
අමෙරිකානු මහ බැංකුව වන ෆෙඩරල් සංචිතය විසින් වසර තුනකට අධික කාලයකට පසු ප්‍රථම වතාවට පොලී අනුපාතික ඉහළ නංවා තිබෙනවා. ඒ ඉහළ යන උද්ධමනය පාලනය කර, මිල ගණන් ස්ථාවර මට්ටමක පවත්වා ගැනීමේ අරමුණින් යුතුවයි.
ඒ අනුව, 3.5% ත් 3.75% ත් අතර පැවති පොලී අනුපාතික සීමාව 3.75% ත් 4% දක්වා ඉහළ නැංවීමටයි ෆෙඩරල් සංචිතය එකඟතාව පළ කර ඇත්තේ. පොලී අනුපාතික අඩු කරන ලෙස ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දැඩි ලෙස බලපෑම් කළද, මහ බැංකු මණ්ඩලය ඒකමතිකව මෙම තීරණයට එළඹීම විශේෂත්වයක්.














