ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර යන මහත්වරුන්ට එරෙහිව බස්නාහිර පළාත් සිවිල් අභියාචනා මහාධිකරණය විසින් අද අතුරු තහනම් නියෝගයක් නිකුත් කරනු ලැබුවා.
අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දැරූ තනතුරුවලින් ඉවත් කිරීමට ගෙන ඇති තීරණය වළක්වාලමිනුයි මෙම අතුරු තහනම් නියෝගය නිකුත් කර ඇත්තේ.
අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් ගොනුකළ අභියාචනා පෙත්සමක තීන්දුව දෙමින් ෆ්‍රැන්ක් ගුණවර්ධන හා විනිසුරු එම්. බී. චමත් මොරායස් යන විනිසුරු මඩුල්ලක් විසින් මෙම අතුරු තහනම් නියෝගය නිකුත් කරනු ලැබුවා.
උණුසුම් පුවත්
- ගිනි අවිය තුනක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
- සුරාබදු නිලධාරීන් පහක් CID අත්අඩංගුවට
- වතු ජනතාවට අපහාස කළ වතුකරයේ කාන්තාවකට එරෙහිව විරෝධතාවයක්
- බගවන්තලාවට මල් තුහින පතිත වෙයි
- හැටන් කොටගල ආදාහනාගාරය ගැන පක්ෂ විපක්ෂ සභිකයින්ගෙන් චෝදනාවක්
- ප්‍රදේශ දෙකකින් නාඳුනන මළ සිරුරු තුනක්
- පතලක් කඩා වැටී තරුණයෙක් මරුට
- ගංජා හේනක් වටලා තිදෙනෙක් අල්ලයි













