
ජනතාවට නිරෝගී සම්පන්න ජිවිතයක් ලබා දීම රජයේ මුලික අරමුණක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ඒ සදහා අවශ්‍ය කටයුතු රැසක් මේ වන විටත් සිදු කර ඇති බවයි එහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් සදහන් කලේ. ජනාධිපතිවරයා මේ බව පැවසුවේ අනුරාධපුර ශික්ෂණ රෝහලේ හෘද රෝග සහ හෘද උරස් ශල්‍ය වෛද්‍ය සංකීර්ණ ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ආරම්භ කිරීමේ අවස්ථාවට එක් වෙමින්.














