
දිවියට සවියක් නිවාස ආධාර වැඩසටහනේ පළමු අදියර අද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත් වෙනවා. 2026 අයවැය යෝජනා අනුව වෙන් කරන ලද ප්‍රතිපාදන යටතේ කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය සහ පරිවාස හා ළමා රක්ෂණ සේවා දෙපාර්තමේන්තුව එක්වයි මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබන්නේ. මේ යටතේ එක් ප්‍රතිලාභියෙකු සඳහා උපරිම රුපියල් ලක්ෂ 20ක ආධාර මුදලක් ලබාදීමට නියමිතයි. දිවයින පුරා සුදුසුකම් ලබන ප්‍රතිලාභීන් සඳහා මෙම ආධාරය ලබාදීමට කටයුතු කෙරෙනවා.














