
මොනරාගල, හම්බෙගමුව ප්‍රදේශයේ සිදුකළ විශේෂ වැටලීමකදී ප්‍රවාහනයට සූදානම් කර තිබූ ගංජා තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. එහිදී ගංජා කිලෝග්‍රෑම් 1044යි ග්‍රෑම් 180ක් සිය භාරයට ගත් බවයි පොලීසිය සඳහන් කළේ. එම ගංජා තොගය රුපියල් හත්කෝටි තිස්හත් ලක්ෂ අසූ දහසක් පමණ වටිනාකමකින් යුක්ත වන බවයි වාර්තා වන්නේ.














