
ලෝක හෙල්ල විසිකිරීමේ ශූර රුමේෂ් තරංග හට නව හෙල්ල කට්ටලයක් ලබා දීමට කටයුතු කරන බව ක්‍රීඩා අමාත්‍යා සුනිල් කුමාර ගමගේ මහතා පවසනවා. අල්ටිමේට් සහ ඩයමන්ඩ් ලීග් ශූරතා දිනාගනිමින් දිවයිනට පැමිණෙන අතරවාරයේදී රුමේෂ් තරංගගේ හෙල්ල 5කට දැඩි අලාභහානි සිදුව තිබුණා. මේ සම්බන්ධයෙන් අදාළ ගුවන් සමාගම වගකීම බාර ගතයුතු බවත් ඒ සම්බන්ධයෙන් ලිඛිත වාර්තා කිරීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා අවධාරණය කර තිබෙනවා. අල්ටිමේට් සහ ඩයමන්ඩ් ලීග් ශූරතා දිනාගනිමින් රුමේෂ් තරංග ඊයේ අලුයම දිවයිනට පැමිනියා.














