
ආසියානු රටවල් සඳහා වන 15 වැනි අයි .එම් .එෆ් – ජපාන ඉහළ පෙළේ බදු සමුළුව අද ආරම්භ වනවා. හෙට දක්වා පැවැත්වෙන මෙම සමුළුවට සහභාගි වීම සඳහා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මහතාද ජපානය බලා පිටත්ව ගොස් තිබුණා.
ආසියානු කලාපයේ බදු ප්‍රතිපත්ති සහ බදු පරිපාලනය පිළිබඳ අවධානය යොමු කෙරෙන මෙම සමුළුව සඳහා ප්‍රතිපත්ති සම්පාදකයන්, ජ්‍යෙෂ්ඨ බදු නිලධාරීන් සහ ජාත්‍යන්තර විශේෂඥයන් රැසක් එක්වනවා.














