
කඹුරුගොඩ තේක්කවත්ත ප්‍රදේශයේ ඉදිකරමින් පවතින නිවසකට ගෙනවිත් තිබූ ඉදිකිරීම් උපාංග තොගයක් සොරාගත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම උපාංහ රුපියල් ලක්ෂ 12ක් පමණ වටිනාකමකින් යුක්ත වන බවයි පොලීසිය සඳහන් කළේ. සැකකරුවන් සොරාගත් භාණ්ඩවලින් කොටසක් විකුණා ඇති බවද වාර්තා වනවා.














