගීශ්වර බණ්ඩාර මහතාගේ ඇප ඉල්ලීම කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.
මෙම සැකකරුට ඇප ප්‍රදානය කිරීමට තරම් සුවිශේෂී කරුණු ඉදිරිපත් වී නොමැති බැවින් ඔහුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බවයි කොළඹ කොටුව මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා නියෝග කළේ.
ඒ අනුව සැකකරු ලබන 22 වෙනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියම කළා.














