
ශ්‍රී ලංකා පොලිසිය දිවයින පුරා ක්‍රියාත්මක කළ දෛනික විශේෂ සෝදිසි මෙහෙයුමකදී සැකකරුවන් 652 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අනුව ඊයේ දිනය තුළ පුද්ගලයින් 26,377 දෙනෙකු පරික්ෂාවට ලක් කර ඇති බවයි වාර්තා වන්නේ.
සැකකරුවන් අතර අපරාධ වලට සෘජුව සම්බන්ධ වූ 25 දෙනෙකු සහ විවෘත වරෙන්තු මත 129 දෙනෙකු සිටින බව පොලිසිය නිවේදනය කරන්නේ.
එමෙන්ම , බීමත්ව රිය පැදවීමේ චෝදනා මත පුද්ගලයින් 53 දෙනෙකු සහ අපරික්ශාකාරී රිය පැදවීමේ චෝදනා යටතේ පුද්ගලයින් 129 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ රථ වාහන නීති උල්ලංගණය සම්බන්ධයෙන් 4,249 දෙනෙකුට එරෙහිව නීතිමය පියවර ගෙන ඇති බවයි.














