
ඊසානදිග එංගලන්තයේ සිදු වූ අනතුරකින් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඇතුළුව පුද්ගලයින් හත් දෙනෙකු මියගොස් තිබෙනවා. ප්‍රධාන මාර්ගයක වැරදි පසින් ධාවනය වූ මෝටර් රථයක්, පොලිස් සන්නද්ධ ප්‍රතිචාර රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබුණා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මෙම අනතුරින් රථ දෙකෙහිම ගමන් කළ සියලුම දෙනා එම ස්ථානයේදි ම මිය ගිය බවයි. එමෙන්ම මෝටර් රථයේ ගමන් කළ මගීන් කවුරුන්දැයි නිල වශයෙන් හඳුනාගෙන තිබෙනවා. මියගිය පොලිස් නිලධාරීන් දෙදෙනා 37 සහ 38 විහෙයි පසු වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.














