රුසියාවට නැගෙනහිර දෙසින් වන මුහුදු ප්‍රදේශයේ අද අලුයම භූකම්පනයක් සිදුව තිබෙනවා.
රික්ටර් මාපකයේ ඒකක 7 ක ප්‍රභලත්වයකින් යුතුව මෙම භූ කම්පනය හටගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
මෙම භූ කම්පනයත් සමග අමෙරිකානු ජාතික සුනාමි අනතුරු ඇගවීමේ මධ්‍යස්ථානය මගින් සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කළ ද පසුව එය සුනාමි තත්ත්වයක් නොවන බවට දැනුම් දී තිබෙනවා.
පැසිපික් සාගරයේ භූ කම්පන ක්‍රියාකාරී තීරයක මෙම භූ කම්පනය හටගෙන ඇති අතර පළමු භූ කම්පනයෙන් පසුව පසු කම්පන කිහිපයක් ද සිදුව ඇති බව සදහන්.
මෙම මුහුදු ප්‍රදේශයේ සක්‍රීය ගිනි කඳු කිහිපයක් ද පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.