
ඇහැලියගොඩ ප්‍රදේශයේ ගල්පොත්තහේන වැවේ දිය නාමින් සිටි පුද්ගලයෙකු දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ 22 හැවිරිදි මීගහවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි සඳහන් වන්නේ.
මියගිය පුද්ගලයා තවත් මිතුරන් සිව්දෙනෙකු සමඟ වැවේ දියනාමින් සිටියදී මෙලෙස අනතුරට ලක්ව ඇති බව අනාවරණය වනවා.














