
මීගමුව බන්ධනාගාර ගැටුමින් බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර සිටි බන්ධනාගාර නියාමකවරයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඒ අනුව ගැටුමින් මියගිය සමස්ත පුද්ගලයින් ගණන 28 දක්වා ඉහළ ගොස් ඇති බවයි පොලිසිය සදහන් කළේ. පසුගිය 6 වෙනිදා උදෑසන දෙවන වරටත් මීගමුව බන්ධනාගාරය තුළ ඇති වූ ගැටුම් හේතුවෙන් බන්ධනාගාර විශේෂ උපක්‍රමික ඒකකයේ නිලධාරීන් 7දෙනෙකුට දිවි අහිමි වුණා. ඒ, බන්ධනාගාර රැඳවියන්ගේ අමානුෂික පහරදීම් හමුවේයි.














