හොංකොං සික්සර්ස් ක්රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ තරග අද පැවැත්වෙනවා.
ඒ අනුව අර්ධ අවසන් පුර්ව වටයේ පළමු තරගයට එක් වන්නේ සත්කාරක හොංකොං කණ්ඩායම සහ ඔස්ටේ්රලියානු කණ්ඩායමයි.
ළහිරු සමරකෝන්ගේ නායකත්වයෙන් යුත් ශ්රී ලංකා කණ්ඩායම පළමු වටයේ සහභාගී වූ තරග දෙකම ජය ගනිමින් අර්ධ අවසන් පූර්ව වටය සදහා සුදුසුකම් ලැබුවා.
ඔවුන් අර්ධ අවසන් පූර්ව වටයේ සහභාගී වන තරගය නේපාලයට එරෙහිව ශ්රී ලංකා වේලාවෙන් අද පස්වරු 1.20ට ආරම්භ වීමට නියමිතයි.